Monday, December 13, 2010

වෘත්තීය සමිති මහා සම්මේලනය මැයි දිනය සමරයි

වෘත්තීය සමිති මහා සම්මේලනය මැයි දිනය සමරයි


වෘත්තීය සමිති මහා සම්මේලනය මෙවර මැයි දිනය කොළඹ විශාල ජන සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් යුතුව සමරන ලදි. පෙලපාලිය කෙළඹ පෞද්ගලික බස් නැවතුම් පල ඉදිරිපිටින් ගමන් ආරම්භ කළ අතර රැලිය මාලිගාවත්ත පී.ඞී. සිරිසේන කි‍්‍රඩාංගනයේදී පවත්වන ලදී.


මෙම මෙ මැයි රැලිය සදහා රාජ්‍ය. පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශවල පහත සදහන් වෘත්තීය සමිති සහාභාගි විය.

* සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය
* නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය
* තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය
* ලංකා ගුරු සංගමය
* රජයේ මුද්‍රණ ශීල්පීන්ගේ සංගමය
* සුහද වරාය සේවක සංගමය
* රජයේ හෙද නිළධාරින්ගේ සංගමය

* සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය
* ශ‍්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය
* රජයේ කීට විද්‍යා සහකාර නිළධාරීන්ගේ සංගමය
* රජයේ දන්ත ශීල්පීන්ගේ සංගමය
* රජයේ විද්‍යුත් නිකර්පණ රේඛන ශීල්පීන්ගේ සංගමය


මැයි රැලියේ දී අදහස් දැක්වු සම්මේලනයේ මහ ලේකම් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සංධානයේ සභාපති සමන් රත්නපි‍්‍රය සහෝදරයා…


මෙම මැයි රැලිය රාජ්‍ය පෞද්ගලික අංශවල දේශපාලන පක්ෂ වලට සෘජුව සම්බන්ධ නැති ස්වාධීන වෘත්තීය සමිති එක්රැස්වී පවත්වනු ‍ඓතිහාසික මැයි රැලිය බැවින් කම්කරු පන්තියේ අයිතීන් වෙනුවෙන් හඩ නගන එකම මැයි දින වේදිකාව මෙය බවත් පවසන ලදී.

ආණ්ඩුව ජානාධිපති වරණයට පෙර රු2500/- කින් වැටුප් වැඩිකරණ බවට වු පොරොන්දුව අමතක කරන්නට සූදානම් වන නිසා එයට එරෙහිව සටන් ක‍්‍රියාමාර්ග ආරම්භ කිරීමට කටයුතු කරන බවන් යුද්ධය අවසන් වී ඇති මේ මොහොතේ හදිසි නීතිය ඇතුලූ මර්ධනකාරී අණ පණත් වහා ඉවත් කරන ලෙස රජයට බල කරන බව පැවසීය. එසේම රජය විසින් ජනතාවගේ ජීවන වියදම හා බදු අඩුකිරීමට කටයුතු කළ යුතු බවත් , උතුරේ අවතැන්  කදවුරු වල සිටින ජනයා වහා නිදහස් කරන ලෙසත් බල කරන ලදී.

මෙහිදි අදහස් දක්වමින් රැලිය ඇමතු අය අතර

* ඇන්ටන් මාකස් සහෝදරයා 
   සමලේකම් - නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය
* ජෝසප් ස්ටාලින්  

   සභාපති - ලංකා ගුරු සංගමය
* කේ.එස්. වීරසේකර  

   සභාපති - තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය
* එම්.ඞී.ආර්, අතුල   

   සභාපති - රජයේ මුද්‍රණ ශීල්පීන්ගේ සංගමය
* එච්.බී. හරිස්චන්ද්‍ර   

   ලේකම් - සුහද වරාය සේවක සංගමය
* අරුණ රෝෂාන්ත   

   සභාපති - සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය
* සාලිය චන්ද්‍රතුමාර   

  ලේකම් - ශ‍්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය
* කේ.ඞී.එන්. සුමනසේන  

  සභාපති - රජයේ කීට විද්‍යා සහකාර නිළධාරීන්ගේ සංගමය


සහෝදරවරු විය. රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ඉවත් කිරිමට රජය කටයුතු කලයුතු බවත්, රජයේ සේවකයන් මර්ධනයට කිරිමට ගෙනා රාජ්‍ය සේවා කොමිසමේ 1589/30 දරන ගැසට් පත‍්‍රය වහා අහෝසි කලයුතු බවත් රැුකියාව අහිමි වන පුද්ගලික අංශයේ කම්කරුවන්ට සමාජ ආරක්ෂණ ක‍්‍රමයක් ස්ථාපිත කල යුතු බවත් ජනවාර්ගික ගැටලූවට දේශපාලන විසදුමක් රජය විසින් ස්ථාපිත කලයුතු බවත් ඔවුන් විසින් රජයට බල කර ප‍්‍රකාශ කරන ලදී.

මෙහිදි මෙම මූලික ඉල්ලීම් අවධාරනය කරමින් සැකසු මැයි දින යෝජනා මාලාව කම්කරු ජනයාගේ අත්පොලසන් හඩ මධ්‍යයේ සම්මත කෙරිනි.

මහ ලේකම්
(සමන් රත්නප‍්‍රිය)

No comments:

Post a Comment