Tuesday, May 31, 2011

කටුනායක මෘග පොලිස් ප‍්‍රහාරය හෙලා දකිමු



ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල පෞද්ගලික අංශයේ කම්කරුවන්ට අදාල විශ‍්‍රාම වැටුප් පනතට එරෙහිව මැයි 30 දින උද්ඝෝෂණය කල කටුනායක නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ට මෘග පොලිස් ප‍්‍රහාරයක් එල්ල කරන ලදි.

එම පොලිස් ප‍්‍රහාරයට අදාලව සිදුකල වෙඩි තැබීම් හා පහර දීම් නිසා 350 පමණ කම්කරුවන් ප‍්‍රමාණයකට තුවාල සිදුවී ඇති අතර, 100 ක පමණ ප‍්‍රමාණයක් මේ වන විටත් රෝහල් ගතව ප‍්‍රතිකාර ගනිමින් සිටී.

ප‍්‍රහාරය හේතුවෙන් රාගම රෝහලට 08 දෙනෙකු මීගමුව රෝහලට 216 දෙනෙකු ද, විජය කුමාරතුංග රෝහලට 100 දෙනෙකු ලෙස රෝහල් ගතව ප‍්‍රතිකාර ගෙන ඇත.

මෙම තත්ත්වයට ආණ්ඩුව සෘජුව වගකිව යුතු වන අතර, රට තුළ වෘත්තීය අයිතීන් පාගා පොඩිකර දමන්නට ආණ්ඩුව කටයුතු කර ඇත.

රට තුල වෘත්තීය අයිතිවසිකම් තහවුරු කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා, කම්කරු ප‍්‍රඥාප්ති 87 හා 98 මගින් සිදුකර ඇති නමුත් ඒවාට පයින් ගසා තමන්ට අවශ්‍ය ආකාරයට කම්කරු අයිතීන් පාගා දමන්නට ක‍්‍රියා කිරීමට සූදානම් බව ආණ්ඩුව මෙම පොලිස් පහරදීම් හරහා ඔප්පුකර පෙන්වා ඇත.

මෙම මෘග පොලිස් ප‍්‍රහාරය පිලිකුලෙන් යුතුය හෙලා දකින අප සම්මේලනය,
1ග    පහරදීම් පිළිබඳව අපක්ෂාපාතී පරීක්ෂණයක් පවත්වා පහරදීම් කලවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසත්,
2ග    පහරදීමට ලක්වී අනතුරට ලක්වු සියලූ කම්කරුවන්හට ප‍්‍රමාණවත් වන්දියක් වහා ලබාදිය යුතු බවත්,
3ග    රටතුළ කම්කරු අයිතීන් තහවුරු කරනවා ද, නැද්ද ගැන ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් අණ්ඩුව විසින් කල යුතු බවත්,
4ග    යෝජිත විශ‍්‍රාම වැටුප් පනත ඉල්ලා අස්කර ගන්නා බවට පාර්ලිමේන්තුවේ නිල ප‍්‍රකාශයත් කල යුතු බවත් අවධාරණය කරයි. එසේ නොවන්නේ නම් සිය`ඵ වෘත්තීය සමිති ඒකරාශී කර මෙම ප‍්‍රහාරයට හා පනතට එරෙහිව ජාතික විරෝධතා දිනයක් ප‍්‍රකාශයට පත්කර බරපතල විරෝධතාවයක් ක‍්‍රියාත්මක කරන්නට කටයුතු කරන බව අවධාරණය කරන්නෙමු.


සමන් රත්නප‍්‍රිය


No comments:

Post a Comment