Monday, December 13, 2010

පොරොන්දු වු වැටුප් වැඩිවීම ලබාදීම හා වැටුප් විෂමතා ඉවත් කිරීම රජය වහා කළ යුතුයි

පොරොන්දු වු වැටුප් වැඩිවීම ලබාදීම හා වැටුප් විෂමතා ඉවත් කිරීම රජය වහා කළ යුතුයි

2010 ජූලි 28 දින ජනාධිපතිවරයා විසින් පොදුවේ වෘත්තීය සමිති කැදවා පැවැත් වු සාකච්ඡාවේ දී වැටුප් විෂමතා ඉවත් කරන ලෙසත් පොරොන්දු වු රු. 2500/- වැටුප් වැඞීවීම ලබා දෙන ලෙසත් සියලූ වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටින ලදී.

එම රැස්වීමේදී වැටුප් විෂමතා ඉවත් කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දීමට ජනාධිපතිවරයා විසින් වෘත්තීය සමිති කමිටුවක් පත් කළ අතර එහි නිර්දේශ අයවැය සමග කි‍්‍රයාත්මක කිරීමට එකග විය.

මෙම වැටුප් පොරොන්දු හා විෂමතා වලට අදාලව මූලික යෝජනා 3ක් ක‍්‍රියාත්මක කළ යුතු බව අප රජයට අවධාරණය කරන්නෙමු.

1. මැතිවරණයෙදි පොරොන්දු වු රු.2500/- වැටුප් වැඩිවීම අයවැයෙන් ලබා දීම
 

2.
       I. වැටුප පියවරෙන් පියවර පරිවර්තනය කරමින් රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 06/2006/ෂඪ විෂමතා ඉවත් කිරීම කළ යුතුය
       II. උපරීමයේ රැු`දි සිටීමේ වැටුප් වාසි සියලූ සේවකයන් හට ලබා දීම කල යුතුය
      III. කම්කරු හා ස්ථිර ලේකම් අතර වැටුප් වර්ධක අනුපාතය 1-8 දක්වා අඩු කිරීම කළ යුතුය


3. සේවාවන් වල බදවා ගැනීමේ පටිපාටි සකස් නොකිරීම නිසා සියලූ වැටුප් චක‍්‍රලේඛ කි‍්‍රයාත්මක වීම ඇනහිට ඇති බැවින් මාස 2 ක් තුළ බදවා ගැනීමේ පටිපාටි සකස් කළ අවසාන කිරීම කළ යුතුය.

උක්ත යෝජනා අයවැය සමග කි‍්‍රයාත්මක කරන ලෙස රජයට බල කර සිටින්නෙමු.

සමන් රත්නප‍්‍රිය

No comments:

Post a Comment