Tuesday, December 14, 2010

හෙද සේවාවේ නව පත්වීම් සැකසීමේ කුසලතා පදනම වෙනස්කර වංවා සහගතව 2010 පත්විම් සකස් කිරීමේ තීරණයක්

හෙද සේවාවේ නව පත්වීම් සැකසීමේ කුසලතා පදනම වෙනස්කර වංවා සහගතව 2010 පත්විම් සකස් කිරීමේ තීරණයක්

 

තුන් අවුරුදු හෙද සේවාවේ ඩිප්ලෝමාව අවසන් කල හෙද සිසුන් හට ඔවුන් අවසාන විභාගයේදී ලබා ගත් ලකුණු පදනම් කර ගෙන සැකසු කුසලතා ලේඛණයකට අනුව හෙද සේවාවේ නව පත්වීම් ලබාදීම සිදු කරයි. 2010-01-21 දින පුහුණුව අවසන් කළ හෙද සිසුන් 1820 දෙනෙකුට පත්වීම් ලිපි ප‍්‍රදානය ජූලි 30 දින පොලොන්නරුව මහ රෝහලෙ දී සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කෙරින.

එම උත්සවයේදී අමාත්‍යවරයා අතින් පත්වීම් ලිපි බාර දී සුඵ මොහොතකින් පසුව අමාත්‍යංශ බලධාරීන් විසින් පත්වීම් ලිපි එකතු කරගෙන ඇත.

මෙයට හේතුව වන්නේ රට තුළ පවතින පුරප්පාඩු සහ ස්ථාන මාරු නියෝග ලබා දී ඇති හෙද නිළධාරීන් සදහා අවශ්‍ය අනුප‍්‍රාප්තිකයන් ලබාදීම යන කරුණු පදනම් කරගෙන පත්වීම් ලේඛණය සකස් කළ පසු නැවත පළාත් සභා වලට 50 බැගින් දැමීමට සෞඛ්‍ය බලධාරීන් වැරදි තීරණයක් ගැනීමයි. පත්වීම් දෙන රෝහල් ප‍්‍රමාණය හෝ රෝහල් වලට දමන ප‍්‍රමාණය වෙනස් කරන්නේ නම් සකස් කළ පත්වීම් ලේඛණය අවලංගු කර පුරප්පාඩු ලේඛණය නැවත සකසා හෙද සිසුන් ලබා දී නැවත මනාප පල කරන්නට ඉඩ දී පත්වීම් ලේඛණය නැවත සකස් කළ යුතුය.

නමුත් එසේ නොකොට පළාත් සභාවලටද 50 බැගින් අලූතින් දැමිමට සෞඛ්‍ය බළධාරීන් ක‍්‍රියා කරමින් සිටින අතර එසේ කරනුයේ සකස් කර ඇති පත්වීම් ලේඛණයේ කුසලතා පදනම විනාශ කරමිනි.

පෙර සකස් කළ ලේඛණයෙන් එහෙන් මෙහෙන් ඇද එකිනෙකා හිතු මතයට හා නිළධාරීන්හට අවශ්‍ය පරිදි පළාත් සභා වලට දමමින් තිබේන අතර මෙය කුසලතා පදනම මත පත්වීම් දීමේ පිළිගත් රාජ්‍ය ප‍්‍රතිපත්තියද උල්ලංඝණය කිරීමකී.

සමන් රත්නප‍්‍රිය

No comments:

Post a Comment