Monday, April 4, 2011

වැඩකරන ජනතාව අවධිකරන්නේ කෙසේද?

    ශි‍්‍ර ලංකාවේ වැඩකරන ජනතාවගෙන් 20% ටත් අඩු ප‍්‍රමාණයක් සංවිධාන හා වෘත්තීය සමිති හරහා සංවිධානය වී ඇති බව අප නිතර ප‍්‍රකාශ කරන්නෙමු, එහිම අර්බුධයක් පවතී, එයින්ද බහුතරයක් වෘත්තීය සමිති අරගලවලට යොමු කරගැනීම ඉතා අසීරුය, වැටුප් ප‍්‍රශ්නයක්, අතිකාල හෝ එවැනි දැනෙන ප‍්‍රශ්නවලට ගොනුවන ප‍්‍රමාණය තරමක් වැඩි වුවද, ජාතික වශයෙන් (වැඩකරන ජනතාවට වුවද) බලපාන ප‍්‍රශ්න තබා අවම වශයෙන් වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන්්, නීති විරෝධි මර්ධනයන් වෙනුවෙන් හෝ ඉදිරිපත් වන්නේ අල්ප ප‍්‍රමාණයකි, එසේ නම් අප සාමාජිකයන් කැදවන්නේ කෙසේදැයි සාකච්ඡුා කල යූතුව තිබේ,


    සංවිධාන මට්ටමින් ඒවායෙහි ක‍්‍රියාකාරීත්වයේද, සන්නිවේදන කාර්යයේද, අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේද ප‍්‍රශ්න තිබේ, මේ වෙනුවෙන් අභ්‍යන්තර අරගල හා සාකච්ඡුාවන්ද, නව සොයාගැනීම්ද අත්‍යාවශ්‍යව තිබේ, බහුතරයක් වෘත්තීය සමිති නායකයන් ඒ සදහා දක්වන්නේ අල්ප හා ඇල්මැරුණු ස්වභාවයක්ය, විශේෂයෙන් නායකයන් අනිසි, අනවශ්‍ය ආධිපත්‍යයක් සාමාජිකත්වය වෙත පතුරවාගෙන එවැනි සාකච්ඡුා මගහරිමින් තිබේ,
   
    අප දන්නා වෘත්තීය සමිති අති බහුතරයක් නව හා දෙවැනි පෙල නායකයන් පෙල ගැස්වීමේ සූදානමක්වත් නොමැත, සැම විටම විධයක කමිටු ක‍්‍රියාකාරීත්වය සහ හෝ එවැනි තැන්වල එකම පිරිසක් අධිපත්‍ය පතුරවති, මුල් පෙලේ නායකයන් නිතර වෙනස්වීම හෝ ඔවුන් අක‍්‍රීය කිරීම සංවිධානයට අහිතකර විය හැකිය, එහෙත් විශේෂයෙන් ඉහත කමිටු වැනි තැන්වලට නවකයින් කැදවීම හා ඔවුන්ට අභ්‍යන්තර මෙන්ම බාහිර වශයෙන් සබද’තා හා අත්දැකීම් ලබාගනු සදහා අවශ්‍ය අවස්ථා හිමිකර දිය යුතුව තිබේ,


    දෙවනුව නව පරපුර නව සංනිවේදන මෝස්තරයක ^style& එකක ඇලී ගැලී සිටිති, ජංගම දුරකථන, E – Mail, Face Book, අන්තර්ජාල වෙබ් අඩවි හා බිලොග් අඩවි තුල බහුතරයක් තරුණ, තරුණයින් අවම වශයෙන් දිනකට පැය බාගයක් හේ සැරිසරයි, ඒ තුල සිටින තරුණ, තරුණයින් අතරද සමාජ සාධාරණත්වය අගයන, සටන්කාමී, මානුෂීය හැගීම් ඇති බුද්ධිමත් පිරිසක් සිටිති, ඔවුන්ට වෘත්තීය සමිති දේශපාලනය හා එහි ක‍්‍රියාකාරීත්වයන්ද, අවශ්‍යතාවයන්ද සම්බන්ධයෙන් දැනුවත් කරමින් අවධිකර ගත යුතුය, ඒ සදහා සරල, කෙටි, හරවත් සන්නිවේදන භාවිතාවක අවශ්‍යතාවය පවතී, උ∞හාරණයක් ලෙස කෙටි පණිවුඩ ^SMS& මගින් පණිවුඩය සමග’ සරල කෙටි විග‍්‍රහයක් කල හැකිය, එමගින් වෘත්තීය සමිති ක‍්‍රියාකාරීත්වයට සේම සමාජ සාධාරණත්වය වෙනුවෙන්ද හඩනගන තාරුණ්‍ය අවධිකල හැකිබව ටියූනිසියාවේ, ලිබියාවේ හා ඊජිප්තුවේ නැගිටීම තුලින් පැහැදිලිය,
    වෘත්තීය සමිති තුල කලාව හා සාහිත්‍ය සදහා ඇති ඉඩකඩද සීමිතය, සාමාන්‍යයෙන් වරුගණන් ඇදෙන දේශන, සාකච්ඡුා, සම්මන්ත‍්‍රනයන් හැර විනෝදය, රසාස්වාදය, කලාව, සාහිත්‍ය සදහා ඉඩක් නැත, විධායක කමිටු රැුස්වීමක් අතරමග කෙටි චිත‍්‍රපටයක්, ගීතයක් රසවිදීම, වාර්ෂීක මහා සම්මේලනය තුලද දේශන හා කථා අතරට සාහිත්‍ය අංග එකතු කිිරීම සහ ඒ සදහා පෙලඹ වීමක් කල යූතුය, අතීතයේ සිටම වැඩකරන ජනතාවගේ සාහිත්‍යයක් පැවතුනි, එනම් නෙඵ’ම් කවි, කමත් කවි වැනි ගොවි කටයූතු වලදීද, පතල් කවි ආදී වශයෙන්ද සාහිත්‍ය ඇසූරක් හා වැඩකරන ජනතාවගේ සාහිත්‍යයක් පැවතුනි, නව කර්මාන්ත ශාලා, වැඩපොලවල්, කාර්යාල තුල එවැනි සාහිත්‍ය කලා ඇසුරක් හෝ සංස්කෘතියක් නැත, ඒ සදහා රික්තකයක්ද පවතී, එම රික්තකය තුලද වෘත්තීය සමිති වලට ක‍්‍රියාකාරී වී නව බැදීම් හා සටන්කාමීත්වය පෝසත් කරන සාහිත්‍යමය නිර්මාන බිහිකල හැකිය, සාහිත්‍ය. සංස්කෘතිය සමස්ත සමාජයෙන්ම දුරස්ථව ඇති නිසාම බාලවර්ගයේ ගීත, නවකතා, පුවත්පත් ආදී කෘති වලට තාරුණ්‍ය පමණක් නොව වැඩකරන ජනතාවම යොමු වී ඇත, ඊට ජනමාධ්‍ය පමණක්ම වගකිව යුතු නැත, ඉහල රසාස්වාදයක්, වැඩකරන ජනතාවගේ සාහිත්‍යයක් ගොඩනැගීමේ වගකීම කම්කරු නායකයින්ගේද වගකීමක් කොට ගත යුතුය කාලය එලඹ තිබේ,
   
    එමෙන්ම, කී‍්‍රඩාව හා විනෝදය වෘත්තීය සමිති තුලින් ඉතා දුර ඈතය, එවැනි දෑ කෙරෙහි අවධානය යොමුකිරීම සංවිධාන ශක්තිමත් කිරීමට හේතු වේ, විශේෂයෙන් වෘත්තීය  සමිති සිය විනෝදය කොටගන්නේ රැුස්වීම් අවසානයේ පැවැත්වෙන මධුවිත සාදයක්ය, එහි වරදක් නැත, එහෙත් එය පිරිමින්ට පමණි, මෙරට වැඩකරන ජනතාවගෙන් අතිවිශාල ප‍්‍රමාණයක් කාන්තාවන්ය, පිරිමින් අතර මධුවිත නිසා ඇතිවන සහෝදරාත්මක බැදීම් වලට විකල්පව කාන්තා කම්කරුවන් අතර සහෝදරාත්මක බැදීම් ඇති කල යුතුය, ඒ සදහා ඔවුන්ගේ රුච්කත්වය අනුව ඉසව් ^Events& තෝරාගත යුතුය, ඒ සදහා සාකච්ඡා ඇතිකර ගත යුතුය, විශේෂයෙන් දරුවන් ඉලක්ක කරගත් ඉසව් ^Event& තෝරා ගැනීම සහ ඔවුන් අගයන වැඩසටහන් මගින් සහෝදරාත්මක බැදීම් වර්ධනය කරගත යුතුව තිබේ,
   
        වෘත්තීය සමිති සාම්ප‍්‍රදායීකවම වෘත්තීය අයිතිවාසිකම් හා අනෙකුත් වෘත්තීය අරගල වලට යොමුවන ප‍්‍රමාණයට සාපේක්ෂකව සාමාජික සුභසාධනය කෙරෙහි දක්වන සැලකිල්ල ඉතා අල්පය, අවම වශයෙන් සාමාජිකයකුගේ මරණය නිසා ඔහු/ ඇයගේ පවුල් වලට ආර්ථික වශයෙන් සහයක් වීම සදහා අවම හෝ වැඩපිළවෙලක් මා දුටුවේ ලංකා බැංකු සේවක සංගමය තුල පමණි, එවැනි සුභසාධන රක්ෂණ ක‍්‍රම රක්ෂණ ආයතන හා සාකච්ඡා කර සැලසුම් කරගැනීම ඉතා පහසුය, එය සාමාජික ආකර්ෂණය සදහාද ඉතා වැදගත් පියවරකි, එසේම අධ්‍යාපනය දිරිගැන්වී සදහා ශීෂ්‍යත්ව සමත් වන දරුවන්ට ත්‍යාග පිරිනැමීම, නව ශිෂ්‍යත්ව ආදී වශයෙන් වන සුභසාධන කාර්යයන්ට අත ගැසීම ඉතා කාලෝච්තය,
       
    මේ සියල්ල සහ අකෙුත් බොහෝ කරුණු සදහා වෘත්තීය සමිති මනා ආර්ථික තත්වයකින් යුක්ත විය යුතුය, සමාජිකත්වය සදහා ගෙවන සාමාජික මුදලට නිසි වටිනාකමක් ඉහත ඉසවු හරහා ලබාදිය හැකිනම් ආර්ථික වශයෙන් වෘත්තීය සමිතිය ශක්තිමත් කිරීම සදහා පෙලඹවීමේ හැකියාවද ඇත, එවැනි තවත් බොහෝ දේ මගින් වෘත්තීය සමිති සාමාජිකත්වය වැඩකරන ජනතාව සංවිධානාත්මකව සංවිධාන ගත කිරීමේ හා වෘත්තීය අයිතිවාසිකම් හො එවැනි දැනුම මගින් සන්නද්ධ කර පුබුදවාලීමේ ක‍්‍රමෝපායන් සෙවීමේ සංවාධයක සමස්ථ වෘත්තීය සමිති ව්‍යාපාරයම නිරත වීමේ සංවාදයක සමස්ථ වෘත්තීය සමිති ව්‍යාපාරයම නිරත වීමේ කඩිනම් අවශ්‍යතාවයක් පවතින බව අවසානයේ සටහන් කරමි,
   

No comments:

Post a Comment