Sunday, February 27, 2011

ජගත් කාන්තා දින සැමරුම - මාර්තු 08

එළඹෙන ජගත් කාන්තා දිනය මූලික කරගනිමින් වෘත්තීය සමිති මහා සම්මේලනය මෙවර ධීවර කාන්තාවන් ගේ මූලිකත්වයෙන් හා සෞඛ්‍ය, වෙළඳ කලාප, ගුරු, තැපැල්, මුද්‍රණාල, රක්ෂණ යන ක්ෂේත‍්‍රවල නියුතු කාන්තාවන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් මීගමුව ධීවර සමූපකාර සංගම් ශාලාවේ දී පැවැත් වීමට කටයුතු යොදා ඇත.
මෙහි විශේෂාංග ලෙස,

1.    ”තේජා” චිත‍්‍රපටය තිරගත කිරීම හා ඒ පිළිබඳ සංවාදය
2.    පෝෂණය පිළිබඳ දැනුවත් කිරිම
3.    සෞඛ්‍ය සායනය
4.    ඉහත ක්ෂේත‍්‍රයන් දැනුවත් කිරිමේ කුටි
5.    ”කාන්තා අයිතිවාසිකම් හා වෘත්තිය අයිතිවාසිකම්” පිළිබඳ දේශනය පවත්වනු ඇත,

අප සම්මේලනය විසින් 2011/03/08 දින ප.ව. 2.00 සිට 6.00 දක්වා පවත්වනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ඔබ සහභාගීත්වය අපේක්ෂා කරමු

Tuesday, February 1, 2011

ආපදාවට ලක්වු ජනයාට සහන සැපයීම

ගංවතුරෙන් අපදාවට ලක් වු පොලොන්නරු දිස්ත‍්‍රික්කයේ හිගුරක්ගොඩ හා ගල්ලෑල්ල ප‍්‍රදේශයේ ජනයා හට සනිපාරක්ෂක හා ඖෂධ ද්‍රව්‍ය අඩංගු රු.250,000 කට අධික වටිනාකමින් යුතු අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් බෙදා දීම 2011 ජනවාරී 30 දින සිදු කරන ලදි. 


ඒ හා සමගාමීව නිවාස හානියට පත් වු ජනයාහට නිවාස සාදා දීම වෙනුවෙන් සරනේරු තොගයක් පොලොන්නරු දිස්ත‍්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාට භාර දීමද එදිනම සිදුවිය.