Tuesday, May 3, 2011

වෘත්තීය සමිති මහා සම්මේලනය 2011 මැයි දිනය සමරයි


වෘත්තීය සමිති මහා සම්මේලනය මෙවර මැයි දිනය කොළඹ දී අති විශාල ජන සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් යුතුව සමරන ලදි. පෙලපාලිය කෙළඹ දුම්රිය පල ඉදිරිපිටින් ගමන් ආරම්භ කළ අතර රැලිය හයිඞ්පාක් ක‍්‍රීඩාංගනයේ දී උත්කර්ෂවත් ලෙ පවත්වන ලදී.

මෙම මැයි රැලිය සදහා රාජ්‍ය. පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශවල පහත සදහන් වෘත්තීය සමිති සහාභාගි විය.

  • නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය
    • සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය
  • තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය
  • ලංකා ගුරු සංගමය
  • රජයේ මුද‍්‍රණ ශීල්පීන්ගේ සංගමය
  • ස්වාධීන වරාය සේවක සංගමය
  • රජයේ හෙද නිළධාරින්ගේ සංගමය
  • සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය
  • රජයේ කීට විද්‍යා සහකාර නිළධාරීන්ගේ සංගමය
  • රජයේ දන්ත ශීල්පීන්ගේ සංගමය
  • රජයේ විද්‍යුත් නිකර්පණ රේඛන ශීල්පීන්ගේ සංගමය
  • රක්ෂණ සේවක සංගමය
  • ලංකා වෙලද කාර්මික හා පොදු කම්කරු සංගමය (CMU)
  • ලංකා බැංකු සේවක සංගමය
  • එක්සත් කම්කරු සම්මේලනය
  • මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
  • මහ බැංකු සේවක සංගමය
  • ස්වාධීන තටාක සේවක සංගමය
  • නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
  • ආණ්ඩුවේ එක්සත් කම්කරු සම්මේලනය
  • ජාතික කම්කරු සංගමය
  1. මැයි රැලියේ දී අදහස් දැක්වු සම්මේලනයේ මහ ලේකම් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති හා රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය සහෝදරයා මෙසේ අදහස් ප‍්‍රකාෂ කරන ලදි.
මෙම මැයි රැලිය රාජ්‍ය පෞද්ගලික අංශවල දේශපාලන පක්ෂ වලට සෘජුව සම්බන්ධ නැති ස්වාධීන වෘත්තීය සමිති එක්රැස් වී පැවැත්වු ඓතිහාසික මැයි රැලිය බැවින් කම්කරු පන්තියේ අයිතීන් වෙනුවෙන් හඩ නගන එකම මැයි දින වේදිකාව මෙය බවත් පවසන ලදී.

ආණ්ඩුව ජානාධිපතිවරණයට පෙර රු2500/-කින් වැටුප් වැඩිකරණ බවට වු පොරොන්දුව අමතක කර ඇති බැවින් ජීවන වියදම් දීමනාව කප්පාදු කර ඇති බැවින් එම තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ සේවකයන්ගේ වැටුප රු.5000/- කින් වැඩිකල යුතු බව අවධාරණය කරන ලදී. එසේම, පෞද්ගලික අංශය සදහා යෝජිත අසාධාරණ විශ‍්‍රාම වැටුප් පනත රජය හකුලා ගත යුතු බැවින් කම්කරුවන් හට වාසිදායක විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් ස්ථාපිත කරන්නට කටයුතු කළයුතු බවත් පැවසීය.

වෘත්තීය සමිති ක‍්‍රියාකාරකම් මර්දනය කරන්නට පසුගිය කාලය තුල අධිකරණය උපයෝගී කරගත් ආණ්ඩුව, මේ වන විට වර්ජකයන්ට එරෙහිව ස්ථාන මාරු ලබා දෙමින් විනය පරීක්ෂණ පවත්වමින් කටයුතු කරන අතර, සෞඛ්‍ය, වෙළඳ කලාප, ගුරු, ධීවර ක්ෂේත‍්‍රවල එවැනි අත්දැකීම් ඇතිවී ඇති බවත් පැහැදිලි කරන ලදි. 

මෙම තත්ත්වය වහාම නතර කර ආණ්ඩුව අත්සන් කර ඇති ජාත්‍යන්තර කම්කරු ප‍්‍රඥප්ති අංක 87 හා 98 ලංකාව තුල බලාත්මක කරන්නට වහා නීති සැකසිය යුතු බවට අවධාරණය කළේය.

යුද්ධය අවසන් වී ඇති මේ මොහොතේ හදිසි නීතිය ඇතුඵ මර්දනකාරී අණ පනත් වහා ඉවත් කරන ලෙස රජයට බල කරන බව පැවසීය. 

එසේම රජය විසින් ජනතාවගේ ජීවන වියදම හා බදු අඩුකිරීමට කටයුතු කළ යුතු බවත් අවධාරණය කරන ලදී.

මෙහිදි පහත සදහන් නායකයින් මැයි රැලිය අමතන ලදී.

බාල තම්පෝ සහෝදරයා      (සභාපති) ලංකා වෙළද කාර්මික හා පොදු කම්කරු සංගමය(CMU)

 
ඇන්ටන් මාකස් සහෝදරයා (සමලේකම්) නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය,


ජෝසප් ස්ටාලින් සහෝදරයා (සභාපති) ලංකා ගුරු සංගමය


නවරත්න බණ්ඩාර සහෝදරයා (සභාපති) තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය


අරුණ රෝෂාන්ත සහෝදරයා (සභාපති) සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය


ආර්.එස්.නන්දලාල් සහෝදරයා (සභාපති) රක්ෂණ සේවක සංගමය


අමරපාල ගමගේ සහෝදරයා (සභාපති) ලංකා බැංකු සේවක සංගමය


ලීනස් ජයතිලක සහෝදරයා (සභාපති) එක්සත් කම්කරු සම්මේලනය

ලංකාපේලි සහෝදරයා (සභාපති) මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය



  1. මෙහිදි මෙම මූලික ඉල්ලීම් අවධාරණය කරමින් සැකසු මැයි දින යෝජනා මාලාව කම්කරු ජනයාගේ අත්පොලසන් හඩ මධ්‍යයේ සම්මත කෙරිනි.
  2. යෝජිත විශ‍්‍රාම වැටුප් පනත අහෝසි කර සැබෑ විශාම වැටුප් පනතක් ස්ථාපිත කිරීම 
  3. රාජ්‍ය සේවක වැටුප රු.5000/- කින් වැඩිකර ජීවත් වීමට සරිලන වැටුපක් ස්ථාපිත කිරීම 
  4. කම්කරු ප‍්‍රඥාප්තිය නීතිගත කිරීම 
  5. ජාත්‍යන්තර කම්කරු ප‍්‍රඥාප්තීන් 87 හා 98 ක‍්‍රියාත්මක කිරීමට නීති සැකසීම 
  6. පෞද්ගලික අංශයේ අවම වැටුප රු.10,000/- ක් කිරීම 
  7. නිත්‍ය සේවාවන් වල කොන්ත‍්‍රාත් පදනමට සේවයේ යෙදවීම තහනම් කිරීම 
  8. හදිසි නීතිය ඉවත් කිරීම
  9. මර්දනය නතර කර වෘත්තීය සමිති සමාජ පාර්ශ්වකරුවන් ලෙස සැලකීම 
  10. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල අඩුකර ජීවන වියදම පහත හෙලීම 

මහ ලේකම්
(සමන් රත්නප‍්‍රිය)





































No comments:

Post a Comment