Thursday, May 26, 2011

හෙද සභා නිලවරනය අවලංගු කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරනයට නඩුවක් ගොනු කරයි

හෙද සේවාවේ වැදගත්ම වෘත්තීමය ආයතනයක් වන හෙද සභාව සදහා 2011/04/09 දින පැවැත් වු ඡන්ද විමසීම අතිශයින්ම වැරදි සහගත ලෙස පවත්වන ලදී. 

එහි දී 24,000 ක් වන හෙද නිළධාරීන්ගේ 14,000 කට ඡන්දය අහිමි කිරීම, සුදුසුකම් නැති හෙද නිළධාරීන් හෙද සභාව සදහා පත් කර ගැනීම හා හෙද සභා පනත උල්ලංඝණය වන ලෙස කටයුතු කිරීම යන බරපතල වැරදී සිදු විය.

එහිදී සිදුවු වැරදි අක‍්‍රමිකතාවයන් හා වංචා සහගත ක‍්‍රියාවලිය නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ පරිපාලනය ක‍්‍රියා නොකරන ලදි.

1988 අංක 19 දරන හෙදසභා පනතට හා 2005 පනත් සංශෝදන වලට පටහැනිව 2011.04.09 දින පැවැත් වු හෙද සභා නිලවරනය බලරහිත කරන ලෙස ඉල්ලා අප සංගමය මගින් පසුගියදා අභියාචනාධිකරනයට පෙත්සමක් ගොනුකරන ලදි.

මෙම පෙත්සම මගින් 
1. අදාල පනත් වලට පටහැනිව අපේ‍්‍රල් 09 දින පැවැත් වු හෙදසභා ඡන්දය හා එහි ප‍්‍රතිඵල බලරහිත කරන   
   ලෙසත් 
2. හෙද සභාවට නියෝජිතයන් පත්කර ගැනීම සදහා නිත්‍යානුකූලව අයදුම්පත් කැදවා නැවත නිලවරනයක් 
   පවත්වන ලෙසත් ඉල්ලා ඇත.

එහි පලමු නඩුවාරය 2011.05.31 දින අභියාචනාධිකරනයේදී පැවැත්වීමට නියමිතය.

සමන් රත්නප‍්‍රිය 


No comments:

Post a Comment