Sunday, December 26, 2010

අන්තර් ජාතික මානව හිමිකම් දිනයේදී

අන්තර් ජාතික මානව හිමිකම් දිනයේදී නිදහස් වෙළඳ කලාප සේවකයෝ
වෙළඳ කලාප ප‍්‍රධාන දොරටු අභියසදී මිනිස් අත්වැල් දම්වැලකින්
3B උද්ඝෝෂණය වටා පෙළ ගැසෙති.
ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලාවල සේවකයින්ගේ වාර්ෂික වැටුප් වැඩි කිරීම පිළිබඳව සිදු වන ක‍්‍රියාදාමය සෑම වර්ෂයක් ආරම්භයට පෙර සිට කරළියට පැමිණෙයි. පසුගිය සෑම වර්ෂයක්ම ආදර්ශයට ගනිමින් 2011 වසර සඳහා ද ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මෙවර ද සේවක නියෝජිතයින් සමග සාකච්ඡා නොකොට හාම්පුතුන්ගේ යෝජනා පමණක් පිළිගෙන වැටුප් වැඩි කිරීමේ නිර්දේශය නිකුත් කරන ලදී. 2010 නොවැම්බර් මස 01 වන දිනැතිව ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති/අධ්‍යක්‍ෂක ජනරාල් ආචාර්ය ජයම්පති බණ්ඩාරනායක මහතාගේ අත්සනින් යුතු චක‍්‍රලේඛණය මගින් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති නිදහස් වෙළෙඳ කලාප තුළ පිහිටි ආයතන වලට පමණක් රු. 500.00 ක වැටුප් වැඩි කිරීමක් නිර්දේශ කර ඇත. ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ එම වැටුප් නිර්දේශය හරහා ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩල අනුමැතිය යටතේ ඇති අනෙකුත් ආයතන නොසළකමින් වෙනස් ලෙස සැළකීමක් කියාපාන ලදී.


2011 වසර සඳහා වන වැටුප් වැඩිවීම සම්බන්ධව ආයෝජන මණ්ඩලය සමග සාකච්ඡා කිරීමේදී ඉස්මතු වන කරුණක් වනුයේ 2010 වසර සඳහා වන වැටුප් වැඩිවීම සම්බන්‍ධව පැවැත්වූ වැටුප් සාකච්ඡාවන්ය. 2010 ජනවාරි මස 19 වන දින ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති/අධ්‍යක්‍ෂක ජනරාල් ධම්මික පෙරේරා මහතා සමග පැවති සාකච්ඡාවට ඇඟඵම් ක්‍ෂේත‍්‍රයේ කම්කරු අයිතිවාසිකම් සඳහා වූ ව්‍යාපාරයේ ( ALaRM නියෝජිතයින් සමග නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ නියෝජිතයින් ද සහභාගී විය. එහිදී ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩල අනුමැතිය යටතේ පවතින ආයතන වල සේවක සේවිකාවන්ගේ 2009 දෙසැම්බර් මස මූලික වැටුප 15% කින් වැඩි කිරීමට එම ආයතනවලට නිර්දේශ කිරීමට ධම්මික පෙරේරා මහතා එකඟවුවද 2010 වර්ෂයේදී එම එකඟතාවය ඉටු කිරීමක් සිදු නොවිණි. ජනාධිපතිවරණ පොරොන්දුවක් වූ රු. 2,500/= බලාපොරොත්තුව සහ 15% ක වැටුප් වැඩිවීම 2010 වර්ෂය පුරාම බලාපොරොත්තුවක් පමණක්ම වෙමින් 2010 වර්ෂය ද නිමා විය.   

පසුගිය වර්ෂ වලදී ද ජීවත්වීම සඳහා සරිලන වැටුපක බලාපොරොත්තුව බිදීගිය නිදහස් වෙළෙඳ කලාප සහ කාර්මික පුරයන් ඇතුඵ ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලද කර්මාන්තයන්හි සේවක පිරිස් විසින් තම වැටුප් වැඩි කිරීමේදී සේවක පාර්ශවය සමග සාකච්ඡා නොකිරීම පිළිබඳව අප‍්‍රසාදය පළ කරමින් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ නායකත්වයෙන් 3B නමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කෙරිණි. එහිදී ඔවුන්ගේ මූලික ඉලක්කය වූයේ තම 2010 වසරේ දෙසැම්බර් මස මූලික වැටුප 30% කින් ඉහළ දමමින් වැටුප් සංශෝධනයක් ලබා ගැනීමයි.

2010 නොවැම්බර් මස 17 වන දින පස්වරු 3.00 ට කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේදී ඇරඹි 3B ගමනේ මුලික තේමාව වූයේ හොඳ වැටුප්, වැඩි ලාභ, BOI සමග හවුලට (Better Pay, Bigger Profit, With BOI Sharing)  යන්නය. පසුගිය වර්ෂයන්ට වඩා වෙනස් නැවුම් ආකාරයකින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් වීම මෙහිදී කැපී පෙණිනි. ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේද සහයෝගයෙන් තම ආයතන වැඩි ලාභ කරා ගෙන ගොස් තම සේවකයින්ට හොඳ වැටුපක් ලබා ගැනීම මෙහි මූලික ඉලක්කය විය.

මෙකී කාර්යභාරයේ මීළඟ පියවර වූයේ සේවක වැටුප් යහපත් වන්නේ නම් කාර්මික ලාභය වැඩි කරගත හැකි අතර එ වෙනුවෙන් ආයෝජන මණ්ඩලයට ද හවුල් වීමේ වගකීමක් ඇති බව අවධාරණය කරමින් තම වෘත්තීය සමිති නියෝජිතයින්ට 2011 වසර සඳහා වන වැටුප් වැඩිවීම සම්බන්‍ධව ආයෝජන මණ්ඩලය සමගින් සාකච්ඡා කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති/අධ්‍යක්‍ෂක ජනරාල් ආචාර්ය ජයම්පති බණ්ඩාරනායක මහතා වෙත තැපැල්පත් යවමින් සේවක පිරිස් විසින් ඉල්ලිමක් කිරීමය. ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය යටතේ සේවය කරන සේවකයින් මෙකී ක‍්‍රියාවේදී ගැට`ඵවකට මුහුණ පෑමට සිදුවිය. එනම් හදිසියේ යල් පිනූ නීති වගන්තියක් මතක් වූ තැපැල් බළධාරීන් එය දුහුවිලි පිසගෙන සේවකයින් විසින් එතෙක් රු. 4.00 බැගින් මුද්දර අලවා තැපැල් කරනු ලැබූ තැපැල් පත් බෙදා හැරීම නවතා දමන ලදී. තැපැල් බළධාරීන්ට අනුව එය සාමාන්‍ය තැපැල් පතකට වඩා ප‍්‍රමාණයෙන් යාන්තමින් වැඩිවී තිබුණි. එනිසා එ සඳහා රු. 12.00 ක මුද්දර ඇලවිය යුතුය. සොච්චම් වැටුපක් ලබන සේවකයින් මෙකී අභියෝගය හමුවේ නොසැළී නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ නියෝජිතයින් හරහා එම තැපැල් පත් අතින් භාර දීමට තීරණය කරන ලදී. එ අනුව 2010 දෙසැම්බර් මස 07 වන අඟහරුවාදා දින ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති/අධ්‍යක්‍ෂක ජනරාල් ආචාර්ය ජයම්පති බණ්ඩාරනායක මහතා වෙත එම කාර්යාලයේදී එම තැපැල් පත් භාරදීම සිදුවිය. මෙලෙසින් තැපැල්පත් දසදහසකින් පමණ කළ ඉල්ලීම ඵලදරමින් මේ සඳහා සාකච්ඡාවක් 2010 දෙසැම්බර් මස 15 වන දින ප.ව. 3.00 ට එම කාර්යාලයේදී පැවැත්වීම සඳහා ලිඛිත දැනුම්දීමක් සිදු කර ඇත.

කෙසේ වෙතත් මෙවැනි සාකච්ඡා සඳහා සහභාගී වී ඇති නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයට එහි අතීත මතක තවමත් ඇත. එ අනුව ඔවුන්ගේ මීළඟ පියවරෙහි එල්ලය වූයේ ජාත්‍යන්තර මානව හිමිකම් දිනය විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් ප‍්‍රඥප්තියට අනුව ද ජීවත් වීමට සරිලන වැටුපක් ලබා ගැනීම මානව හිමිකමක් වන අතර එය ශ‍්‍රී ලංකා රජය ද පිළිගත් සම්මුතියකි. රජය විසින් පිළිගෙන ඇති එම සම්මුතීන්ට ගරු කළ යුතු රාජ්‍ය ආයතනයක් වන ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සේවක නියෝජිතයින් ද සමග සාකච්ඡා කිරීමකින් තොරව ගත් මෙම වැටුප් නිර්දේශයට විරෝධය පෑමට හා ලබා දුන් මෙම සාකච්ඡාව ඵලදරන්නට අධිෂ්ඨාන ශක්තිය එක් කිරීමේ ක‍්‍රියාදාමයකට නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ නායකත්වය යටතේ සේවකයින් අත්වැල් දම්වැලකට ක‍්‍රියාකාරී සහභාගීත්වය දක්වන්නට විය. ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වූ දෙසැම්බර් මස 10 වන දින 3B උද්ඝෝෂණ ව්‍යාපාරය නිකුත් කළ කහ අත්පටි පැළඳ සේවයේ නිරත වූ සේවකයින් විසින් එදිනම සවස 5.00 සිට කටුනායක සහ බියගම වෙළෙඳ කලාප වල ප‍්‍රධාන දොරටුවන් අභියස අත්වැල් බැඳගෙන මිනිස් අත්වැල් දම්වැල මගින් 3B  ගමනට ශක්තිය එක් කිරීමට සංවිධානය වී තිබුණි. සේවක සේවිකාවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම මිනිස් දම්වැල ඉතා සාර්ථක වූ අතර එහි ශක්තිය ගෙන දෙසැම්බර් මස 15 වන දිනට යෙදී ඇති සාකච්ඡාව හරහා හොඳ වැටුපක්, වැඩි ලාභයක්, BOI සමග හවුලට යන්න ජයගැනීමේ අභිලාෂය ඇතිව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ නියෝජිතයින් එදින සාකච්ඡාවට මුහුණ දෙනු ඇත.  


නිදහස් වෙළද කලාප හා පොදු සේවා සේවක සංගමය










 

Wednesday, December 15, 2010

යෑදුම්පත් කැඳවා සම්මුඛ පරීක්‌ෂණ පැවැත්වුවත් ජාතික පාසල් රැසක තවමත් පුරප්පාඩු පුරවා නැහැ, ලංකා ගුරු සංගමය කියයි

අයෑදුම්පත් කැඳවා සම්මුඛ පරීක්‌ෂණ පැවැත්වුවත් ජාතික පාසල් රැසක තවමත් පුරප්පාඩු පුරවා නැහැ, ලංකා ගුරු සංගමය කියයි

 

(දෙසැම්බර් 03, දිවයින) ජාතික පාසල් 87 ක විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා මීට මාස කිහිපයකට පෙර අයදුම්පත් කැඳවා අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට සම්මුඛ පරීක්‌ෂණද අවසන් කර ඇතත් තවමත් විදුහල් රැසක පුරප්පාඩු පුරවා නැතැයි ලංකා ගුරු සංගමය පවසයි.

නිවේදනයක්‌ නිකුත් කරමින් මේ බව පවසන එම සංගමය එහි මෙසේද සඳහන් කර ඇත.

ජාතික පාසල්වල විදුහල්පති තනතුරු දැරීමට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සාමාන්‍ය සේවක සංඛ්‍යාවට පත්වීම් ලද පිරිස්‌ ද ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පත්වීම් ලද පිරිස්‌ ද සුදුසුකම් ලබති. මෙසේ සුදුසුකම් ලැබූවන් අදාළ පුරප්පාඩු විදුහල්පති තනතුරු සඳහා අයෑදුම් කොට සම්මුඛ පරික්‍ෂණවලට ද පෙනී සිට සියලු කටයුතු අවසන්ව තිබිය දීත් ඉහත පුරප්පාඩු තනතුරු වල දේශපාලන හිතවත්කම් මත අවිධිමත් පත්වීම් ලැබූවන් කටයුතු කරති.

එසේම 2005 විදුහල්පති සේවයේ පැවති 2 II පන්තිය සඳහා පුරප්පාඩු 1918 ක්‌ සහ III පන්තිය සඳහා පැවති පුරප්පාඩු 2200 සඳහා තරග විභාගයක්‌ පවත්වා 2009. 11. 13 වැනිs දින පත්වීම් ලද විදුහල්පතිවරුන් බහුතරයකට අදාළ පත්වීමට අනුව පාසල් වල ස්‌ථාන ගත නොකිරීමෙන් ඔවුන් පාසල් ඉගැන්වීම් කටයුතු වල නිරත වෙති.

1999. 11. 07 වැනි දින අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියට උසස්‌වීම් ලැබූ 196 දෙනකු සිටියදී ඔවුන්ගෙන් පිරිසකට ද හිමි තනතුර ලබා නොදී එම තනතුරුවල වැඩ බලන නිලධාරීන්ට කටයුතු කිරීමට ඉඩ සලසා ඇත.

මේ ආකාරයට අධ්‍යාපනයේ ඉහළ තනතුරු සඳහා සුදුසුකම් ලත් පිරිස්‌ සිටියදී දේශපාලන හිතවත්කම් මත අවිධිමත්ව පත්වූවන්ට තනතුරු වල සේවය කිරීමට ඉඩ සැලසීම හරහා අධ්‍යාපනය බරපතල ලෙස දේශපාලනීකරණය වීම නතර කොට සුදුස්‌සන් අදාළ තනතුරුවලට පත්කොට අධ්‍යාපන පද්ධතිය විධිමත් කරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටියි

Tuesday, December 14, 2010

අද දින අමාත්‍යවරයා සමග සාකච්ඡවෙන් පසු අත්හිටවු වැඩ වර්ජනය දින 03 කට නැවත අත්හිටු වීම

අද දින අමාත්‍යවරයා සමග සාකච්ඡාවෙන් පසු අත්හිටවු වැඩ වර්ජනය දින 03 කට නැවත අත්හිටු වීම

හම්බන්තොට හා කඵබෝවිල රෝහල් වල හෙද නිළධාරීන් 34 දෙනෙකු අසාධාරණ ලෙස ස්ථාන මාරු කිරීමට එරෙහිව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය රෝහල් 07 ක ගෙන ගිය දින 04 ක අඛණ්ඩ වැඩ වර්ජනය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි ඊයේ දින එනම් දෙසැම්බර් 13 දින තාවකාලිකව අත්හිටුවන ලදි.

අද දින පෙ.ව. 8.30 ට සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී දින 03 ක් තුළ ප‍්‍රශ්ණයට සාධාරණ විසදුමක් ලබා දිමට එකග විය.

එම එකගතාවය මත 13 දින අත්හිටවු වැඩ වර්ජනය තව දින 03ක කාලයකට අත්හිටුවමින් ප‍්‍රශ්ණය විසදීමට අමාත්‍යවරයාට ඉඩකඩ ලබා දීමට සංගමය තීරණය කරන ලදි.   

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය

මොකක්ද Sea Plane ගැන කියන කථාව?

මොකක්ද Sea Plane ගැන කියන කථාව?

මීගමුව කලපුවේ මුහුදු ගුවන් යානා (Sea Plane) කි‍්‍රයාත්මක කිරීමේ සංචාරක සැලසුම ක‍්‍රියාත්මක වීම නැවැත්වීමට අප හා එක්වන්න.

1.   මොකක්ද 
Sea Plane ගැන කියන කථාව?
මීගමුව කලපුව,  ශී‍්‍ර ලංකාවේ පිහිට් මුහුදු තෘණ ඛ්ම් හා කඩොලාන පරිසර පද්ධති මගින් මසුන් හා කකුළුවන් ඇතුළු ජලජ සත්ව විශේෂ රාශියකට පෝෂණය හා රැකවරණය ලබාදෙන, ඉතා වැදගත් ෙඡෙව විවිධත්වයක් ඇති, හෙක්ටයාර් 3068ක පමන වගුරු ප‍්‍රදේශයකින් වටවූ, හෙක්ටයාර් 3164 ක් පමන වන ඡල ප‍්‍රදේශයක් සහිත ඵලදායී පරිසර පද්ධතියක්. එය ධීවරයන් 3500කට පමන සෘඡුවම රැුකියා සපයමින්, ධීවර යාත‍්‍රා 2500කට පමන නැංගුරම් පහසුකම් සපයයි. එබැවින් මීගමුවේ ධීවර පවුල් 15,000 කට පමන ඡිවත් වීම සදහා සුදුසු පරිසරයක් ලබාදේ. එහි මත්ස්‍ය හා ඉස්සන් අස්වනු හෙක්ටයාර 01 කට  කිලෝ ග‍්‍රෑම් 150ක පමන වාර්ෂික නිෂ්පාදන ධාරිතාවයක් තිබීම හා වර්ෂයකට රුපියල් මිලියන 150ක පමන මත්ස්‍ය අස්වැන්නක් ලබාදීමත් ආර්ථිකමයව වැදගත්. නමුත් සංචාරක ධනකුවේරයන් මීගමුව ප‍්‍රදේශයට ගෙන්වා ගැනීමේ අරමුනෙන් වඩාත් ධනවත් සංචාරකයින්ට අවශ්‍ය ඉහල පහසුකම් සපයාදෙමින් මාලදිවයින වැනි රටවල ඇති සංචාරක කර්මාන්තයට නොදෙවෙනිව ජලය මත පාවෙන හා ඒ මත ගමන් කල හැකි සැහැල්ලු ගුවන් යානා මීගමුව කලපුවටද හදුන්වාදීමට රජයේ සැලසුමක් ඇත. මීගමු කලපුවේ අතිශය වැදගත් මත්ස්‍ය බෝවන ප‍්‍රදේශයක් වන මඩබොක්ක ආශ‍්‍රිත ප‍්‍රදේශයේ කිලෝ මීටරයක් දුරකට විහිදෙන පරිදි හා මීටර් 100 ක් පළලින් යුතුව ධාවන පථයක් නිර්මාණය කිරීමට යෝජනා වී ඇත.


2  මෙම ව්‍යාපෘතිය දියත් කිරීම නිසා ධීවරයාට හා කර්මාන්තයට සිදු විය හැකි බලපෑම කුමක් විය හැකිද ?

    මීගමු කලපුවේ රැකියාවෙන් යැපෙන පවුල් 15000කගේ පමණ රැකියාවට බාධා ගෙන දේ.

    සී ප්ලේන් කලපුවට ගොඩබාන හා කලපුවෙන් ගුවන් ගත වන කාලය තුළ ධීවරයින් එම ප‍්‍රදේශයෙන් ඉවත් විය යුතුය. අනාගතයේ කොපමණ සී ප්ලේන් සංඛ්‍යාවක් භාවිතයට ගනීදැයි දැන් අපට කිව නොහැක. එවිට එම ප‍්‍රදේශයෙන් ධීවරයන්ට සම්පූර්ණයෙන්ම ඉවත්වීමට සිදුවේ.

    කලපුව ආශ‍්‍රිතව අධි ආරක්‍ෂිත කලාපයක් නම්කර, සංචාරකයින්ට හා යානාවලට ආරක්‍ෂාව සැපයීම සිදුවිය හැක. ඒ හේතුව නිසා ධීවර රැකියාවේ නිරත පිරිසට බාධා පැමිණෙනු ඇත.

    සී ප්ලේන් ව්‍යාපෘතියෙන් රැුකියා ලැබෙනවා කීවද ඒ ප‍්‍රමාණය කිසිසේත් දැනට කලපුවෙන් යැපෙන ගනියා ප‍්‍රමාණයට නොසෑහේ. ලැබෙන රැකියා ටික වූවත් ලැබෙන්නේ දුප්පත් අසරණ ධීවරයින්ට නොවේ. මෙයින් ප‍්‍රතිලාභ ලැබෙන්නේ ව්‍යාපාරිකයින් සුළු ප‍්‍රමාණයකට පමණී.

    සංචාරක ව්‍යාපාරයේ ක‍්‍රියාකාරීත්වය නිසා, ධීවර රැකියාව නිදහසේ සිදු කිරීමට බාධක මතුවෙනු ඇත.

    ආරම්භය සී ප්ලේන් හරහා සිදුවූවත් මීගමු කලපුව ආශ‍්‍රිත දුපත්ද සංචාරක නිකේතන සඳහා අත්පත් කර ගැනීම සිදුවනු ඇත.

    කඩොලාන පද්ධතිය විනාශකර වැලි ගොඩ දැමීම දැනටමත් සිදුකර ඇත. අධිවේගී මාර්ගය සඳහාද කලපුවේ සෑහෙන ප‍්‍රමාණයක් අත්පත් කර ගන්නා ලදී.

    මේ පිළිබඳව දැනටමත් කලපුව අවට ඉඩම් පර්චසය රු 75000 බැගින් විකිණීමට පුවත්පත් දැන්වීම් පලකර ඇත. (2010 අගෝස්තු 15 ඉරිදා දින  Sunday Times
පුවත්පත් අතිරේකයේ දැන්වීමි පලකර ඇත.)
    මීගමු කලපුවේ දූපත් විකිණීම සදහා දැනටමත් පුවත් පත් දැන්වීමි පල කර ඇති අතර එය මගින් ධීවරයාට ඇති රැකියා කිරීමමේ නිදහස අහුරා දමනු ඇත.

    මීගමු කලපුව ආශ‍්‍රිතව කුටිටිකාඩු දූපත
[KINGS ISLAND] පසුගිය කාලයේදී සංචාරක හෝටලයක් තැනීමට උත්සාහ කල ව්‍යාපාරිකයෙකුගෙන් මුදවා ගැනීමට සිදුවූබව අමතක කල යුතු නැතග

    කලපුවේ මඩ බොක්ක ආශ‍්‍රිතව දැනට යෝජිත  Sea Plane ධාවන පථය නම්කර ඇති බව දැනගන්නට ඇත. එබැවින් ඉස්සන් බෝවීමට බාධා පැමිණීමෙන්, ධීවර රැකියාව තවදුරටත් සිදු කිරීම ඵලදායක නොවනු ඇත.

    මීගමු කලපුව ආශ‍්‍රිත මුතුරාජවෙල වගුරුබ්ම, ආසියාවේ වැදගත් රම්සා තෙත් බ්මක් ලෙස නම් කර ඇති අතර, එහි පරිසරයට හා එහි ජෛව විවිධත්වයට විශාල තර්ජනයක් එල්ල වනු ඇත. මීගමු කලපුව ලෝක උරුම පරිසර පද්ධතියන් තරමට වැදගත්වන සංවේදී පරිසර පද්ධතියකි.

    ධීවර ජනයාගේ ආදායම් බිඳවැටීමෙන් තම රැකියා අතහැරීමට ධීවරයාට සිදුවනු ඇත. එය විවිධ සමාජ විරෝධි ක‍්‍රියාකාරීත්වයන් වර්ධනයට හේතුවනු ඇත.

    සංචාරක කර්මාන්තය ආශ‍්‍රිතව වර්ධනය වන විවිධ සමාජ හා සංස්කෘතික ගැටළු තවදුරටත් පැතිරී යා හැක. සංවර්ධනය, අපේ සාරධර්ම හා ආගමීක සංස්කෘතික අනන්‍යතා අකාමකා දැමෙන ලෙස සිදුවිය යුතු නැත.

    මුහුදු ගුවන්යානා අනතුරු වලදී (වාර්ෂිකව මෙවැනි ඵක් අනතුරක් හෝ වාර්තාවීම මෙවන් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන වෙනත් රටවල අත් දැකීමයි) දැවිතෙල් හා වෙනත් අපද්‍රව්‍ය කලපුවට එකතුවීම තුල ජලයේ අපවිත‍්‍රතාවය හා
PH අගය වෙනස් වීම මත්ස්‍ය ගහන බෝවීම අඩුකරලයි.


3. සංචාරක කර්මාන්තයෙන් රට දියුණු වෙනවා නම් අපි එයට සහය දැක්වීම අපගේ වගකීමක් නේද? සංවර්ධනයට අපි විරුද්ධ විය යුතු ද?

රට දියුණු වීම හා සංවර්ධනය යනු කුමක්ද? අපි ප‍්‍රශ්ණ කරගත යුතුයි. සංවර්ධනයේ කේන්ද‍්‍ර‍්‍රය රටේ ජනතාවගේ ජීවන තත්වය උසස්වීම විය යුතුයි. එහි ප‍්‍රතිලාභ රටේ ජනතාව සතුවිය යුතු අතර, සාධාරණව බෙදී යායුතුයි. තිරසාර සංවර්ධන මූලධර්ම පිළිබඳව මුළු ලෝකයම කථා කරනවා, නමුත් අපි අපේ රැුකියා (ධීවර) බ්ම් (මීගමුව කලපුව, කල්පිටිය දුපත්, නිලාවේලී වෙරළ තීරය, පානම (ශාස්ත‍්‍රවේලී) ආරුගම්බේ ගොවි බ්ම්.) අහිමි කරගෙන රටේ මිනිස්සු අවතැන් කරගෙන කරන්නේ සංවර්ධනයක්ද? අපි මේක සංවර්ධනයක් ලෙස කිසිසේත්ම පිළිගන්නේ නැහැ. මෙික  ර්‍ණමහ මුහුද කොල්ලකෑමක්”ග මේක ඉඩමි කොල්ලයේම තවත් පියවරක් ඉදිරියට තැබීමක්. සංචාරක කර්මාන්තය රටට යමි ආදායමක් ගෙන ආවත් රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට, ගොවියාට, ධීවරයාට අහිතකර බලපෑමක් කරනවානම්, ඔවුන්ව දරිද්‍රතාවයේ පතුලටම ඇද දමනවානම්, එහි සංවර්ධනයක් තිබ්ය නොහැකියි. නමුත් මෙයින් ප‍්‍රතිලාභ ලබන සුළු පිරිසක් සිටින බව නම් පැහැදිළියි. පාරිසරික, ආර්ථීක, සාමාජීය වශයෙන් සමාජය තුල විශාල හානිගෙන දෙමින් සිදු කරන ක‍්‍රියාවක් රටේ සමස්ථ ජනතාවගේ ජීවන තත්වය උසස් මට්ටමකට ගෙන ඒමට කිසිසේත් දායකත්වයක් නොදක්වයි. ඒ හේතුව නිසයි අපි මෙයට විරුද්ධ වෙන්නේ,


මීගමුව කලපුව කළපු ධීවර අපගේ ප‍්‍රධානම ජීවන මාර්ගයයි. එහි ජෛව විවිධත්වය ලෝක උරුමයකි. එය රැකගැනීමට අපි සැම පෙරමුණ ගනිමු.”


පලිගැනීමේ ස්ථාන මාරුවට විරුද්ධව හෙද හෙදියෝ අඛණ්ඩ වැඩවර්ජනයක

අයෑදුම්පත් කැඳවා සම්මුඛ පරීක්‌ෂණ පැවැත්වුවත් ජාතික පාසල් රැසක තවමත් පුරප්පාඩු පුරවා නැහැ, ලංකා ගුරු සංගමය කියයි

අයෑදුම්පත් කැඳවා සම්මුඛ පරීක්‌ෂණ පැවැත්වුවත් ජාතික පාසල් රැසක තවමත් පුරප්පාඩු පුරවා නැහැ, ලංකා ගුරු සංගමය කියයි


(දෙසැම්බර් 03, දිවයින) ජාතික පාසල් 87 ක විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා මීට මාස කිහිපයකට පෙර අයදුම්පත් කැඳවා අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට සම්මුඛ පරීක්‌ෂණද අවසන් කර ඇතත් තවමත් විදුහල් රැසක පුරප්පාඩු පුරවා නැතැයි ලංකා ගුරු සංගමය පවසයි.

නිවේදනයක්‌ නිකුත් කරමින් මේ බව පවසන එම සංගමය එහි මෙසේද සඳහන් කර ඇත.

ජාතික පාසල්වල විදුහල්පති තනතුරු දැරීමට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සාමාන්‍ය සේවක සංඛ්‍යාවට පත්වීම් ලද පිරිස්‌ ද ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පත්වීම් ලද පිරිස්‌ ද සුදුසුකම් ලබති. මෙසේ සුදුසුකම් ලැබූවන් අදාළ පුරප්පාඩු විදුහල්පති තනතුරු සඳහා අයෑදුම් කොට සම්මුඛ පරික්‍ෂණවලට ද පෙනී සිට සියලු කටයුතු අවසන්ව තිබිය දීත්ණී ඉහත පුරප්පාඩු තනතුරු වල දේශපාලන හිතවත්කම් මත අවිධිමත් පත්වීම් ලැබූවන් කටයුතු කරති.

එසේම 2005 විදුහල්පති සේවයේ පැවති 2 II පන්තිය සඳහා පුරප්පාඩු 1918 ක්‌ සහ III පන්තිය සඳහා පැවති පුරප්පාඩු 2200 සඳහා තරග විභාගයක්‌ පවත්වා 2009. 11. 13 වැනිs දින පත්වීම් ලද විදුහල්පතිවරුන් බහුතරයකට අදාළ පත්වීමට අනුව පාසල් වල ස්‌ථාන ගත නොකිරීමෙන් ඔවුන් පාසල් ඉගැන්වීම් කටයුතු වල නිරත වෙති.

1999. 11. 07 වැනි දින අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියට උසස්‌වීම් ලැබූ 196 දෙනකු සිටියදී ඔවුන්ගෙන් පිරිසකට ද හිමි තනතුර ලබා නොදී එම තනතුරුවල වැඩ බලන නිලධාරීන්ට කටයුතු කිරීමට ඉඩ සලසා ඇත.

මේ ආකාරයට අධ්‍යාපනයේ ඉහළ තනතුරු සඳහා සුදුසුකම් ලත් පිරිස්‌ සිටියදී දේශපාලන හිතවත්කම් මත අවිධිමත්ව පත්වූවන්ට තනතුරු වල සේවය කිරීමට ඉඩ සැලසීම හරහා අධ්‍යාපනය බරපතල ලෙස දේශපාලනීකරණය වීම නතර කොට සුදුස්‌සන් අදාළ තනතුරුවලට පත්කොට අධ්‍යාපන පද්ධතිය විධිමත් කරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටියි
 ජෝසප් ස්ටාලින්

කැබිනට් එක අනුමත කල හෙද ව්‍යවස්ථාව වහා සංශෝධනය කල යුතුයි

කැබිනට් එක අනුමත කල හෙද ව්‍යවස්ථාව වහා සංශෝධනය කල යුතුයි

අප සංගමය මගින් ඔක්තෝබර් 25 දින හා නොවැම්බර් 10 දින ගනු ලැබු වැඩ වර්ජන ක‍්‍රියාමාර්ග හමුවේ කැබිනට් මණ්ඩලය විසින් එතෙක් පැත්තකට දමා තිබු හෙද ව්‍යවස්ථාව නොවැම්බර් 10 දින කැබිනට් මණ්ඩලයේදී සම්මත කල බව ප‍්‍රකාශ විය.

නමුත් සම්මත කල මෙම ව්‍යවස්ථාව තුළ හෙද සේවාවට අදාළව පවතින මූලික ගැටඵවලට විසදුමක් ලබා දී නැත. එබැවින් පහත සඳහන් යෝජනා ඇතුලත් කර හෙද ව්‍යවස්ථාවට, නැවක කැබිනට් සංශෝධනයක් ඇතුලත් කල යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයාට අවධාරණය කල යුතුව ඇත.


1. දැනට විශ්ව විද්‍යාල වලින් පිටවී ඇති හෙද උපාධිධාරීන් රාජ්‍ය සෞඛ්‍ය සේවාවට බඳවා ගැනීම සඳහා නීතිමය පදනමක් මෙම ව්‍යවස්ථාවේ සඳහන්ව නොමැති අතර, එය ඇතුලත් කල යුතුය.


2. ප‍්‍රජා සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය විදේශ රටවල පවා ක‍්‍රියාත්මක කෙරෙන ප‍්‍රජා සෞඛ්‍ය හෙද නිළධාරී තනතුර ඇතිකිරීමට අවශ්‍ය ලිඛිත ප‍්‍රතිපාදන ඇතුලත් කල යුතුය.


3. පිරිමි හෙද නිළධාරින් දැනට බඳවා ගැනීමේ ප‍්‍රතිශතය 5‍% ක් වන අතර, එය 20‍%දක්වා වැඩි කිරීමට අදාල නීති ඇතුලත් කල යුතුය.


4. රාජ්‍ය සේවාවේ ආකාරයටම කුසලතාවය මත පත්වීම් හා උසස් වීම් දෙන ක‍්‍රමයක් ස්ථාපිත කරන යෝජනා ඇතුලත් කල යුතුය.


හෙද සේවාව සංවර්ධනය කිරීම සඳහාත් දැනට සේවාව තුළ පවත්න නීතිමය අඩුපාඩුකම් සම්පූර්ණ කිරීම සඳහාත් මෙම යෝජනා ඇතුලත් අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් සකසා අමාත්‍ය මණ්ඩලයට යොමුකර එය සම්මත කල යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයාට අවධාරණය කරන්නෙමු.


එසේ නොකර ”හෙද ව්‍යවස්ථාව අප සම්මත කර දුන්නා – දැන් ඉතින් ප‍්‍රශ්ණ අවසානයි” යන සංකල්පයේ සෞඛ්‍ය බළධාරීන් සිටින්නේ නම් එය මුලාවකි. සම්මත කරන ලද හෙද ව්‍යවස්ථාවට අප සංගම් වලින් ඉදිරිපත් කරන ලද සංවර්ධන යෝජනා විශාල ප‍්‍රමාණයක් සංගම්වලට නොදන්වාම කප්පාදු කර ඇති බවද පාලකයන්හට සිහිපත් කල යුතුව ඇත. 



පුහුණු කාලය පිළිබඳ පත්කල කමිටුව පක්ෂග‍්‍රාහීයි, කමිටුව අවලංගු කර කැබිනට් මණ්ඩලයට යැවු යෝජනාව සම්මත කල යුතුයි

පුහුණු කාලය පිළිබඳ පත්කල කමිටුව පක්ෂග‍්‍රාහීයි, කමිටුව අවලංගු කර කැබිනට් මණ්ඩලයට යැවු යෝජනාව සම්මත කල යුතුයි

හෙද සේවාවේ දැනට කිි‍්‍රයාත්මක වන වසර 3 ක ඩිප්ලෝමා පුහුණු කාලය වසර 3 1/2, දක්වා වැඩිකරන ලෙස අප විසින් කරන ලද ඉල්ලීමට අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල වසර 3 මාස 4 ලෙස සකසන ලද කැබිනට් පත‍්‍රිකාව අනුමත නොකර ඒ පිළිබඳව වාර්තාවක් ලබා ගැනීම සඳහා තවත් විශේෂඥ කමිටුවක් පත්කර ඇත. මෙම කමිටුව හෙද සේවාවට එරෙහි පාර්ශ්වයට පක්ෂග‍්‍රාහීව පත්කර ඇති බැවින් එය අවලංගු කර, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාව වසර 3 1/2, ලෙස සංශෝධනය කර සම්මත කල යුතු බව අප රජයට අවධාරණය කරන්නෙමු.

1. හෙද සේවාවේ ඩිප්ලෝමා පුහුණු කාලය වසර 3 කි. වසර 3 ඩිප්ලෝමාව ලබා පත්වීම් ලැබු පසු හෙද නිළධාරීන්හට වසරක සූතිකා  පූහුණුවක් හා මාස 06 ක මානසික හෙද පුහුණුවක් ලබා දෙයි. මෙම පුහුණුවීම් ලබා දීමට ඇති එකම ආයතනය වන පශ්චාත් ප‍්‍රාථමික හෙද විදුහල ඉඩකඩ මදිවීම නිසා හෙද නිළධාරීන් විශාල ප‍්‍රමාණයකට එම සූතිකා පුහුණුව හා මානසික පුහුණුව ලබා ගැනීමට පහසුකම් නැත. එබැවින් එම පුහුණුවීම් මූලික පුහුණුවට ඒකාබද්ධ කර ලබාදෙන ලෙස ඉල්ලා සිටින ලද්දේ එයින් රෝගී ජනතාවට වඩා හොඳ සේවාවක් ලබාදීමට අවශ්‍ය පරිපූර්ණ හෙද නිළධාරියෙකු බිහිකිරීම සඳහාය.


2ග මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සාකච්ඡුා කල අතර, සෞඛය ලේකම් අධ්‍යක්ෂ ජනරාල් ඇතු`ළ සිය`ඵ දෙනා එක`ගත්වය පල කරන ලදි. එසේම පසුව මෙම යෝජනාව භාණ්ඩාගාර ලේකම් හා වැටුප් කොමිෂම සම`ග සාකච්ඡුා කල අතර, ඔවුන් ද ඊට එක`ග විය. ඉන්පසු නැවතත් මෙම යෝජනාව සඳහා වෛද්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගෙන්ද අදහස් ලබාගන්නා ලදි.
3ග මෙවැනි ආකාරයට ඉතා නිරවුල්ව සැකසු යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත නොකර නැවත විශේෂ කමිටුවකට දැමීම හරහා හෙද සේවාවේ ගරුත්වය නොසලකා හරිමින් රෝගී ජනයාට වඩා හොඳ සේවාවක් ලබා දීමට පවතින ඉඩකඩ අහුරා ඇත.
එසේම පත්කර ඇති 05 දෙනෙකුගෙන් යුත් කමිටුවේ සිය`ඵ දෙනාම වෛද්‍යවරුන්ය. පුහුණු කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වන්නේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වන අතර, එවැනි තත්ත්වයකදී වෛද්‍ය සංගමයේ සාමාජිකයින්ද වන වෛද්‍යවරුන්ගෙන් පමණක් සැදුම් ලත් කමිටුවක් පත් කිරීම තුළින් කිසිසේත්ම සාධාරණයක් අපේක්ෂා කල නොහැක. එසේම මෙම කමිටුවට පත්කල එක් වෛද්‍යවරයෙක් හෙද උපාධිය කප්පාදු කරන ලෙස නිර්දේශ කල කමිටුවක සිටි අයෙක් ද වන බව වගකීමෙන් ප‍්‍රකාශ කරමු. එමෙන්ම මෙම කමිටුව සඳහා හෙද සේවාවට සම්බන්ධ කිසිවෙකු පත් නොකිරීම ද වඩාත් බරපතලම ගැටඵවකි.
 

හෙද පුහුණු කාලය දීර්ඝ කිරීම දංගෙඩියට යැවීම සඳහා පත්කල මෙම කමිටුව වහා අවලංගු කරන ලෙසත්, කැබිනට් මණ්ඩලයට යැවු යොජනාව වසර 3 1/2, ලෙස සංශෝධනය කර අනුමත කර හෙද සේවයට හා රටේ ජනතාවට සාධාරණය ඉටු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු. 

ස්තූතියි.
සමන් රත්නප‍්‍රිය

වෘත්තීය සමිති ක‍්‍රියාකාරකම් පොලිසිය යොදවා වක‍්‍රාකාරව පාලනය කිරීමට එරෙහිව කරුණු පැහැදිලි කරන මාධ්‍ය හමුව

වෘත්තීය සමිති ක‍්‍රියාකාරකම් පොලිසිය යොදවා වක‍්‍රාකාරව පාලනය කිරීමට එරෙහිව කරුණු පැහැදිලි කරන මාධ්‍ය හමුව

2010/10/07 බ‍්‍රහස්පතින්දා දින පෙ.ව. 11.00 ට – වෘත්තීය සමිති මහා සම්මේලන කාර්යාලයේ දී
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 111 පරිෙඡ්දයේ 14 වගන්තියට අනුව භාෂණයේ නිදහස සහතික කර තිබියදී, පොලිසිය ජනමාධ්‍ය උපයෝගී කොට ගෙන පෝස්ටර් ඇලවීම ඇතුළු විවිධ අදහස් ප‍්‍රකාශ කිරීම් ක‍්‍රියාකාරකම් පිළිබඳ අනියත බියක් සමාජය තුල ආරෝපනය කරමින් සිටී.
මෙම තත්ත්වය වෘත්තීය සමිති ක‍්‍රියාධරයින් තුල සිය කටයුතු ඉදිරියට ගෙන යාමට තිබෙන නිදහසට අනවශ්‍ය බාධා කිරීමක් වෙයි. මේ තත්ත්වය දිගින් දිගටම වර්ධනය වීම තුල ජනතාව භූක්ති විදින අයිතිවාසිකම් වලට තර්ජනයක් වන අතර, මෙය වක‍්‍රාකාරව වෘත්තීය අරගල පාලනය කිරීමක් වනු ඇත.
මේ තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කරන මාධ්‍ය හමුවක්,  2010/ 10/ 07  දින පෙ.ව. 11.00 ට රාජගිරිය, වෘත්තීය සමිති මහා සම්මේලන කාර්යාලයේදී පැවැත්වේ.

(රාජගිරිය, මැතිවරණ කාර්යාලය අසල MDDR ගොඩනැගිල්ල)
මේ සදහා ඔබ මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් සහභාගී කරවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.


ස්තූතියි
ජෝසප් ස්ටාලීන්
ලේකම්
(ලංකා ගුරු සංගමය
)

හෙද ව්‍යවස්ථාව පිළිබඳ වෛද්‍ය සංගමයේ නිවේදනයට විරෝධය පළකිරීම

හෙද ව්‍යවස්ථාව පිළිබඳ වෛද්‍ය සංගමයේ නිවේදනයට විරෝධය පළකිරීම

06/006 වැටුප් චක‍්‍රලේඛයට අදාළව එක් එක් සේවාවන්හි ව්‍යවස්ථා සංශෝධන කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවති. ඒ අනුව හෙද සේවාවේ ව්‍යවස්ථාවද සංශෝධනයට ලක් වෙමින් ඇත.



සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේ වන විට සකසා ඇති කෙටුම්පතෙහි ඇතැම් කරුණු හෙද සේවාවට ඉතාමත් හානිකර අන්දමින් බලපාන බැවින් අහිත කර කරුණු ඉවත් කර අප සංගමයේ යෝජනා ද ලබා ගෙන ඒවා සැලකිල්ලට ගනිමින් සේවාවට හානි දායක නොවන අයුරින් හෙද ව්‍යවස්ථා සංශෝධනය කරන ලෙස අප සංගමය ඉල්ලා ඇති අතර, බළධාරීන් එයට එක`ගතාවය පළකර ඇත.

නමුත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සිය නිවේදනය මගින් කියා සිටින්නේ අදාළ ව්‍යවස්ථා සංශෝධන මගින් පවුල් සෞඛ්‍ය හා අතුරු වෛද්‍ය සේවාවන්ටත්, වෛද්‍ය සේවාවටත් බලපෑම් ඇතිවන බැවින් හෙද ව්‍යවස්ථාවේ සංශෝධන එම සංගමයට ද ලබා දෙන ලෙසයි. එම ඉල්ලීම සම්බන්ධයෙන් රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ දැඩි විරෝධය හා පිළිකුල පල කර සිටින අතර, අප සංගමය කියා සිටින්නේ හෙද සේවාව පිළිබඳ බලපෑම් කිරීමට එම සංගමයට කිසිදු නිත්‍යානූකූල හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.

විශ්ව විද්‍යාල හෙද අධ්‍යාපනය කප්පාදු කිරීම සඳහා මේ වන විටත් නිර්ලජ්ජිත ලෙස කටයුතු කරන වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඉන් නොනැවති, හෙද සේවාවේ සිය`ඵ අයිතීන් හා වරප‍්‍රසාද කප්පාදු කිරීමට දිගින් දිගටම උත්සාහ දරන්නේ සෞඛ්‍ය සේවයේ පොල්මඃක්කරුවන් තමන් යැයි බරපතල වැරදි වැටහීමක පිහිටාගෙනය.  එමෙන්ම මේ වන විට හෙද සේවාව පාගා දැමීමේ ඔවුන්ගේ කුමන්ත‍්‍රණකාරී පිළිවෙත හෙළිදරව් වී ඇති බැවින්, පවුල් සෞඛ්‍ය හා වෙනත් සේවාවන් පිළිබඳ කිඹුල් කදුඵ හෙළමින් ඔවුන්ගේ දීන අරමුණු සාක්ෂාත් කර ගැනීමට සූක්ෂම ලෙස කටයුතු කරමින් සිටි. 06/2006 වැටුප් චක‍්‍රලේඛය මගින් පවුල් සෞඛ්‍ය හා අතුරු වෛද්‍ය සේවාවන්ටද බරපතල වැටුප් අසාධාරණයක් සිදුවූ අවස්ථාවේ එම සේවාවන් වෙනුවෙන් පෙනී නොසිට දැන් එම සේවාවන් වල සංගම්වලටද වඩා ඔවුන්ගේ අයිතීන් අහිමි වන බවට මරහ`ඩ තලන්නේ ඇයිද යන්න සිහිබුද්ධියෙන් යුතුව විමසා බැලිය යුතුය.

එබැවින් අප සෞඛ්‍ය බළධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වෛද්‍ය සංගමයේ බලපෑම් වලට යට නොවී හෙද සේවාවේ ගරුත්වය ආරක්ෂා වන ලෙස හා අභිවෘද්ධියට හේතු වන ලෙස හෙද ව්‍යවස්ථා සංශෝධන සිදු කරන ලෙසයි.

ජයන්ත විමලසිරි

ගුරු සහයකයින් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ගුරු සේවයට අන්තර්ග‍්‍රහනය කරන ලෙස බල කරන උද්ඝෝෂණය 2010/10/06 පෙ.ව 11.00 ට ඉසුරුපාය ඉදිරිපිට දී පවත්වන ලදී

ගුරු සහයකයින් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ගුරු සේවයට අන්තර්ග‍්‍රහනය කරන ලෙස බල කරන උද්ඝෝෂණය 2010/10/06 පෙ.ව 11.00 ට ඉසුරුපාය ඉදිරිපිට දී පවත්වන ලදී

 

ග‍්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට පරිභාහිරව ගුරු සේවයේ යොදවා ඇති ගුරු සහයකයින් එම ව්‍යවස්ථාවට අනුව ලබා ගන්නා සුදුසුකම් මත ගුරු සේවයට ඇතලත් කරගන්නා ලෙස බල කරන උද්ඝෝෂණය 2010/10/06 ලෝක ගුරු දිනය දා පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදි පැවැතවීය.

 

මේ වන විට රු. 3,000 ක දීමනාවට පමණක් සේවය කරන මෙම ගුරු පිරිසෙන් වැඩි පිරිසක් ගුරු විද්‍යාලවලද පුහුණුව ලබති. අඩු වැටුපකට සමාන සේවයක යෙදෙන මෙම ගුරු පිරිස වහාම ගුරු සේවයට ඇතුලත් කරන ලෙස ඉල්ලා මෙම උද්ඝෝෂණය පැවැත්විය.
 
ජෝසප් ස්ටාලින්
ලේකම්
(ලංකා ගුරු සංගමය)

නිදහසට කරුණු විමසීම – වෘත්තීය සමිති මර්දනීය පියවරක්

නිදහසට කරුණු විමසීම – වෘත්තීය සමිති මර්දනීය පියවරක්

වෘත්තීය සමිති වලට එරෙහි නීත්‍යානූකූල නොවන ක‍්‍රියාමාර්ග වලක්වන ලෙස ඉල්ලීම රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය ඔක්තෝබර් 25 දින ක‍්‍රියාත්මක කල සේවාවෙන් ඉවත්වීමේ ක‍්‍රියාමාර්ගය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මර්දනීය තත්ත්වයන් පෙරට ගනිමින් ඇත. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සනින් රෝහල් වලට 2010/10/26 දින ලිපියක් යවමින් ක‍්‍රියාමාර්ගයට සහභාගී වු හෙද නිළධාරීන්ගේ නාම ලේඛනයක් ලබා දෙන ලෙසත්, ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසා අදාල පිළිතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයට එවන ලෙසත් රෝහල් බළධාරීන්ට ලිඛිතව දන්වා ඇත.

මෙම ක‍්‍රියාමාර්ගය වෘත්තීය සමිති බිය ගැන්වීමට, මර්දනය කිරීමට ගන්නා ලද නීත්‍යානූකූල නොවන ක‍්‍රියාවක් බව ප‍්‍රකාශ කරන්නෙමු.

ලංකාවේ ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියට අනුව වෘත්තීය සමිති නිදහස තහවුරු කර ඇති අතර, 1935 පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති වෘත්තීය සමිති ආඥ පනතෙන් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග තවදුරටත් තහවුරු කර ඇත. එසේම මෙයට අදාළව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක 87 හා 98 ප‍්‍රඥප්ති වලින් වෘත්තීය සමිති නිදහස හා වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමේ නිදහසද තහවුරු කර ඇති අතර, එම ප‍්‍රෙඥප්ති වලට ලංකා ආණ්ඩුව අත්සන් කර ඇති බවද, මතක් කරමු. 

මෙවැනි තත්ත්වයක් තුළ නීත්‍යානූකූලව ගත් වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් මර්දනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැරසෙන්නේ නම් එයට කිසිසේත් ඉඩදිය නොහැකි බව පෙන්වා දෙන්නෙමු. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ උවමනාවට සෞඛ්‍ය බළධාරීන් මෙසේ හැසිරෙන්නේ නම් එය වැළැක්වීම ඔබතුමාගේ වගකීම බවද පෙන්වා දෙන්නෙමු. 

මෙයට පෙරද 2008 සෞඛ්‍ය වර්ජනයේදී වර්ජකයන්ගෙන් නිදහසට කරුණු විමසීමට එවකට හිටි සෞඛ්‍ය ලේකම් ලිපියක් නිකුත් කර අවසානයේදී එය ඔහු විසින්ම අවලංගු කල බවද පෙන්වා දෙන්නෙමු. 

එබැවින් මෙම මර්දනය නතර කර අධ්‍යක්ෂ ජනරාල් නිකුත් කරන ලද එම ලිපිය අවලංගු කරන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලන අතර, එසේ නෙවාන්නේ නම් අකමැත්තෙන් වුවද මෙම අසාධාරණයට විරුද්ධව කටයුතු කිරීමට සිදුවන බව පෙන්වා දෙන්නෙමු.

ස්තූතියි.
සමන් රත්නප‍්‍රිය

යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට T.U.C විරෝධය

යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට T.U.C විරෝධය


රජය විසින් මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ශ්‍රේෂඨාධීකරණයට හදිසි පනතක් ලෙස ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සංශෝධන හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බරපතල අභියෝගයක් එල්ලවන බව පැහැදිලි කාරණයකි. මෙ පිළිබදව ජනමාධ්‍ය දැනුවත් කරන ජනමාධ්‍ය සාකච්චාවක් 2010-09-01 දින සෞඛ්‍ය සන්ධාන කාර්යාලයේ දී පැවැත්විය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වනසන රාජයේ සේවකයන් වහලූන් කරන ව්‍යවස්ථා සංශෝධන පරදවමු. . .

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වනසන රාජයේ සේවකයන් වහලූන් කරන ව්‍යවස්ථා සංශෝධන පරදවමු. . .

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වනසන රාජයේ සේවකයන් වහලූන් කරන ව්‍යවස්ථා සංශෝධන පරදවමු
  • නව ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙතෙක් වංචාවෙන් යෙදු අවනීතීය නීතිගත වේ
  • ව්‍යවස්ථා එකාධිපතිවාදයෙන් ඡන්දදායකයා තමන්ගේම සතුරා බවට පත් කෙරේ
  • රජයේ සේවකයා මැති ඇමැතිවරුන්ට පාවා දීමෙන් ආණ්ඩුව වහල් යුගය අරභා ඇත 
  • යුගයේ මේ දැවැන්ත පාපයට ඡන්දය දෙන මන්ත‍්‍රීවරුන් එක හෙලා පිටු දකිමු
  • තනි මතයට, පවුල් බලයට, රටත් ජාතියත්, යටත් කර ගන්නා මේ රාජ වියරුව එක්ව පරාජය කරමු
රටට අහිතකර ප‍්‍රජාතන්ත‍්‍රවාදය වනසන රාජ්‍ය සේවකයා වහලූන් බවට පත් කරන මෙම ව්‍යවස්ථා සංශෝධන පරාජය කිරීම සියලූ ජනයාගේ වගකීම බව අපි අවධාරණය කරන්නෙමු.

වෘත්තීය සමිති සම්මේලනය
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය
ලංකා ගුරු සංගමය
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය
තැපැල් හා විදුලි සංදේශ  නිලධාරීන්ගේ සංගමය
නිදහස් වෙලද කලාප හා  පොදු සේවා සේවක සංගමය
සුහද වරාය සේවක සංගමය
රජයේ මුද්‍රණ ශිල්පින්ගේ සංගමය
රජයේ කීට විද්‍යා සහකාර නිලධාරීන්ගේ සංගමය
ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය
සමස්ත ලංකා එක්සත් ධීවර ජනතා වෘත්තීය සංගමය
විද්‍යූත් නිකර්පණ රේඛණ ශීල්පීන්ගේ සංගමය
රජයේ දන්ත ශිල්පී සංගමය
ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය
එක්සත් කම්කරු සම්මේලනය
ලංගම විශ‍්‍රාමිකයන්ගේ පාරීතෝෂිත දිනාගැනීමේ සංවිධානය
ජාතික අධ්‍යාපන සේවක සංගමය
ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍ර කලා වේදීන්ගේ සංගමය
දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංවිධානය (ශී‍්‍ර ලංකා ශාඛාව)
මර්ධනයට එරෙහි මාධ්‍යවේදියෝ
පීපල්ස් මාච්
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
පාර්ලිමේන්තු මන්ත‍්‍රි – දයාසිරි ජයසේකර මයා
ශීරාල් ලක්තිලක මයා
සත්ත්‍යවෙල් පියතුමා
එල්මෝ පෙරේරා
කේ.ඩබ්. ජනරංජන
එක්සත් සමාජවාදී පක්ෂය
සමාජවාදී පක්ෂය
නව වමාංශික පෙරමුණ
ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරය
ලක්බිමේ මව්වරු හා දියණියෝ
නොවැම්බර් ව්‍යාපාරය                                                                                                                                                                                                     INFORM                                                                                                                                                                                                                                                                         PAFFREL
දියැස අධ්‍යාපන කවය
බලංගොඩ මානව සංවර්ධන පදනම

සේවක ඉල්ලීම නොතකා හැරීම වෙනුවෙන් දක්වන විරෝධතා සතිය 2010 සැප්තැම්බර් 06 සිට 10 දක්වා


ප‍්‍රිය සහොදරය/ සහෝදරිය,

ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව පුරා පනස් වසරකට ආසන්න කාලයක් මුලුල්ලේ අප රට ආර්ථිකය පෝෂණය කරන ලද ජාතික ආයතනයකි. අප කවුරුත් දන්නා පරිදි මෙම ජාතික වස්තුව දූෂිත ගනු දෙනුවකින් පුද්ගලික අංශයට විකුණා දමනු ලදුව ලනිර්භීත හා අවංක ජනතා පුත‍්‍රයන්ගේ උත්සාහය මත නැවත ජනතා අයිතියට පත් වූආයතනයකි. එලෙස ජනතා අයිතියට පත් වූ අප රටෙ එකම ආයතනයත් මෙය වෙයි. නමුත් රක්‍ෂණ සංස්ථාව තවම නියමාකාරයෙන් ජනතා අයිතියට පත් වී නැති බව සමස්ත සේවක අදහසයි සංස්ථාව වෙනුවෙන් අදද ප‍්‍රධාන තීරණ ගනු ලබන්නේ පුද්ගලික පරිපාලනය තුල හිඳිමින් සේවකයින් තලා පෙලූ ආයතනයේ ධනය කෙළෙසූ දූෂිත පුද්ගලයින් වීමම එය සනාථ කරවයි. පස්සා දොරෙන් අප ආයතනයට රිංගා ගත් මෙම පුද්ගලයින් විලි ලැජ්ජා නැතිව තවමත් රැඳී සිටිම පිළිබඳව අපගේ පිළිකුල දක්වමු. සංස්ථාව බෙරාගෙන වසර එකහමාරක් ගත වූ තැන අප තවම සිටින්නේ පටන් ගත් තැනමයග පෙර කළමනාකාරිත්වය සේවක අදහස් නොතැකූ හෙයින් අර්බුදය වඩාත් උත්සන්න විය. වර්තමාන කළමනාකාරිත්වයටද අප ඉතාමත් ගෞරවයෙන් හා විශ්වාසයෙන් යුතුව එම ප‍්‍රශ්ණ ඉදිරිපත් කර ඇතගනමුත් අපට පෙනී යන්නේ පුද්ගලික පරිපාලනයේ සිට සංස්ථාව කොල්ල කෑ පිරිසගේ අදහස් විසින් ඔවුන්වද ගිලගෙන ඇති බවයිග නැත්නම ආයතනය බෙරා ගත් ආයතනයට ආදරය කරන අපට මෙසේ ත‍්‍රස්තවාදීන් ලෙස සලකන්නේ නැත. අවිධිමත් බඳවා ගැනීමල අවිධිමත් වැටුප් වැඩි කිරීමල ලක්‍ෂ ගණනින් වාහන ණය, තවමත් ගෙවමින් පවතී.
 
සංතෝසම ආදිය ද විවිධාකාරයෙන් කැමති පරිදි බෙදා දෙයි. මෙවා පිලිබඳව කළමනාකාරිත්වය දක්වන නිහඩ බව පිළිබඳව අපගේ විරෝධය මෙලෙස දැක්වීමට තීරණය කර ඇත.

කලු පටි පළඳිමු – විරෝධය දක්වමු
පහත දක්වා ඇති කරුණු පිළිබඳව සේවක විරෝධය දක්වනු වස් මෙම සැප්තැම‘බර් 6 දින සිට 10 දක්වා වම අතේ ඉහල බාහුවෙ කලු පටියක් පැළඳීමට තීරණය කර ඇතග පුරා සතිය තුල මෙම කලු පටිය පැලඳ අපගේ ඉල්ලීම ඉටු නොකීරීම වෙනුවෙන් ඔබගේ විරෝධය පල කරන්න.
  1. රාජ්‍ය ආයතනයක් ලෙස පරිපාලනය ස්ථාපිත නොකිරීම.
  2. වසර දහයකින් සේවක වැටුප් වැඩි නොකිරීම හා රහසේ කරනු ලබන අවිධිමත් වැටුප් වැඩිකිරීම නතර
    නොකිරීම හා සේවකයින් ඉල්ලා සිටින අන්තර් දීමනාව නොසලකා හැරීම.
  3. MSRPL සේවකයින් 300 ක් සඳහා වැටුප් වශයෙන් මසකට කෝටි 6 ක් ද රක්‍ෂණ සංස්ථාවෙ සේවකයින්
    1,700 ක් වෙනුවෙන් මසකට කෝටි 3 ක් ද වෙන් කෙරෙන විෂම හා අධම වැටුප් ක‍්‍රමය අවසන් නොකිරීම.
  4. පුද්ගලික වකවානුවෙ අසාධාරණ ලෙස සේවය අහිමි කල අපගේ සහෝදර සේවක පිරිස වෙනුවෙන්
    සාධාරණයක් ඉටු නොවීම.
  5. රක්‍ෂණ අලෙවි යාන්ත‍්‍රණය විධිමත් නොකර දෙතුන් දෙනෙකුගේ පුද්ගලික න්‍යාය පත‍්‍ර මත යැපීම.
  6. ආයතනයේ අලෙවි ජීවනාලිය වන ක්‍ෂෙත‍්‍ර බලකාය වෙත අනවශ්‍ය පීඩන එල්ල කිරීම හා ඔවුන් ගේ
    අලෙවි කටයුතු වලට එල්ලවන බාධා වැලැක්වීමට කටයුතු නොකිරීම.
  7. සේවක දරුවන්ට සංස්ථාවෙ රැකියා ලබා දීමෙ ස්ථීර ප‍්‍රතිපත්තියක් සකස් නොවීම.
  8. 55න් පසු දෙනු ලබන සේවා දිගු සැමට සාධාරණව නොකිරීම හා අවුරුදු 25ක සේවා කාලය සපිරූ සේවකයින්
    ඇගයීමෙ සංස්ථා සමප‍්‍රදාය ක‍්‍රියාත්මක නොකිරීම.
  9. මානව සමපත්,තොරතුරු තාක්‍ෂණ, අලෙවි, ආරක්‍ෂක ප‍්‍රවාහනලජාතික අලෙවි FBD/CBD යන අංශ පිලිබඳ
    සත්‍ය තත්වය කළමනාකාරිත්වයට පෙන්වා දී තිබියදීත් නිවැරදි තීන්දු නොගැනීම.
  10. ශාඛා ජාලය තුල පුද්ගලික පරිපාලනය සිදු කල වැරදි ක‍්‍රමවෙද නිවැරදි නොකිරීම.
පොදු ඉල්ලීම දිනාගැනීම සඳහා එකග නොවන සේවකයින් ගේ විරෝධතා නොදැක්වීමට ඇති අයිතියට ගරු කරන මෙන් අප සාමාජිකත්වයෙන් ඉල්ලා සිටිමු.

නව හෙද පත්වීම් වංචා සහගතව දීමේ සුදානමක්

නව හෙද පත්වීම් වංචා සහගතව දීමේ සුදානමක්

තුන් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කරන ලද හෙද සිසුන් 319 දෙනෙකු මේ වන විට පත්වීම් අපේක්ෂාවෙන් සිටින අතර, ඔවුන්හට පත්වීම් ලබාදීමේදී වංචා සහගත ලෙස පත්වීම් දීමේ සුදානමක් පවතින බව සංගමයට වාර්තා වී ඇත. හෙද සේවාවේ පළමු පත්වීම් ලබා දීම අවසාන විභාගයේදී ලැබු ලකුණු මත සකස් කළ කුසලතා ලේඛනයක් අනුව සිදු කරයි.

මෙම 319 දෙනොගේ කුසලතා ලේඛන තිබුනද එම කුසලතා ලේඛනය ඉවතට දමා බාහිර පුද්ගලයන්ගේ බලපෑම් මත පත්වීම් ලේඛන සකස් කිරීමට අමාත්‍යාංශ බළධාරීන් කටයුතු කරමින් සිටී.

මෙය බරපතල වැරද්දක් වන අතර, ඒ නිසා හෙද සිසුන් විසින් දක්ෂතාවය මත මහන්සිවී ලබා ගත් කුසලතාවය අවලංගු වන අතර, පත්වීම් ලබා දීමේ රාජ්‍ය ප‍්‍රතිපත්තියද අමු අමුවේ උල්ලංඝණය වනු ඇත.

රාජ්‍ය සේවාවේ හා සෞඛ්‍ය සේවාවේ පවතින හා පිළිගත් නිති රීති අනුගමනය නොකර මෙවැනි ආකාරයේ බරපතල වැරුද්දක් සිදුවීම වහාම වලක්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු.

එසේ නොවන්නේ නම් මෙම නිතීය වල්වැදීමේ ක‍්‍රියාවට එරෙහිව වෘත්තීමය විරෝධතා ඇරඹීමට සිදුවන බවද අවධාරණය කරන්නෙමු.
 
ස්තූතියි.
සමන් රත්නප‍්‍රිය

ඉල්ලීම් දිනන්නට ඔක්තෝම්බර් 27 පැය 3ක් සේවාවෙන් ඉවත් වෙමු

ඉල්ලීම් දිනන්නට ඔක්තෝම්බර් 27 පැය 3ක් සේවාවෙන් ඉවත් වෙමු

බලධාරීන් විසදුම් පමා කරන්නේනම් නොවැම්බර් 10 අසනීප නිවාඩු

හෙද සේවාවේ මූලික ඉල්ලීම් කිහිපයක් දිනා ගැනීම සඳහා පසුගිය මැතිවරණ සමයට පෙර හා පසුවත් අප සංගමය පාගමන් උද්ඝෝෂණ ආදී වෘත්තීය ක‍්‍රියාමාර්ග රාශියක් අනුගමනය කල අතර, ඊළග පියවර ලෙස අගෝස්තු 18 වන දා සාර්ථක උද්ඝෝෂණයක් ශ‍්‍රී ලංකා ජාතික රෝහල ඉදිරිපිට පවත්වන ලදි. ඒ සඳහා අප ආරාධනා කලද සමහර සමිති මග හරිද්දී ධෛර්ය සම්පන්නව අප විසින් ඉදිරියට තල්ලූ කල මූලික ඉල්ලීම් කිහිපයක් ජයග‍්‍රහණය කල හැකි තැනකට රැගෙන යන්නට අපට හැකිවීම සතුටට කාරණයකි.


වසර 12 කින් 1 ශේණිය ලබාගැනීම
සමස්ථ හෙද සේවාවටම මෙම ඉල්ලීම් ලබාදීම සඳහා කැබිනට් සංදේශයක් අපගේ ඉල්ලීම මත ජුලි 14 දින කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදි. පරිපූරක සේවාවට ලබා දුන් ආකාරයට වසර 12 සම්පූර්ණ වූ හෙද නිළධාරීන්හට ෂ ශ්‍රේණිය ලබාදීමේ ඉල්ලීම වැටුප් කොමිෂම හරහා භාණ්ඩාගාරයට යොමු කෙරිණි. ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 300 ක මූල්‍ය වාර්තාව අප විසින් සකස් කර අමාත්‍යාංශය හරහා භාණ්ඩාගාරයට යවන ලදි. හිග වැටුප් ලබා නොගැනීමට එක්සත් හෙද සංගමය එකගවීම නිසා හෙද සේවාවට හිග වැටුප් නොලැබීමේ අවධානමක් ඇතිවී ඇත. මෙය පිළිබදව සැප්තැම්බර් 29 හෝ ඔක්තොම්බර් 06 දින කැබිනට් මණ්ඩලයේ දී අවසාන තීරණය ගැනීමට නියමිතය.


දින 05 සතිය

හෙද සේවාවට දින 05 සතිය ලබාදීම සඳහා අප සංගමයේ ඉල්ලීම මත අමාත්‍යාංශය විසින් පත්කල කමිටුවේ වාර්තාව මේ වන විට සෞඛ්‍ය ලේකම්ට ලබා දී ඇති අතර, එයට අදාළව ගැට`ඵ නිරාකරණය සඳහා තවත් සාකච්ඡුාවක් කැඳවන ලෙස සෞඛ්‍ය ලේකම් නියෝග කර ඇත.


එක්සත් හෙද සංගමය දින 05 සතිය ලබා දීමට විරුද්ධ බව සෞඛ්‍ය බළධාරීන්ට වාචිකව දන්වා ඇති අතර, එය නැවත වරක් හෙද සේවාව පාවා දීමක් නොවන්නේ ද?


පුහුණුව වසර 3 1/2 කිරීම

උක්ත ඉල්ලීමට සෞඛ්‍ය බලධාරීන් එකග වුවද, වෛද්‍ය සංගමය බරපතල ලෙස විරෝධය පලකිරීම නිසා ක‍්‍රියාත්මක වීම ආපස්සට යන තත්ත්වයක් උද්ගත වී ඇත. මෙය හෙද වයවස්ථා කෙටුම්පතට ඇතුලත් කර ඇති අතර, විරෝධතා පරාජය කර අනුමත කර ගත යුතුය.


අතිකාල පැයට වැටුපෙන් 1/180 ලෙස ලබා ගැනීම

අතිකාල සේවා පැයකට මාසික වැටුපෙන් 1/240 ක් ලෙස දැනට ගෙවන අතර, එය 1/180 ලෙස ගෙවන ලෙස අප ඉල්ලා ඇත. රාජ්‍ය සේවාවට 1/240 ගෙවනුයේ දිනකට පැය 8 ක් සේවය කරන නිසා වන අතර, හෙද සේවාවේ පැය 06 රාජකාරීයට අදාළව 1/180 ලෙස ලැබීම අතිශය සාධාරණය. විශාල මුදලක් අවශ්‍ය බව කියමින් බළධාරීන් මෙම ඉල්ලීම කල් දමමින් පවතින අතර කෙසේ හෝ දිනාගත යුතුය.


හෙද ව්‍යවස්ථා සංශෝධනය

සෞඛ්‍ය අමාත්‍යංශය සකස් කල කෙටුම්පත හෙද සංගම්වලට බාරදී ඇත. එක්සත් හෙද සංගමය විසින් මෙය සංශෝධනය කිරීමට භාණ්ඩාගාර නියෝජිතයන් පටලවා ගෙන සිටීම නිසා සේවයට හානිකර යෝජනාද ඇතුලත් වී ඇත.


 හෙද සේවාවට පිරිමි බඳවා ගන්නා ප‍්‍රතිශතය 20‍% දක්වා පළමු පියවරේදී වැඩිකරන ලෙස අප ඉල්ලා සිටියෙමු. 5‍% ක උපරිමයට යටත්ව බඳවා ගැනීම දක්වා එය එක්සත් හෙද සංගමය විසින් කප්පාදු කර ඇත.
 හෙද සේවාවේ උසස් වීම් සඳහා කාර්යක්ෂමතා කඩඉම් විභාග 3 ක් හා තරග විභාගයක් ලෙස විභාග 4 ක් යෝජනා කර ඇත. වාර්ෂිකව EB විභාගයවත් කල නොහැකි අමාත්‍යාංශය විභාග 04 කින් කෙසේ කරන්නේ ද ? ප‍්‍ර‍්‍රශ්ණයකි
 හෙද අධිකාරී හා හෙද කළමණාකාර යන අප යෝජනා කර ඇති නව තනතුරු වලට වෛද්‍ය සංගමය විරෝධය පල කර ඇත.
 හෙද උපාධිය ලැබු හෙද නිළධාරීන්හට වැටුප් වර්ධක 4 ක් ලබාදෙන ලෙස අප යෝජනා කරන ලදි.
 හෙද සේවාවේ අයිතිකරුවන් යැයි කියන සංගම් විසින් ඉදිරිපත් කර ඇති සමහර හානිකර යෝජනා ද ඇතුලත් කෙටුම්පත කැබිනට් එකට යැවීමට සුදානම් කර ඇත. හෙද සේවාවට හානිකර යෝජනා ඉවත්කර සේවාවේ වර්ධනයට ඉවහල් වන ලෙස කෙටුම්පත සකසා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල යුතුය. ඒ සඳහා සංශෝධන යෝජනා අප විසින් බාරදී ඇති අතර, ඒවා ක‍්‍රියාත්මක කරන්නට බලකිරීම වහා කල යුතුය.


හෙද ගුරු සේවාවක් ඇරඹීමට ඇමතිවරයා එකග වුවද ඒ සදහා නිර්දේශ තවම වැටුප් කොමිසමට යවා නොමැත. ඡුඊී විදුහල, ජාතික හෙද අධයාපන ආයතනයක් ලෙස උසස් කිරීම අනුමත වුවද එයට අදාළ නිති පද්ධතීන් සකස් කර නොමැත. ප‍්‍රජා සෞඛ්‍ය හෙද නිළධාරී තනතුර ඇති කිරීමට යැවු කැබිනට් පත‍්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් ප‍්‍රතික්ෂේප කරන ලදි.


විරෝධතා හා කඩාකප්පල් කිරීම් පරාජය කර උක්ත ඉල්ලීම් ජයග‍්‍රහණය කරන තැනකට රැුගෙන යාම අද දවසේ අනිවාර්්‍යය අවශ්‍යතාවයක් වන අතර, කමිටු වාර්තා ක‍්‍රියාත්මක කිරීමට, සාකච්ඡුාවලදි එකග වු ඉල්ලීම් ලබාදීමට, විරෝධතා කළමණාකරණය කිරීමට අප විසින් සෞඛ්‍ය බළධාරීන්ට සති 3 ක් කල්් දීමට තීරණය කර ඇත.

අයිතීන් දිනන්නට සටනක් අත්‍යාවශ්‍ය වන අතර එය දේශපාලන පෙනුමකින් කරන්නක් නොවිය යුතු බවද පැහැදිලිය.

ඔක්තොම්බර් 15 දිනට පෙර උක්ත ඉල්ලීම් පිළිබඳව බලධාරීන් පිලිගත හැකි විසදුම් ලබා නොදෙන්නේ නම්
ඔක්තොම්බර් 27 බදාදා
පෙ.ව. 8 සිට 11 දක්වා
සේවාවෙන් ඉවත් වීමටත්
විසදුම් තවදුරටත් පමා කරන්නේ නම්
නොවැම්බර් – 10 බදාදා අසනීප නිවාඩු
දැමීමටත් තීරණය කර ඇත
මෙම ක‍්‍රියාමාර්ග වලට සහයෝගය ලබාදෙන ලෙස අප සියලූ සංගම් වලින් විවෘතව ඉල්ලා සිටින්නෙමු.
 
හෙද අයිතීන් දිනන්නට – ධෛර්ය සම්පන්නව සටන් වදිමු


සමන් රත්නප‍්‍රිය – සභාපති                                                                      නාලක හෙට්ටිආරච්චි – ලේකම්

හෙද සේවාවේ නව පත්වීම් සැකසීමේ කුසලතා පදනම වෙනස්කර වංවා සහගතව 2010 පත්විම් සකස් කිරීමේ තීරණයක්

හෙද සේවාවේ නව පත්වීම් සැකසීමේ කුසලතා පදනම වෙනස්කර වංවා සහගතව 2010 පත්විම් සකස් කිරීමේ තීරණයක්

 

තුන් අවුරුදු හෙද සේවාවේ ඩිප්ලෝමාව අවසන් කල හෙද සිසුන් හට ඔවුන් අවසාන විභාගයේදී ලබා ගත් ලකුණු පදනම් කර ගෙන සැකසු කුසලතා ලේඛණයකට අනුව හෙද සේවාවේ නව පත්වීම් ලබාදීම සිදු කරයි. 2010-01-21 දින පුහුණුව අවසන් කළ හෙද සිසුන් 1820 දෙනෙකුට පත්වීම් ලිපි ප‍්‍රදානය ජූලි 30 දින පොලොන්නරුව මහ රෝහලෙ දී සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කෙරින.

එම උත්සවයේදී අමාත්‍යවරයා අතින් පත්වීම් ලිපි බාර දී සුඵ මොහොතකින් පසුව අමාත්‍යංශ බලධාරීන් විසින් පත්වීම් ලිපි එකතු කරගෙන ඇත.

මෙයට හේතුව වන්නේ රට තුළ පවතින පුරප්පාඩු සහ ස්ථාන මාරු නියෝග ලබා දී ඇති හෙද නිළධාරීන් සදහා අවශ්‍ය අනුප‍්‍රාප්තිකයන් ලබාදීම යන කරුණු පදනම් කරගෙන පත්වීම් ලේඛණය සකස් කළ පසු නැවත පළාත් සභා වලට 50 බැගින් දැමීමට සෞඛ්‍ය බලධාරීන් වැරදි තීරණයක් ගැනීමයි. පත්වීම් දෙන රෝහල් ප‍්‍රමාණය හෝ රෝහල් වලට දමන ප‍්‍රමාණය වෙනස් කරන්නේ නම් සකස් කළ පත්වීම් ලේඛණය අවලංගු කර පුරප්පාඩු ලේඛණය නැවත සකසා හෙද සිසුන් ලබා දී නැවත මනාප පල කරන්නට ඉඩ දී පත්වීම් ලේඛණය නැවත සකස් කළ යුතුය.

නමුත් එසේ නොකොට පළාත් සභාවලටද 50 බැගින් අලූතින් දැමිමට සෞඛ්‍ය බළධාරීන් ක‍්‍රියා කරමින් සිටින අතර එසේ කරනුයේ සකස් කර ඇති පත්වීම් ලේඛණයේ කුසලතා පදනම විනාශ කරමිනි.

පෙර සකස් කළ ලේඛණයෙන් එහෙන් මෙහෙන් ඇද එකිනෙකා හිතු මතයට හා නිළධාරීන්හට අවශ්‍ය පරිදි පළාත් සභා වලට දමමින් තිබේන අතර මෙය කුසලතා පදනම මත පත්වීම් දීමේ පිළිගත් රාජ්‍ය ප‍්‍රතිපත්තියද උල්ලංඝණය කිරීමකී.

සමන් රත්නප‍්‍රිය

ඇමතිවරයෙකු විසින් සමෘද්ධි නිළධාරියෙකු ගස් බැදීම රටේ කැලෑ නීතීය රජ කර වීමක්

ඇමතිවරයෙකු විසින් සමෘද්ධි නිළධාරියෙකු ගස් බැදීම රටේ කැලෑ නීතීය රජ කර වීමක්

 

ඩෙංගු මර්ධන වැඩසටහනකට සහභාගී නොවූවේයැයි කියමින් 2010 අගෝස්තු 03 දින නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් සමෘද්ධී නිළධාරීයෙකු ගසකට තබා බැද දමා ඇත.

කැලණිය ප‍්‍රදේශයේ පැවති ඩෙංගු මර්දන සමාලෝචන රැස්වීමක දී සිදු කර ඇති මෙම ක‍්‍රියාවට මුහුණ දී ඇත්තේ සමෘද්ධී නිළධාරී මොහොමඞ් ඊෂාඞ් මහතා වන අතර මෙය ඉතා පහත් නින්දිත ක‍්‍රියාවක් ලෙස අපි සලකන්නෙමු.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ක‍්‍රියාව සිදු කරද්දී පොලිස් නිළධාරීන් එම ස්ථානයේ බලාගෙන සිටි අතර (විද්‍යුත් මාධ්‍ය මගින් ප‍්‍රදර්ශණය විය) ඔවුන් නීතිය ඉටු නොකිරීම ද පුදුම සහගතය.

රජයේ නිළධාරීයෙකු තම රාජකාරිය ඉටු නොකලේ නම් ඒ පිළිබද ක‍්‍රියා කිරීමට රාජ්‍ය සේවාවේ පොදු නීතිය සදහන් ආයතන සංග‍්‍රහයට අනුව හා විනය නීති රීති සංග‍්‍රහයට අනුව සිදු කළ යුතු අතර එයට බාහිර ආකාරයෙන් අමාත්‍යවරයෙකු කි‍්‍රයා කිරීම බරපතල වැරැද්දකි. රටේ වගකිය යුතු නියොජ්‍ය අමාත්‍යවරයෙකු මෙසේ නීතීය අතට ගෙන ක‍්‍රියා කිරීම තුළ රටේ සාධාරණ යුක්තිය හා නීතිය කි‍්‍රයාත්මක නොවන බවත් පවතින්නේ කැලෑ නීතිය බවත් රටට ඔප්පු කර පෙන්වා ඇත.

එසේම මෙවැනි පහත් තත්ත්වයකට රජයේ සේවකයන් හා නිළධාරීන් ඇද දැමු විට ඔවුන් තම රාජකාරී හා සේවාවන් ගෞරවාන්විතව කෙසේ ඉටු කරන්නේද යන්න පිළිබදව බරපතල ප‍්‍රශ්ණයක් පැන නගී.

 

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් පවතින රටක මෙවැනි සීදුවීම් හා පැවතුම් සිදු නොවීය යුතු අතර මෙම සිදුවීම හා මෙයට වගකිව යුතු නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිබදව ගන්නා තීරණය කුමක්දැයි අපි රජයෙන් හා ජනාධිපතිවරයාගෙන් ප‍්‍රශ්ණ කරන්නෙමු.

එසේම මෙම අසාධාරණයට හා රජයේ සේවකයන්ගේ ගෞරවය කෙලෙසීම පිළිබදව අදාල නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විනය පියවර ගන්නා මෙන් ඉතා  ඕනෑ කමින් රජයෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු.

සමන් රත්නප‍්‍රිය

Monday, December 13, 2010

හෙද සේවාවේ ඉල්ලීම් ලබානොදීම නිසා සිදුකරන උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගය – අගෝස්තු 18 – දහවල් 12.00 ට ජාතික රෝහල ඉදිරිපිට දී

හෙද සේවාවේ ඉල්ලීම් ලබානොදීම නිසා සිදුකරන උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගය – අගෝස්තු 18 – දහවල් 12.00 ට ජාතික රෝහල ඉදිරිපිට දී

හෙද සේවාවට බලපාන මුලික ඉල්ලීම් කිහිපයක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡ කල ද ඒවාට විසදුම් ලබාදීම දිගින් දිගටම කල්යන බැවින් අගෝස්තු 18 දින දහවල් 12.00 ට ශ‍්‍රී ලංකා ජාතික රෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කිරීමට අප සංගමය තීරණය කර ඇත.

1    පරිපූරක සේවාවට ලබාදුන් පරිදි වසර 12 කින් හෙද සේවාවට  1 ශ්‍රේණිය  ලබාගැනීම ක‍්‍රියාත්මක නොකිරීම

2    හෙද සේවාව සඳහා දින 05 සතිය ලබාගැනීමට අපගේ ඉල්ලීම මත පත්කල මේ වාර්තාව මේ වනතුරු එළිනොදැක්වීම

3    හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී අප සංගමය ඉදිරිපත් කල සමහර යෝජනා ඇතුලත් නොකිරීම

4    හෙද උපාධිය පිළිබඳව පැවැත්වූ අමාත්‍ය සාකච්ඡුාවේදී ඇතිවු එක`ගතාවයන් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක‍්‍රියාත්මක නොවීම

5    හෙද නිළධාරීන්ගේ ඩිප්ලෝමා සහතික ලබාදිමට යෝජනා කල කඩිනම් වැඩපිලිවෙල ක‍්‍රියාත්මක නොවිම

6    හෙද අධ්‍යක්ෂ, විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර නොගැනීම

7    හෙද නිළධාරීන්හට පත්වීම් දීමේදී කුසලතාවය මත පත්වීම් දෙන ක‍්‍රමය උල්ලංඝණය කිරීම

උක්ත සේවා ගැටඵ පිළිබඳව දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යතුමා, සෞඛ්‍ය ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමග අවස්ථා කිහිපයකදි සාකච්ඡ කලද එකග වු කරුණු පවා ක‍්‍රියාත්මක කිරීම දිගින් දිගටම කල්යන තත්ත්වයන් දකින්නට ඇත.

එබැවින් එම තත්ත්වය වෙනස් කර සාධාරණය ඉටුකර ගැනීම සඳහා උක්ත උද්ඝෝෂණ ව්‍යාපාරය ක‍්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදි.

යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධනයේ දී අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු සංශෝධන මොනවා ද? එයට අදාලව කම්කරු පන්තියේ වගකීම

යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධනයේ දී අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු සංශෝධන මොනවා ද? එයට අදාලව කම්කරු පන්තියේ වගකීම

ඉහත සදහන් මතෘකාව යටතේ වෘත්තීය සමිති මහා සම්මේලනය සංවිධානය කරනු ලබන සංවාදාත්මක මාසික අධ්‍යාපනික වැඩසටහන,


දිනය – 2010-08-31
වේලාව – ප.ව 3.30 සිට – 5.30 දකිවා
ස්ථානය – රාජගිරිය MDDR හි TUC කර්යාලීය ශ‍්‍රවණාගරයේදී
විශේෂ ආරාධිත දේශනය – එස්.ජී. පුංචිහේවා මහාතා

මේ සදහා සහභාගි වන ලෙස ඔබ වෘත්තීය සමිතියට සහෝදරත්වයෙන් දන්වා සිටිමු.

ස්තූතියි
මෙයට සහෝදරත්වයෙන්

අධ්‍යාපන කමිටුව,
නිශාන්ත දේශප‍්‍රිය.             (ල.ගු.සං)
එම්. විජේන්ද්‍ර                     (ස.ලං.එ.ධී.ජ.වෘ.ස)
රවින්ද්‍ර සේනක ජයරත්න    (ශ‍්‍රී.ලං.ම.සෞ.ප.ස)

පොරොන්දු වු වැටුප් වැඩිවීම ලබාදීම හා වැටුප් විෂමතා ඉවත් කිරීම රජය වහා කළ යුතුයි

පොරොන්දු වු වැටුප් වැඩිවීම ලබාදීම හා වැටුප් විෂමතා ඉවත් කිරීම රජය වහා කළ යුතුයි

2010 ජූලි 28 දින ජනාධිපතිවරයා විසින් පොදුවේ වෘත්තීය සමිති කැදවා පැවැත් වු සාකච්ඡාවේ දී වැටුප් විෂමතා ඉවත් කරන ලෙසත් පොරොන්දු වු රු. 2500/- වැටුප් වැඞීවීම ලබා දෙන ලෙසත් සියලූ වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටින ලදී.

එම රැස්වීමේදී වැටුප් විෂමතා ඉවත් කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දීමට ජනාධිපතිවරයා විසින් වෘත්තීය සමිති කමිටුවක් පත් කළ අතර එහි නිර්දේශ අයවැය සමග කි‍්‍රයාත්මක කිරීමට එකග විය.

මෙම වැටුප් පොරොන්දු හා විෂමතා වලට අදාලව මූලික යෝජනා 3ක් ක‍්‍රියාත්මක කළ යුතු බව අප රජයට අවධාරණය කරන්නෙමු.

1. මැතිවරණයෙදි පොරොන්දු වු රු.2500/- වැටුප් වැඩිවීම අයවැයෙන් ලබා දීම
 

2.
       I. වැටුප පියවරෙන් පියවර පරිවර්තනය කරමින් රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 06/2006/ෂඪ විෂමතා ඉවත් කිරීම කළ යුතුය
       II. උපරීමයේ රැු`දි සිටීමේ වැටුප් වාසි සියලූ සේවකයන් හට ලබා දීම කල යුතුය
      III. කම්කරු හා ස්ථිර ලේකම් අතර වැටුප් වර්ධක අනුපාතය 1-8 දක්වා අඩු කිරීම කළ යුතුය


3. සේවාවන් වල බදවා ගැනීමේ පටිපාටි සකස් නොකිරීම නිසා සියලූ වැටුප් චක‍්‍රලේඛ කි‍්‍රයාත්මක වීම ඇනහිට ඇති බැවින් මාස 2 ක් තුළ බදවා ගැනීමේ පටිපාටි සකස් කළ අවසාන කිරීම කළ යුතුය.

උක්ත යෝජනා අයවැය සමග කි‍්‍රයාත්මක කරන ලෙස රජයට බල කර සිටින්නෙමු.

සමන් රත්නප‍්‍රිය

රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය විසින් ශ‍්‍රී ලංකා ජාතික රෝහල ඉදිරිපිට දී 2010 ජුලි 08 දින දහවල් 12 සිට 1 දක්වා පැවැත්වූ උද්ඝෝෂණයේ අවස්ථාවෙන් කිහිපයක්

රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය විසින් ශ‍්‍රී ලංකා ජාතික රෝහල ඉදිරිපිට දී 2010 ජුලි 08 දින දහවල් 12 සිට 1 දක්වා පැවැත්වූ උද්ඝෝෂණයේ අවස්ථාවෙන් කිහිපයක්

1.    වසර 12 කින් ෂ වන ශ්‍රේණිය ලබා දීමට අපගේ ඉල්ලීම මත සකස් කළ කැබිනට් පත‍්‍රිකාව අනුමත නොකිරිම

2.    දින 5 සතිය ලබා දීමට පත්කළ කමිටුවේ වාර්තාව එළි නොදැක්වීම

3.    වසරකින් කප්පාදු කළ හෙද උපාධි පාඨමාලාව වසර 4 ක් ලෙස ස්ථාවර නොකිරීම

4.    හෙද ආචාර්යවරුන්ගේ දීමනා ගැටඵව නොවිසඳීම, එම උක්ත ඉල්ලම් දිනා ගැනීම සඳහා රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය විසින් ශ‍්‍රී ලංකා ජාතික රෝහල ඉදිරිපිට දී 2010 ජුලි 08 දින දහවල් 12 සිට 1 දක්වා පැවැත්වූ උද්ඝෝෂණයේ අවස්ථාවෙන් කිහිපයක් ඉහත ඡායාරූප වලින් දැක්වේ.


උතුරු පලාත් රජයේ සේවක ප‍්‍රශ්ණ වලට රජය වහා විසදුම් ලබාදිය යුතුයි.

උතුරු පලාත් රජයේ සේවක ප‍්‍රශ්ණ වලට රජය වහා විසදුම් ලබාදිය යුතුයි.

වෘත්තීය සමිති මහ සම්මේලනය මාර්තු 27 සිට 30 දක්වා උතුරු පලාතේ රජයේ සේවකයන් මුහුණ දෙන සේවා ප‍්‍රශ්ණ හා දුෂ්කරතාවයන් පිළිබදව සොයා බැලීම සදහා ඔවුන් හමුවී යාපනය හා වව්නියාව ප‍්‍රදේශවලදි සාකච්ඡා කරන ලදී.

මේ සදහා අප සම්මේලනයට අයත් සෞඛ්‍ය, තැපැල්, ගුරු, දුම්රිය, වරාය යන වෘත්තීය සමිතිවල නායකත්වය සහභාගි විය.


මෙහිදි උතුරු ප‍්‍රදේශයේ රජයේ සේවක ගැටලූවලට අඛණ්ඩව මැදිහත් වීම සදහා යාපනය දිස්ත‍්‍රික් කමිටුව හා වව්නියාව දිස්ත‍්‍රික් කමිටුව ලෙස දිස්ත‍්‍රික් සංවිධාන දෙකක්ද පිහිටුවන ලදි.


මෙම සාකච්ඡා වලදී ඉදිරිපත් වු ගැටලූ වලින් පහත සදහන ගැටලූ ප‍්‍රමුඛතාවයන් සේ සැලකිය හැකිය.

1.    2008 මැයි සිට 2009 මැයි දක්වා වන්නි ප‍්‍රදේශයේ රාජකාරි කල රජයේ සේවකයන් හට ඔවුන්ගේ රාජකාරී ලේඛන යුද්ධයෙන් විනාශ වීම නිසා වැටුප් වර්ධක හා දීමනා නොගෙවීම.

2.    දැනට රජයේ කාර්යාල, පාසැල් හා රෝහල් වන්නි ප‍්‍රදේශයට අයත් විශේෂයෙන් කිලිනොච්චි, මුලතිව්, ඔඞ්ඩුසූඩාන් වැනි ප‍්‍රදේශවල ආරම්භකල තිබුනද රජයේ සේවකයන් හට වව්නියාවේ හා යාපනයේ සිට එම ප‍්‍රදේශ වලට යැමට ප‍්‍රවාහන පහසුකම් ප‍්‍රමාණවත් නොවීම.


3.    යාපනය දිස්ත‍්‍රිකකයේ ගුරුවරියන් හට ප‍්‍රසූත නිවාඩු ලබා ගැනීම සදහා පුද්ගලික මුදල් වැය කර නිවාඩු ලබාගන්නා කාලයට අනුප‍්‍රාප්තිකයෙකු ලබාදීමට සිදුවීම.


4.    යුද්ධය නිසා පෞද්ගලික ලිපිගොනු විනාශ වූ රජයේ සේවකයන් හට නියමිත වැටුප නොගෙවා අවසාන වතාවට ගෙවු වැටුප පමණක් ගෙවීමට කටයුතු කිරීම තුළ අඩු වැටුපක් ලැබීම.


5.    යුද්ධය තීව‍්‍රර ලෙස පැවති අවස්ථාවේදි තම ජීවිතයද නොතකා පුදුකුඩිඉරිප්පු, කිලිනොච්චි, මුලතිව් වැනි රොහල් වල සේවය කළ සෞඛ්‍ය සේවාව, ගුරු සේවාව වැනි සේවාවල සේවකයන් හා නිළධාරීන් හට සේවා ඇගයිමක්වත් ලබාදීමට කටයුතු නොකිරීම.


6.    හෙද සේවාව, මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාව, ගුරු සේවාව හා තැපැල් සේවාව වැනි සේවාවන් වල පවතින විශාල පුරප්පාඩු  ප‍්‍රමාණය නිසා සේවාවන් පවත්වාගෙන යෑමේදී බරපතල දුෂ්කරතා මතු වීම.


7.    යුද්ධය නිසා තම නිවාස දේපල අහිමි වූ රජයේ සේවකයන් හට නිවාසයක් හෝ ගොඩනැගීමට සහන පදනම යටතේ විශේෂ ණය මුදලක් ලබා නොදීම.


8.    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ගෙවන කාර්යාල දීමනා ඉන්ධන දීමනා කිසිසේත් ප‍්‍රමාණවත් නොවීම නිසා සේවාවන් නිසි ලෙස පවත්වාගෙන යෑමට නොහැකිවීම. වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක දෙදෙනෙකුට යතුරුපැදි පවා නොමැත.


9.    මධ්‍යම රජයේ අමාත්‍යාංශ නිකුත් කරන චක‍්‍රලේඛ හා ලිපි ලේඛන දෙමළ භාෂාවෙන් නොලැබීම හා ප‍්‍රමාද වී ලැබීම නිසා අසාධාරණයන්ට ලක් වීම.


උක්ත ගැටලූ නිසා යුද්ධයෙන් පිඩාවට පත්වී ඇති උතුරු ප‍්‍රදේශයේ රජයේ සේවකයන් තව දුරටත් පිඩාවට පත්වෙමින් පවතින අතර මෙම අසාධාරණයන් හා සේවා ගැටලූ වලට වහා විසදුම් ලබාදිය යුතු බව උතුරු ප‍්‍රදේශය භාර ආණ්ඩුකාරවරයාටත් රජයේ බලධාරීන්ටත් අවධාරණය කරන්නෙමු.

රාජ්‍ය සේවක පෙත්සම අත්සන් කිරිම – ජූනි 28 ප.ව. 3.30 මරදාන දුම්රියපළ ඉදිරිපිට දී පැවැත්විය

රාජ්‍ය සේවක පෙත්සම අත්සන් කිරිම – ජූනි 28 ප.ව. 3.30 මරදාන දුම්රියපළ ඉදිරිපිට දී පැවැත්විය

පොරොන්දු වු රු.2,500 වැටුප් වැඩිවීම ලබාදෙනු.


ජනාධිපතිවරණයට පෙර රජයේ සේවකයන්ට රු.2,500/= කින් වැටුප් වැඩිකරන බවට ජනාධිපතිවරයා හා රජය ප‍්‍රසිද්ධ පොරොන්දුවක් ලබාදෙන ලදී. මෙම වැටුප් වැඩිවීම 2010 වර්ෂය සඳහා ඉදිරිපත් කිරීමට යෝජීත අයවැය මගින් මාර්තු මස සිට හි`ග වැටුප් ද සම`ග ලබාදෙන බවට ප‍්‍රකාශ කරන ලදී.
මේ වන විට රජය ජූනි මස 29 දින අයවැයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන අතර එම අයවැය තුලින් පොරොන්දු වු වැටුප් වැඩිවීම ලබාදෙන බව සඳහන් කිසි`දු පැහැදිලි ප‍්‍රකාශයක් සිදුනොකරන අතර, මෙම වැටුප් වැඩිවීම සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කර නොමැති බව පැහැදිලිය.
රජය නැවතත් ජිවන වියදම ඉහළ දැමීම තුල පොරොන්දු වූ වැටුප් වැඩිවීම කිසිසේත් ප‍්‍රමාණවත් නොවුවද, එම රු.2,500/= හෝ ලබාදීම යම් සහනයකි. එබැවින් මෙම තත්වය පිළිබඳව සමාලෝචනය කර පොරොන්දු වූ වැටුප් වැඩිවීම දිනා ගැනීම සඳහා දෙවන පියවර ලෙස රාජ්‍ය අංශයේ සිය`ඵ වෘත්තීය සමිති හා නියෝජිතයන් සම්බන්ධ කර ගනිමින් පවත්වන රාජ්‍ය සේවක පෙත්සම අත්සන් කිරීම හා පත‍්‍රිකා බෙදීමේ ව්‍යාපාරය 2010 ජූනී 28 වන දින ප.ව. 3.30 ට මරදාන දුම්රියපළ ඉදිරිපිටදී පවත්වන අතර, ඒ සඳහා පහත සඳහන් වෘත්තීය සමිති හා සම්මේලන වල ක‍්‍රියාකාරීන් හා නායකත්වය සහභාගී විය.


*    වෘත්තීය සමිති මහා සම්මේලනය
*    තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය
*    ලංකා ගුරු සංගමය
*    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය
*    ශ‍්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය
*    රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය
*    ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
*    මාධ්‍ය ඉංජිනේරු වෘත්තීය හා  ටෙලිකොම් ඉංජිනේරු ඩිප්ලෝමාධාරී සම්මේලනය
*    සමස්ත ලංකා විදුහල්පති සේවා සංගමය
*    ආණ්ඩුුවේ එක්සත් කම්කරු සම්මේලනය
*    සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය
*    දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ
*    රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය
*    කම්කරු නිළධාරීන්ගේ සංගමය
*    ශ‍්‍රී ලංකා දුම්රිය සේවයේ තාක්ෂණ ශිල්පීන්ගේ සංගමය
*    ශ‍්‍රී ලංකා දුම්රිය සේවයේ තාක්ෂණ ශිල්පී සහයෝගීතා සංගමය
*    රජයේ මුද්‍රණාලීය කාර්මික නිළධාරීන්ගේ සංගමය
*    රජයේ මුද්‍රණාලීය මුද්‍රණ කාර්ය සහායක සංගමය
*   දුම්රිය පොදු සේවක සහයෝගීතා වෘත්තීය සමිතිය
*    දුම්රිය තාක්ෂණ සේවා සහයෝගීතා සංගමය
*    කාර්යාල සේවා වෘත්තීය සමිති එකතුව

රජයේ සේවකයන් හා ජනතාව අපේක්ෂාභංගත්වයට පත්කල අයවැයක්

රජයේ සේවකයන් හා ජනතාව අපේක්ෂාභංගත්වයට පත්කල අයවැයක්

 

ජූනී 29 වන දින වර්තමාන ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අයවැය යෝජනාවලිය රජයේ සේවකයන් හා සාමාන්‍ය ජනතාව සම්පූර්ණයෙන්ම අපේක්ෂාභංගත්වයට පත්කල අයවැයකි.

අයවැය යෝජනා හරහා රජයේ සේවකයන්හට කිසිදු සහනයක් ලබාදී නොමැති අතර, සාමාන්‍ය ජනයාටද කිසිදු සහන ලබාදීමක් සිදුකර නොමැත.

වර්තමාන ආණ්ඩුව හා ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට පෙර රජයේ සේවකයන්හට රු.2500/=  කින් වැටුප් වැඩි කරන බවට වූ පොරොන්දුව සම්පූර්ණයෙන්ම කඩකරමින් මැතිවරණ වලදී සහයෝගය ලබාදුන් රජයේ සේවකයන්ගේ අපේක්ෂාවන් නොසලකා හැර ඇත.

2006 අයවැය හරහා ආණ්ඩුව ගෙවීමට තීරණය කල ජීවන වියදම් දීමනාවේ මේ වන විට රු.3237/= ක හිග  මුදලක් රජයේ සේවකයන් හට ගෙවා නොමැති අතර, එම දීමනාව වත් ගෙවීමට අයවැයෙන් යෝජනා කොට නොමැත.

එසේම සාමාන්‍ය ජනයා අද පෙලෙන ජීවන වියදම් වැඩිවීමේ ගැටඵවට කිසිදු සහන ලබාදීමක් සිදුකර නොමැති අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ගෑස්, ඉන්ධන මත පනවා ඇති බදු බර අඩුකිරීමට වත් කටයුතු කර නොමැත.

අයවැයට පෙර ආණ්ඩුව ගෑස්, පිටි හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට බදු පටවමින් ඒවායේ මිල වැඩිකල අතර, ඒ හරහා රජයේ සේවකයන් සාමාන්‍ය ජනයා කබලෙන් ලිපට ඇද දමන ලදී.

අයවැයෙන් කල සහන ලබානොදීම හා අයවැයට පෙර කල බදු වැඩිකිරීම් හා වැටුප් පොරොන්දුව ඉටුනොකිරීම  හරහා රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කොන්දේසි සම්පූර්ණයෙන්ම පිලිගනිමින් එහි දෙවන හා තුන්වන  වාරිකය ලබාගැනීම සඳහා ජනතාව අමාරුවේ දමා ඇත.

ඒ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ‍්‍රි ලංකා නියෝජිතයා ඊයේ (ජූනි 29) අයවැය ඉදිරිපත් කිරීමට පෙර පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවෙන් රජයේ ඉදිරි ආර්ථික ක‍්‍රියාමාර්ග පවසමින්  කල කථාවෙන් පැහැදිලි ලෙස ඔප්පු විය.

මෙම තත්ත්වය තුළ ආණ්ඩුවට බොරු පොරොන්දු  දී රජයේ සේවකයන් අමාරුවේ දැමීමට හා ජනතාවගේ සහන කප්පාදු කිරීමට එරෙහිව ඉදිරියේදී වෘත්තීය ක‍්‍රියාමාර්ග සඳහා වැඩකරන ජනයා පෙලගස්වන බව අවධාරණයෙන් ප‍්‍රකාශ කරන්නෙමු.

සමන් රත්නප‍්‍රිය

ජනමාධ්‍ය නිවේදනය

ජනමාධ්‍ය නිවේදනය

මහත්මයාණෙනි/මහත්මියෙනි

ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට කම්කරු නියෝජිතයන් තෝරා ගැනීමේදී ජනාධිපතිවරයාගේ භූමිකාව මගින් අභිමතාර්ථ ගැටුමක් ඇතිකර ඇතිබව ජාත්‍යන්තර කම්කරු සම්මේලනය පවසයි.

2010 ජිනිවාහි දී පවත්වනුලැබු ජත්‍යන්තර කම්කරු සන්විධානයේ 99වන සැසිවාරයට සහභාගි කරවීම සදහා ශ‍්‍රි ලංකා ආණ්ඩුව විසින් තොරාගන්නා ලද කම්කරු නියෝජිතයින් තෝරා ගැනීමේ පිළිවෙල සහ එහි වලංගු භාවය අභියෝගයට ලක් කරමින් වෘත්තීය සමිති මහා සම්මේලනය ILOහි අක්තපත‍්‍ර කාරක සභාව වෙත 2010 ජුනි 02 වැනි දින පැමිණිල්ලක් ගොනු කළේය.

අභිමාතාර්ථ ගැටුම හේතුවෙන් සේවක නියෝජිතයන් නම් කිරීම ද්වේශ සහගත තත්වයකට පත්ව ඇතැයි වෘත්තීය සමිති සම්මේලනය (TUC) පැමිණිල්ල මගින් චෝදනා කරනු ලැබිණ. නියෝජිතයින්ගේ ILOහි අක්තපත‍්‍ර අත්සන් කර තිබුණේ රටේ ප‍්‍රධාන පාලක පක්ෂයේ නායකයා වන ශ‍්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා ද වන මේ රටේ ජනාධිපතිවරයා විසිනි. මෙලෙසින් මෙහි අවසාන ප‍්‍රතිඵලය වූයේ කුමන වෙනත් සමිතියක් සම්මන්ත‍්‍රණයට සහභාගි විය යුතුද නැතහොත් සහභාගි නොවිය යුතුද යන්න නිගමනය කරන පුද්ගලයා එක් වාත්තීය සමිතියක සභාපතිවරයා වීමයි. ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ වාර්ෂික කම්කරු සම්මේලනයට ශ‍්‍රි ලංකාවේ  නියෝජිතයින් තෝරා ගැනීමේ මෙම වැඩ පිළිවෙල නිසා ඊට අදාල දේශපාලන අපක්ෂපාති භාවයට සහ විශ්වාසනීයත්වයට තදබල ලෙස හානී සිදුවී ඇත.

වෘත්තීය සමිති මහා සම්මේලනය මගින් මතු කරන ලද ප‍්‍රධාන ප‍්‍රතිපක්තිමය ගැටලූව 2010 ජුනි 16 වන දින ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ අක්තපත‍්‍ර කාරක සභාව විසින් නිකුත්කරන ලද වාර්ථාවෙන් පිළිගෙන ඇත. සම්මන්ත‍්‍රණයට සේවකයින් තෝරා ගැනීමේදී දක්වන අපක්ෂපාති භාවයේ අඩුපාඩු ගැන ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ අක්තපත‍්‍ර කාරක සභාව මෙසේ පවසයි.

රටේ කම්කරු ජනයා නියෝජනය කරමින් මෙම සම්මේලනයට සහාභාගී වන වෘත්තීය සමිති නියෝජිතයින් සදහා අක්තපත‍්‍ර අත්සන් කිරීමේදී, එකම පුද්ගලයෙකු රටේ ජනාධිපති තනතුරද වෘත්තීය සමිතියක සභාපති තනතුරද එකවිට දැරීම නිසා අභිමාතාර්ථ ගැටුමක් පෙන්නුම් කරන බව පැහැදිලි වේ. ඉදිරියේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට ශ‍්‍රි ලංකා සේවක නියෝජිතයින් තෝරා ගැනීම සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනීමට ජනාධිපතිවරයාට නොහැකිවනු ඇත.

වෘත්තිය සමිති මහා සම්මේලනය මගින් ඉදිරිපත්කරන ලද පැමිණිල්ල අරභයා මෙම ක‍්‍රියාවලියේදී ජනාධිපතිවරයාගේ අභිමාතාර්ථයන්හි ගැටුම සුලූකොට දැක්වීමට ආණ්ඩුව උත්සහා කළේ ජනාධිපතිවරයා විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සකස්කරන ලද අක්තපත‍්‍රවලට අත්සන් කිරීම සාමාන්‍ය තත්වයක් ලෙස දැක්වීමෙන් සහ කම්කරු සංවිධාන සහ ඵලදායිතා වර්ධන අමාත්‍යංශය විසින් නම් කරන නියෝජිතයින්  ර්‍ණඅනුමැතිය සදහා ජනාධිපතිවරයා  වෙත ඉදිරිපත්කරන බව දක්වමිනි.

කෙසේ වුවද , අපක්ෂපාති නොවන තීරණයක් ගෙනදිය හැකි තත්වයක් වැලැක්වීමට ආණ්ඩුවට යාන්ත‍්‍රණයක් ඇතැයි විශ්වාසකරන බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය සදහන් කර ඇත. ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ සේවකයින් නියෝජනය කරන පිරිස සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් යොදන අසීමිත බලය පාලනය කිරීම පිළිබඳව, වරන සහ තුලන (Check and Balance)
ක‍්‍රියාවලියක් ශ‍්‍රි ලංකා ආණ්ඩුවට නොමැති බව සටහන් කිරීමට වෘත්තීය සමිති මහා සම්මේලනය පලාපොරොත්තු වේ.  එවැනි ව්‍යුහයක් හෝ නීතියෙන් බැදෙන ක‍්‍රියාවලියක් හෝ ක‍්‍රියාත්මක පැහැදිලි සහ වලංගු ත්‍රෛයි පාක්ෂික එකඟතාවයකට අදාල ලේඛණගත යාන්ත‍්‍රණයක් ඇතොත් එය වෘත්තීය සමිති මහා සම්මේලනයට ලබා දෙන ලෙස රජයෙන් හා කම්කරු ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී.

ජාත්‍යන්තර කම්කරු සම්මේලනය සදහා වෘත්තීය සමිති නියෝජිත පිරිස තේරීමට ඇති නිර්බාධක අයිතිය ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාට තිබේන හැකියාව ඉදිරියේදී අහිමිවනු ඇත. අනාගතයේදී ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ ප‍්‍රමීතීන්ට අනූකූලවන පරිදි ජාත්‍යන්තර කම්කරු සම්මේලනය සදහා කම්කරු නියෝජිත පිරිස තේරීමේ ක‍්‍රියාවලිය ජනාධිපතිවරයාගේ බලතලවලින් ඔබ්බට ගිය අපක්ෂපාති යාන්ත‍්‍රනයක් මගින් සිදු කළ යුතුය.

TUC වාර්ෂික සමුලූවට වෘත්තීය සමිති තෝරා ගැනීමේදී නියෝජිතත්ව ස්වභාවය සහ නිර්වද්‍යතාවය පරීක්ෂා කළ හැකි නිර්නායකයන් ස්ථාපනය කරන ලෙස ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ අක්තපත‍්‍ර කාරක සභාව විසින් ආණ්ඩුවට උපදෙස් දී ඇති අතර ඉදිරි වර්ෂයේදි  වැඩිම නියෝජිතත්වයක් සහිත කම්කරු සංවිධානවල නියෝජිතයින් නම් කරන ලද බව පෙන්වීමට හැකි තත්වයකට එවිට ආණ්ඩුව පත්වනු ඇතැයිද පවසයි.

ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ තීරණයට වෘත්තීය සමිති මහා සම්මේලනය එකඟ වන අතර කම්කරු නියෝජිතයින් පිරිස තෝරා ගැනීමේදී දැනට පවතින අභිමාතාර්ථ ගැටුම ජාතන්තර කම්කරු සංවිධානයේ මැදිහත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස නිවැරදි කෙරන බවද විධායකයේ බලතල සීමාකරන සමහර වරන සහ තුලන සාධකයන් රටතුල සනාථ වීමට ද අධාරකරනු ඇත. ජා.ක.ස. තීරණයට ආණ්ඩුව ගරු කරනු ඇතැයි ද යහපත් චේතනාවෙන් අදාල වෙනස්කම් රටතුල සිදුකරනු ඇතැයිද වාත්තීය සමිති මහා සම්මේලනය අපේක්ෂා කරයි.

ස්තූතියි
මෙයට විශ්වාසි
සමන් රත්නප‍්‍රිය
මහ ලේකම්
(වෘත්තීය සමිති මහා සම්මේලනය)