Friday, January 7, 2011

06/2006 IV චක‍්‍රලේඛයේ විෂමතා ඉවත් කරයි.

06/2006 IV චක‍්‍රලේඛයේ වැටුප් සකස් කිරීම ආයතන සංග‍්‍රහයේ 7:4 වගන්තියට යටත්කිරීම රාජ්‍ය සේවාවේ සේවකයන් හට බරපතල වැටුප් විෂමතාවයක් නිරිමාණය විය.  මෙම විෂමතාවය ඉවත් කරන ලෙස පසුගිය කාලය පුරාම රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ලෙස අප බලපෑම් කරන ලදි.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කල අතර, එහි සාමාජියෙකු ලෙස සම්මේලනයේ මහා ලේකම් සමන් රත්නප‍්‍රිය සහෝදරයා ද පත් කෙරිනි.

එම කමිටුවෙ නිර්දේශ 2010 නොවැම්බර්    දින ජනාධිපතිට බාරදෙන ලදි.

එයට අදාලව 06/2006 IV චක‍්‍රලේඛයේ වැටුප් විෂමතා ඉවත් කරමින් ආදාල නව චක‍්‍රලේඛය රා.ප.ච. 28/2010 ලෙස 2010/12/31 දින රාජ්‍ය පරිපාලන ලේකම් විසින් නිකුත් කර ඇති අතර, එය ක‍්‍රියාත්මක වන්නේ 2011/07/01 දින සිටය,

විෂමතා ඉවත් කළද එය 06/2006 IV චක‍්‍රලේකය නිකුත් කල දිනය වන 2007/08/24 වන දිනට පෙරදාතම කර හිග වැටුප් ලබා දී නොමැත් අතර, එවා ලබා ගැනීම සදහා කටයුතු කල යුතුය.

No comments:

Post a Comment