Monday, December 13, 2010

2010 ජනාධිපතිවරණය සඳහා ධීවර ජනතාව ඉදිරිපත් කරනු ලබන පොදු ඉල්ලීම් මාලාව

පසුගිය සතිය අවසන් වන විට ජනපතිවරණ සටනේ ප‍්‍රධාන අපේක්‍ෂකයින් දෙදෙනා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ එළිදක්වා අවසන් කරන ලදී. ජනපති මහින්ද රාජක්‍ෂ මහතා, සෑම ධීවර කාර්මිකයෙක් සඳහාම ආම්පන්න කට්ටලයක් ලබා දෙන්නෙමි. මත්ස්‍ය සැකසුම් මධ්‍යස්ථාන දෙකක් මන්නාරම සහ යාපනයේ පිහිටුවමි, යනුවෙන්ද විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක සරත් ෆොන්සේකා මහතා, ධීවරයින් සමාජයේ අභිමානවත් කොටස්කරුවන් වන ලංකාවක්, ධීවරයින් සඳහා නව විශ‍්‍රාම වැටුපක් හඳුන්වාදෙමි, යනුවෙන්ද පොරොන්දු වී ඇත.

ප‍්‍රධාන අපේක්‍ෂකයින් දෙදෙනා විසින්ම ධීවර කර්මාන්නතයේ උන්නතිය වෙනුවෙන් ඉටු කිරීමට පොරොන්දු වී ඇති දෑ සමස්ත ධීවර කර්මාන්තයම මේ වන විට මුහුණපාමින් සිටින අතිශය ඛේදජනක තත්වයන්ගෙන් මුදවා ගත හැකිද යන්න ධීවරයින් වශයෙන් අද අපට ප‍්‍රශ්න කරන්නට සිදුව තිබේ. ධීවර ජනතාව ජාතික ආර්ථිකයට හා රටේ මූලිකම පෝෂණ ක‍්‍රියාවලියට අදාලව ඉටු කරනු ලබන බරපතල දායකත්වය, ප‍්‍රධාන අපේක්‍ෂකයින් දෙදෙනාම වගකීමෙන් යුතුව සැලකිල්ලට ගෙන නොමැති බව ද කිව යුතුය.
ජනපතිවරණය ප‍්‍රකාශයට පත් වීමත් සම`ගම පසුගිය යුද සමයේ පනවා තිබූ මුහුදු අධිආරක්‍ෂිත කලාප ධීවර රැුකියාවේ නිරත වීම සඳහා නිකුත් කෙරුණු බලපත‍්‍ර අනවශ්‍ය තත්වයට පත්වී ඇති බවක්ද පෙනෙන්නට තිබේ. නමුත් ගැසට් පත‍්‍ර මගින් බලගන්වා පණවා ඇති මෙම නීති සියල්ලක්ම අදටත් එලෙසම වලංගුව පවතින බවද කිව යුතුය. නීති රීති සියල්ලක්ම ලිහිල්වන්නේ කටවචනයෙනි, නැවත ලබා දෙන සහනයක් වශයෙන් නම් කරමිනි.
ඒ අනුව ශ‍්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයට අදාලව ධීවර ප‍්‍රජාව ප‍්‍රථම වතාවට සකස් කරන ලද වහා ක‍්‍රියාවට නැංවිය යුතු යෝජනාවලියක් මෙලෙස ඉදිරිපත් කරමු.

කෙටි කාලීනව ඉෂ්ඨ කළ යුතු හදිසි කර්තව්‍යයන්
‍‍
1.    පිටත සවි කරන එන්ජින් භාවිතය සීමා කිරීමේ නියෝග ඉවත් කිරීම.
මහජන ආරක්‍ෂක ආඥා පනත යටතේ 40 වන අධිකාරය ප‍්‍රකාරව 5 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් 2006  දෙසැම්බර් 29 වන දින නිකුත් කරන ලද අංක 1477/24 දරණ අතිවිශේෂ ගැසට් පත‍්‍රයෙන් තහනම් කරන ලද එන්ජින් භාවිතය සිමා කිරීමේ නියෝග වලට අදාල ගැසට් පත‍්‍රය අවලංගු කර පිටත සවිකරන අශ්ව බල 25, 30, 40, එන්ජින් භාවිතා කර ධීවර කර්මාන්තයේ නියැලීමට ඇති බාධා ඉවත් කිරිම.

02.    මුහුදු අධි ආරක්‍ෂිත කලාප අහෝසි කිරීම.
යුද්ධය පැවැති සමයේ කලින් කලට රටේ විවිධ දිස්ත‍්‍රික් හා පළාත් ආවරණය කරමින් අධිආරක්‍ෂිත මුහුදු කලාප විශේෂ ගැසට්පත‍්‍ර මගින් ප‍්‍රකාශයට පත් කර ඇත. රටේ සමහර පළාත් වලට එම මුහුදු අධිආරක්‍ෂිත කලාප තවමත් එසේම වලංගුව පවතී. එම නිසා රටේ සියළුම මුහුදු කලාප වලට අදාල එම ගැසට් පත‍්‍ර අවලංගු කිරීම
03.    ධිවර කර්මාන්තයේ නියැලීම සඳහා නිකුත් කරන ආරක්‍ෂක අවසරපත‍්‍ර ක‍්‍රමය අහෝසි කිරීම .

මේ වන විට ශ‍්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ පූර්ණකාලීනව නිරත වී සිටින ධීවරයින් සඳහා එක් එක් පළාත්වල එක් එක් ආකාරයෙන් ආරක්‍ෂක හැඳුනුම්පත් නිකුත් කරනු ලබයි. ඒ ධීවර කර්මාන්තයේ නියැලිම සඳහා වන ආරක්‍ෂක පත‍්‍ර යනුවෙනි. මෙනිසා සාම්ප‍්‍රදායික ධීවර කාර්මිකයින් හට විවෘත මුහුදු ප‍්‍රවේශය අහිමිවී ඇත.
යුද සමයේදී මෙය දැඩිව ක‍්‍රියාත්මක කරන ලදී. නමුත් මේ වන විට යුද්ධය අවසන් වී ආරක්‍ෂාව සම්බන්ධයෙන් අවධානමද ක‍්‍රමයෙන් පහව ගොස් ඇති තත්වයක් මතුවී ඇත.
එම නිසා අප යෝජනා කරනු ලබන්නේ ධීවර රැුකියාවේ නිරතවීම සඳහා නිකුත් කරනු ලබන අවසර පත් ක‍්‍රමය අහෝසි කර ධීවරයාට නිසි පරිදි නිදහසේ මුහුදට ප‍්‍රවිශ්ඨ වී ධිවර රැුකියාවේ නිතර වීමට අවස්ථාව සලසා දිය යුතු බවයි.

04.    126/2009 අංකය දරණ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව.
තහනම් හා අහිතකර ධීවර ආම්පන්න වශයෙන් හඳුනාගෙන ඇති දැනට ප‍්‍රාදේශීය දේශපාලඥයින්ගේ අනුදැනුමෙන් ක‍්‍රියාත්මක වන නීතිවිරෝධි මසුන් මැරීමේ ක‍්‍රම වලක්වාලමින් ශේ්‍්‍රෂ්ඨාධිකරණය 2009  ජූලි 21 වන දින ලබා දුන් නඩු තීන්දුව වහා ක‍්‍රියාවට නැංවීමට කටයුතු කිරීම

05    වෙරළාරක්‍ෂක බලකාය පිහිටුවීම.
පසුගිය ජූලි මසදී ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය ඒකඡුන්දයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ පණතක් ලෙස සම්මත කර ගන්නා ලද වෙරළ ආරක්‍ෂක සේවා පණත ට අදාලව ස්ථාපිත කළ යුතු වෙරළආරක්‍ෂක බලකාය කඩිනමින්ම පිහිටුවීම.
එමගින්  ලංකා මුහුදට අනවසරයෙන් ඇතුළුවන විදේශීය මත්ස්‍ය සමාගම් යාත‍්‍රා අත්අඩංගුවට ගැනීම, වෙරළාසන්නව සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තයට ඍජුවම බලපාන වැලි ගොඩ දැමීම්, වෙරළ තීරයන් බලහත්කාරයෙන් කොල්ලකෑම් වැළැක්වීමට අවශ්‍ය බලතල පැවරීම.
 

මධ්‍ය කාලීන හා දිගු කාලින යෝජනා.

1. ධීවර නිෂ්පාදන යෙදවුම් සඳහා සාධාරණ මිලක් ලබාගැනීම.
ධීවර යාත‍්‍රා – ආම්පන්න – එන්ජින් – අමතර කොටස් හා ධීවර යෙදවුම් මත පනවා ඇති   VAT බදු හා නොයෙකුත් අසාධාරණ මිල ගණන් ඉවත් කිරිමට අවශ්‍ය පියවර ගැනීම හා රාජ්‍ය ආයතන මැදිහත් වී ධීවර යෙදවුම් වැඩිවශයෙන් නිෂ්පාදනය කිරීම හා ආනයනය කිරීම මගින් කලූ කඩ ඒකාධිකාරය බිඳ හෙළීමට ක‍්‍රියා කිරීම  (උදා: 1. සීනෝර් ආයතනය,ශ‍්‍රී ලංකා රාජ්‍ය වානීජ හා විවිධ නීතිගත සංස්ථාව මගින් ධීවර යෙදවුම් ආනයනය කිරිම.

2.    සුළු පන්න ධීවරයා හා ධීවර කර්මාන්තය ආරක්‍ෂා කිරිම
ඔරු, තෙප්පම්, මාදැල්, කලපු, හා මිරිදිය යන සුළු ධීවර ප‍්‍රජාවන්ගේ සාම්ප‍්‍රදායික ධීවර ක‍්‍රම ක‍්‍රමවත්ව හා සුරක්‍ෂිතව     කරගෙන යාම සඳහා එම ප‍්‍රජාවේ සුභ සාධනයන් වෙනුවෙන් පළාත් සභා මට්ටමෙන්ම වැඩි බලතල හා වැඩි අරමුදල් ප‍්‍රමාණයක් මධ්‍යම රජය විසින් ප‍්‍රතිපාදන වශයෙන් වෙන් කරවා ලීම.

3.    ධීවර ආපදා සහන අරමුදලක් පිහිටුවීම.
ධීවර හා ධීවර කර්මාන්තය රටේ ආර්ථික හා පෝෂණ ක‍්‍රියාවලිය වෙනුවෙන් කරනු ලබන අතිමහත් වූ නිෂ්පාදන සැලකිල්ලට ගනිමින් වාර්ෂිකව මුහුදට බිළි වන ධීවරයන්, යාත‍්‍රා හා ආම්පන්නවලට සිදු වන විනාශයන් සැලකිල්ලට ගනිමින් ධීවර රැුකියාවේ යෙදී සිටියදී සිදු වන  අනතුරු කාර්මික අනතුරු ගණයේ ඒවා ලෙස සලකා එම අනතුරු සඳහා වන්දි ක‍්‍රමයන් සකස් කර ඒ වෙනුවෙන් වන අරමුදලක් පිහිටුවීම කළ යුතු බව යෝජනා කරමු.

4.    ධීවර විශ‍්‍රාම වැටුප් හා සමාජ ආරක්‍ෂණ ප‍්‍රතිලාභ යෝජනා ක‍්‍රමය
  • වර්ෂ 1991 දී ආරම්භ කරන ලද මෙම යෝජනා ක‍්‍රමය වහාම යාවත්කාලීන කළ යුතුය.
  • ඒ අනුව ධීවරයා විශ‍්‍රාම ගැන්වෙන වයස අවුරුදු 55 දක්වා පහත හෙළිය යුතුය.
  • අවම විශ‍්‍රාම වැටුප මාසිකව රුපියල් 6000 ක් දක්වා ගෙන ඒම සඳහා වාරික ක‍්‍රම සංශෝධනය කළ යුතුය.
  • ධීවර විශ‍්‍රාම වැපු හා සම්බන්ධ අනෙකුත් සමාජ ආරක්‍ෂණ ප‍්‍රතිලාභ වැඩි කළ යුතුය.
  • ධීවර විශ‍්‍රාම වැටුප සඳහා රාජ්‍යයේ ප‍්‍රතිපාදන වැඩි වශයෙන් වාර්ෂික අයවැයෙන් වෙන් කර එම අරමුදල වෙත බැර කිරීම     කළ යුතුය.
5.     ලංකා ධීවර සංස්ථාව විසින් මසුන් මිල දී ගැනීම සඳහා වෙරළට ස්ථාවර මිලක් හඳුන්වා දීමේ ව්‍යාපෘතිය.
මේ වන විට උතුර හා නැගෙනහිර කලාපයන්හි මසුන් වෙළඳපොලට පැමිණියද මත්ස්‍ය මිලෙහි  කිසිදු පහළ යෑමක් දක්නට නොමැති බව අවිවාදිතය. එයට ප‍්‍රධාන හේතුව වන්නේ අතරමැදි කූට  වෙළඳුන් විසින් මත්ස්‍ය ව්‍යාපාරයෙන් 99% ක්ම තවමත් මෙහෙයවන නිසාය. 2007 වර්ෂයේදී මුලින්ම ධීවර සංස්ථාව විසින් ස්ථාවර මිල ගණන් යටතේ වෙරළට පැමිණ ඍජුවම ධීවරයාගෙන් මසුන් මිල දි ගන්නා ලදි. එය ඉතා හොඳ ආදර්ශයක් මෙන්ම පාරිභෝගික ජනතාවටද අලූත් මාලූ ඉතා අඩු මිලකට ලබා ගැනීමේ හැකියාවක්ද උදා විය. මේ වන විට එම ක‍්‍රමය ලංකා ධීවර සංස්ථාව විසින් අත්හැර දමා ඇත. මෙයින් ධීවරයා මෙන්ම  පාරිභෝගිකයාද කලූකඩ මුදලාලිලාගේ ග‍්‍රහනයට අසු වී ඇත. එම නිසා ලංකා ධීවර සංස්ථාවට  මහා භාණ්ඩාගාරයෙන් වැඩි පුර අරමුදල් ලබා දී ඍජුවම ධීවරයාගෙන් මසුන් මිල දි ගැනීමේ පැරණි වැඩ පිළිවෙල වහා ආරම්භ කළ යුතුය.

6.    ගැඹුරු මුහුදේ මත්ස්‍ය කර්මාන්තය.
මේ වන විට ගැඹුරු මුහුදේ මත්ස්‍ය සම්පත නෙළා ගැනීම වෙනම කර්මාන්තමය අංශයක් ලෙස ධීවර ක්‍ෂෙත‍්‍රයේ වර්ධනය වී හමාරය. එම වර්ධනයත් සමඟම ජාතික හා ජාත්‍යන්තර මුහුදේ ශ‍්‍රී ලංකාවේ ධීවරයන් දිනපතාම විවිධ අන්දමේ අනතුරු, අවදානම් හා ගැටලූ රාශියකට මුහුණ  දෙමින් සිටිති. අත්ඩංගුවට ගැනීම්, යාත‍්‍ර අතුරුදහන්වීම් සහ වෙනත් මුහුදු අනතුරු වලට මුහුණ දෙමින්ම මෙම කර්මාන්තයට ඉදිරියට යාමට සිදුව ඇත.
එම නිසා ගැඹුරු මුහුදේ මතස්‍ය සම්පත් නෙළාගැනීමේ ක‍්‍රියාවලිය වෙනමම අංශයක් ලෙස නිල  වශයෙන් ස්ථාපිත කිරිම කළ යුතුය.  ඒ සඳහා 24 පැය පුරාම ක‍්‍රියාත්මක වන කාර්යසාධක බලකායක් පිහිටුවිය යුතුය.  එමෙන්ම ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මක වන පාර්ලිමේන්තු අනුකාරක සභාවක්ද සියළුම පක්‍ෂ නියෝජිතයන්ගෙන් සමන්විත විය යුතුය. එසේම යාබද කලාපීය රාජ්‍යයන් සමඟ මේ වන විට පැන නැගී ඇති ගැටලූ වෙනුවෙන් කලාපීය අන්තර් සහයෝගිතා කමිටුවක්ලෙස ඉහත සඳහන් අනුකාරක සභා සහ කාර්ය සාධක බලකා ක‍්‍රියා කළ යුතුය.
අවසාන  වශයෙන් ශ‍්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය කළමනාකරණය කිරීම, සුරක්‍ෂිත කිරිම, හා සංවර්ධනය කිරීම සඳහා ගත යුතු පියවරයන් වෙත යාමට නම්, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය 1995 දි රෝමයේදී සම්මත කරගන්නා ලද ‘‘වගකීමක් සහිත ධීවර කර්මාන්තයක් සඳහා වන ආචාර ධර්ම පද්ධතියක්’’ යන ස්වේච්ඡුා සහගත සම්මුතිය රජය විසින් සමස්ත ධීවර ප‍්‍රජාව සමඟ ක‍්‍රියාවට නැංවීමට වහා කටයුතු කළ යුතුයි.
වෘත්තීය සමිති මහා සම්මේලනය ප‍්‍රමුඛව බහුජන හා සිවිල් සංවිධාන එකමුතුවෙන් සමන්විතවන කම්කරු අයිතීන් සහ මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ සංවිධන එකමුතුව 2010.01.19 වන දින කොළඹ  සේවාමුක්ත භට සංගම් මූලස්ථානයේදී පැවැත්වූ සමුළුවට ඉදිරිපත් කර බෙදා හරින ලදී.

සමස්ත ලංකා එක්සත් ධීවර ජනතා වෘත්තීය සංගමය
ධීවර – එම්. විජේන්ද්‍ර              ධීවර. ඩබ්. අන්තෝනි ප‍්‍රනාන්දු                 ධීවර – ඩබ්. මැක්සිමන් කූංඤ්ඤෙ‍්‍ර
ප‍්‍රධාන ලේකම්                               ජාතික සංවිධායක                                             ප‍්‍රධාන සභාපති
කොළඹ                                      කල්පිටිය-කන්දකුලිය                                                 මීගමුව

No comments:

Post a Comment