Tuesday, January 25, 2011

ආපදාවට ල්කවු ජනයාට සහන සැපයීමේ සේවාව තවදුරටත් ක‍්‍රියාත්මකයි

ගංවතුර අපදාව නිසා ප‍්‍රධාන දිස්ත‍්‍රීක්ක 12 ක ජනතාව ලක්ෂ 12 ක් පමණ ආපදාවට ලක් වු අතර, නිවාස අති විෂාල සංඛ්‍යාවකට හානි විය.එසේම ගංවතුර ආපදාවෙන් මිනිස් ජීවිත 39 පමන රටට අහිමි විය.

මෙවැනි අපදාවක දි වෘත්තීය සමිතියක් ලෙස තම වගකීම ඉටු කිරිමට සැලසුම් කල රාජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ප‍්‍රජා ස්තකාර සේවාවන් කිහිපයක් ක‍්‍රීයාත්මක කරන අතර, තවදුරටත් ක‍්‍රියාත්මක කරමින් සිටියි.

එයට අදාලව
  1. මහජනතාවට සනිපාරක්ෂක තත්ත්වයන් ආරක්ෂා කිරීමට අදාල සහන පැකට්ටුවක් ජනතාව අතර, බෙදා දීෙම් වැඩපිළිවල ජන 16 දින පොලොන්නරුවෙන් අරඹන ලදි.
  2. එහිදි ආපදාවට ලක් වු ජනතාවට බෙදා දීම සදහා රු.2500/-ක පමණ වට්නාකමකින් යුත් පානීය ජල බෝතල් සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පරිත්‍යාග කරන ලදි.
  3. එසේම ආපදාවට ලක් වු ජනතාවට සනිපාරක්ෂක ද‍්‍රව්‍ය ඇතුලත් පැකට්ටු 500 ක් බෙදා දෙන ලදි.
  4. ජනවාරි 21/22 දින වලට මඩකලපුව දිසුත‍්‍රික්කයේදී ආපදාවල ලක් වු ජනතාවට සහන පැකට් 500 ක් ස්ථාන 3 කදි බෙදා දෙන ලදි.

රජෙය් ෙහද නිලධාරීන්ෙග් සංගමය

Monday, January 24, 2011

ගංවතුෙරන් අපදාවට ලක්වුවන්ට අදාර ලබා දීෙම් වැඩසටහන

මඩකළපුව ප‍්‍රදේශයේ ආපදාවට ලක්වු ජනයාගේ අවශ්‍යතාවය නිරීක්ෂණය කිරීමේ වැඩපිලිවෙලක් 2011/01/21 දවස තුළ මඩකළපුව ප%ෙද්ශෙය් සිදුකල අතර, ඒයට රැ 50.000 කට අදික වටිනාකමකින් යුත් බඩු ෙබදා දුන්හ.

ආපදා සහන වැඩ පිලිවෙල

ගංවතුර නිසා ආපදාවට ලක්වු ජනයාට සහන සැලසීමේ වැඩපිලිවෙලට අනුව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය විසින් ද්‍රව්‍ය හා උපකරණ බෙදා දීමේ වැඩපිලිවෙලක් හා වසංගත රෝග වැළදීම වැළැක්වීමේ වැඩසටහනක් දියත් කර ඇත. 

එයට අදාලව සන්ධානයේ සභාපති සමන් රත්නප‍්‍රිය සහෝදරයා ඇතු`ඵ වෘත්තීය සමිති නායකත්වය විසින් රු.2500/-ක පමණ වටිනාකමකින් යුතු පානීය ජල බෝතල් සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ජනවාරී 16 දින පොළොන්නරුවේදී පරිත්‍යාග කල අයුරු

පොළොන්නරුව ප‍්‍රදේශයේ ආපදාවට ලක්වු ජනයාගේ අවශ්‍යතාවය නිරීක්ෂණය කිරීමේ වැඩපිලිවෙලක් ඊයේ දවස තුළ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ සිදුකල අතර, එහිදි මහ දිසාපති අබේසිරිලාල් නිමල් මහතා සමග ද සාකච්ඡාවක් සිදුකරන ලදි.

Thursday, January 13, 2011

ගංවතුරෙන් ආපදාවට ලක්වුවන්ට සහන සැලසීමේ වැඩ පිලිවෙල


වර්ෂාව, ගංවතුර හා වැව් අමුණු පිටාර ගැලීම නිසා මේ වන විට රටේ දිස්ත‍්‍රික්ක 12 ක ලක්ෂ 11 ක පමණ ජනතාවක් පීඩාවට පත්ව සිටිති. මරණ 23 වාර්තා වී ඇති අතර, නිවාස 2680 මුඵමනින්ම විනාශ වී ඇත.

මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, නුවරඑළිය, මොණරාගල, මහනුවර, මාතලේ, අනුරාධපුර, කෑගල්ල, ත‍්‍රිකුණාමලය, බදුල්ල සහ රත්නපුර දිස්ත‍්‍රික්ක වල මෙසේ ජනයා පීඩාවට පත්ව ඇති අතර, මඩකලපුව හා අම්පාර දිස්ත‍්‍රික්ක වල තවමත් වැසි ලැබෙමින් පැවැතීම තුළ තවදුරටත් ආපදා තත්ත්වය ඉහළ යන බව දක්නට ඇත.

මෙම ආපදා තත්ත්වය තුළ පීඩාවට පත්වු ජනයාට සහන සැලැසීම සියඵ ජනයාගේ වගකීම වන අතර, ඒ සඳහා සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ලෙස සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ අනිකුත් වෘත්තීය සමිති ද ඒකරාශී කර ගනිමින් සහන වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

මෙයට අදාලව ජනවාරී 16 සිට 20 දක්වා කාලය තුළ ආපදාවට පත් ජනයාට රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට අදාල අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පැකැට්ටුවක් බෙදා හැරීමේ වැඩපිලිවෙලක් දියත් කර ඇත. ඒ සඳහා ද්‍රව්‍ය ලෙස, සෙරෙප්පු, සබන්, දත් බුරුසු, දත් බෙහෙත්, සනීපාරක්ෂක තුවා, වතුර බෝතල් හෙද නිළධාරීන්ගෙන් රෝහල් මට්ටමින් එකතු කරන හා අනුග‍්‍රාහකයන්ගෙන් ලබා ගන්නා වැඩපිලිවෙලක් දැනට රෝහල් මට්ටමින් ආරම්භ කර ඇත.

එසේම ගංවතුර බැසයෑමෙන් පසු ඇතිවිය හැකි වසංගත රෝග බෝවීමේ අවධානමට මුහුණ දීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ පත‍්‍රිකා 50,000 ක් මුද්‍රණය කර බෙදා හැරීමට ද සංගමය කටයුතු කරමින් සිටී.

එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව අමාත්‍යාංශයේ ආපදා කළමණාකරණ ඒකකයේ සාමාජිකයෙක් ලෙස අප සංගමයද ක‍්‍රියාකරමින් ආපදාවට ලක්වු දිස්ත‍්‍රික්ක වලට විශේෂයෙන් මඩකලපුව හා පොළොන්නරුව දිසත‍්‍රික්ක වලට සෞඛ්‍ය කණ්ඩායම් පිටත් කර හැරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් ක‍්‍රියාකරමින් සිටී.


Friday, January 7, 2011

06/2006 IV චක‍්‍රලේඛයේ විෂමතා ඉවත් කරයි.

06/2006 IV චක‍්‍රලේඛයේ වැටුප් සකස් කිරීම ආයතන සංග‍්‍රහයේ 7:4 වගන්තියට යටත්කිරීම රාජ්‍ය සේවාවේ සේවකයන් හට බරපතල වැටුප් විෂමතාවයක් නිරිමාණය විය.  මෙම විෂමතාවය ඉවත් කරන ලෙස පසුගිය කාලය පුරාම රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ලෙස අප බලපෑම් කරන ලදි.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කල අතර, එහි සාමාජියෙකු ලෙස සම්මේලනයේ මහා ලේකම් සමන් රත්නප‍්‍රිය සහෝදරයා ද පත් කෙරිනි.

එම කමිටුවෙ නිර්දේශ 2010 නොවැම්බර්    දින ජනාධිපතිට බාරදෙන ලදි.

එයට අදාලව 06/2006 IV චක‍්‍රලේඛයේ වැටුප් විෂමතා ඉවත් කරමින් ආදාල නව චක‍්‍රලේඛය රා.ප.ච. 28/2010 ලෙස 2010/12/31 දින රාජ්‍ය පරිපාලන ලේකම් විසින් නිකුත් කර ඇති අතර, එය ක‍්‍රියාත්මක වන්නේ 2011/07/01 දින සිටය,

විෂමතා ඉවත් කළද එය 06/2006 IV චක‍්‍රලේකය නිකුත් කල දිනය වන 2007/08/24 වන දිනට පෙරදාතම කර හිග වැටුප් ලබා දී නොමැත් අතර, එවා ලබා ගැනීම සදහා කටයුතු කල යුතුය.