Tuesday, May 31, 2011

කටුනායක ප‍්‍රහාරයට එරෙහි විරෝධතා උද්ඝෝෂණය ජූනි 01 දවල් 12 ට. කොටුව දුම්රියපල ඉදිරිපිට දී

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල පෞද්ගලික අංශයේ කම්කරුවන්ට අදාල විශ‍්‍රාම වැටුප් පනතට එරෙහිව මැයි 30 දින උද්ඝෝෂණය කල කටුනායක නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ට මෘග පොලිස් ප‍්‍රහාරයක් එල්ල කරන ලදි.

එම පොලිස් ප‍්‍රහාරයට අදාලව සිදුකල වෙඩි තැබීම් හා පහර දීම් නිසා 350 පමණ කම්කරුවන් ප‍්‍රමාණයකට තුවාල සිදුවී ඇති අතර, 100 ක පමණ ප‍්‍රමාණයක් මේ වන විටත් රෝහල් ගතව ප‍්‍රතිකාර ගනිමින් සිටී.

මෙම තත්ත්වයට ආණ්ඩුව සෘජුව වගකිව යුතු වන අතර, රට තුළ වෘත්තීය අයිතීන් පාගා පොඩිකර දමන්නට ආණ්ඩුව කටයුතු කර ඇත.

මෙම මෘග පොලිස් ප‍්‍රහාරයට හා මර්දනයට එරෙහිව අප ක‍්‍රියාත්මක කරන විරෝධතා උද්ඝෝෂණය 2011.06.01 බදාදා දහවල් 12.30 ට කොටුව දුම්රියපල ඉදිරිපිට දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම උද්ඝෝෂණය ආවරණය කිරිම සඳහා මාධ්‍ය නිළධාරීන් යොදවන මෙන් කාරුණිකව ඉල්ලමි.

සමන් රත්නප‍්‍රිය

No comments:

Post a Comment