Monday, December 13, 2010

ජනමාධ්‍ය නිවේදනය

ජනමාධ්‍ය නිවේදනය

මහත්මයාණෙනි/මහත්මියෙනි

ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට කම්කරු නියෝජිතයන් තෝරා ගැනීමේදී ජනාධිපතිවරයාගේ භූමිකාව මගින් අභිමතාර්ථ ගැටුමක් ඇතිකර ඇතිබව ජාත්‍යන්තර කම්කරු සම්මේලනය පවසයි.

2010 ජිනිවාහි දී පවත්වනුලැබු ජත්‍යන්තර කම්කරු සන්විධානයේ 99වන සැසිවාරයට සහභාගි කරවීම සදහා ශ‍්‍රි ලංකා ආණ්ඩුව විසින් තොරාගන්නා ලද කම්කරු නියෝජිතයින් තෝරා ගැනීමේ පිළිවෙල සහ එහි වලංගු භාවය අභියෝගයට ලක් කරමින් වෘත්තීය සමිති මහා සම්මේලනය ILOහි අක්තපත‍්‍ර කාරක සභාව වෙත 2010 ජුනි 02 වැනි දින පැමිණිල්ලක් ගොනු කළේය.

අභිමාතාර්ථ ගැටුම හේතුවෙන් සේවක නියෝජිතයන් නම් කිරීම ද්වේශ සහගත තත්වයකට පත්ව ඇතැයි වෘත්තීය සමිති සම්මේලනය (TUC) පැමිණිල්ල මගින් චෝදනා කරනු ලැබිණ. නියෝජිතයින්ගේ ILOහි අක්තපත‍්‍ර අත්සන් කර තිබුණේ රටේ ප‍්‍රධාන පාලක පක්ෂයේ නායකයා වන ශ‍්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා ද වන මේ රටේ ජනාධිපතිවරයා විසිනි. මෙලෙසින් මෙහි අවසාන ප‍්‍රතිඵලය වූයේ කුමන වෙනත් සමිතියක් සම්මන්ත‍්‍රණයට සහභාගි විය යුතුද නැතහොත් සහභාගි නොවිය යුතුද යන්න නිගමනය කරන පුද්ගලයා එක් වාත්තීය සමිතියක සභාපතිවරයා වීමයි. ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ වාර්ෂික කම්කරු සම්මේලනයට ශ‍්‍රි ලංකාවේ  නියෝජිතයින් තෝරා ගැනීමේ මෙම වැඩ පිළිවෙල නිසා ඊට අදාල දේශපාලන අපක්ෂපාති භාවයට සහ විශ්වාසනීයත්වයට තදබල ලෙස හානී සිදුවී ඇත.

වෘත්තීය සමිති මහා සම්මේලනය මගින් මතු කරන ලද ප‍්‍රධාන ප‍්‍රතිපක්තිමය ගැටලූව 2010 ජුනි 16 වන දින ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ අක්තපත‍්‍ර කාරක සභාව විසින් නිකුත්කරන ලද වාර්ථාවෙන් පිළිගෙන ඇත. සම්මන්ත‍්‍රණයට සේවකයින් තෝරා ගැනීමේදී දක්වන අපක්ෂපාති භාවයේ අඩුපාඩු ගැන ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ අක්තපත‍්‍ර කාරක සභාව මෙසේ පවසයි.

රටේ කම්කරු ජනයා නියෝජනය කරමින් මෙම සම්මේලනයට සහාභාගී වන වෘත්තීය සමිති නියෝජිතයින් සදහා අක්තපත‍්‍ර අත්සන් කිරීමේදී, එකම පුද්ගලයෙකු රටේ ජනාධිපති තනතුරද වෘත්තීය සමිතියක සභාපති තනතුරද එකවිට දැරීම නිසා අභිමාතාර්ථ ගැටුමක් පෙන්නුම් කරන බව පැහැදිලි වේ. ඉදිරියේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට ශ‍්‍රි ලංකා සේවක නියෝජිතයින් තෝරා ගැනීම සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනීමට ජනාධිපතිවරයාට නොහැකිවනු ඇත.

වෘත්තිය සමිති මහා සම්මේලනය මගින් ඉදිරිපත්කරන ලද පැමිණිල්ල අරභයා මෙම ක‍්‍රියාවලියේදී ජනාධිපතිවරයාගේ අභිමාතාර්ථයන්හි ගැටුම සුලූකොට දැක්වීමට ආණ්ඩුව උත්සහා කළේ ජනාධිපතිවරයා විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සකස්කරන ලද අක්තපත‍්‍රවලට අත්සන් කිරීම සාමාන්‍ය තත්වයක් ලෙස දැක්වීමෙන් සහ කම්කරු සංවිධාන සහ ඵලදායිතා වර්ධන අමාත්‍යංශය විසින් නම් කරන නියෝජිතයින්  ර්‍ණඅනුමැතිය සදහා ජනාධිපතිවරයා  වෙත ඉදිරිපත්කරන බව දක්වමිනි.

කෙසේ වුවද , අපක්ෂපාති නොවන තීරණයක් ගෙනදිය හැකි තත්වයක් වැලැක්වීමට ආණ්ඩුවට යාන්ත‍්‍රණයක් ඇතැයි විශ්වාසකරන බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය සදහන් කර ඇත. ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ සේවකයින් නියෝජනය කරන පිරිස සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් යොදන අසීමිත බලය පාලනය කිරීම පිළිබඳව, වරන සහ තුලන (Check and Balance)
ක‍්‍රියාවලියක් ශ‍්‍රි ලංකා ආණ්ඩුවට නොමැති බව සටහන් කිරීමට වෘත්තීය සමිති මහා සම්මේලනය පලාපොරොත්තු වේ.  එවැනි ව්‍යුහයක් හෝ නීතියෙන් බැදෙන ක‍්‍රියාවලියක් හෝ ක‍්‍රියාත්මක පැහැදිලි සහ වලංගු ත්‍රෛයි පාක්ෂික එකඟතාවයකට අදාල ලේඛණගත යාන්ත‍්‍රණයක් ඇතොත් එය වෘත්තීය සමිති මහා සම්මේලනයට ලබා දෙන ලෙස රජයෙන් හා කම්කරු ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී.

ජාත්‍යන්තර කම්කරු සම්මේලනය සදහා වෘත්තීය සමිති නියෝජිත පිරිස තේරීමට ඇති නිර්බාධක අයිතිය ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාට තිබේන හැකියාව ඉදිරියේදී අහිමිවනු ඇත. අනාගතයේදී ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ ප‍්‍රමීතීන්ට අනූකූලවන පරිදි ජාත්‍යන්තර කම්කරු සම්මේලනය සදහා කම්කරු නියෝජිත පිරිස තේරීමේ ක‍්‍රියාවලිය ජනාධිපතිවරයාගේ බලතලවලින් ඔබ්බට ගිය අපක්ෂපාති යාන්ත‍්‍රනයක් මගින් සිදු කළ යුතුය.

TUC වාර්ෂික සමුලූවට වෘත්තීය සමිති තෝරා ගැනීමේදී නියෝජිතත්ව ස්වභාවය සහ නිර්වද්‍යතාවය පරීක්ෂා කළ හැකි නිර්නායකයන් ස්ථාපනය කරන ලෙස ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ අක්තපත‍්‍ර කාරක සභාව විසින් ආණ්ඩුවට උපදෙස් දී ඇති අතර ඉදිරි වර්ෂයේදි  වැඩිම නියෝජිතත්වයක් සහිත කම්කරු සංවිධානවල නියෝජිතයින් නම් කරන ලද බව පෙන්වීමට හැකි තත්වයකට එවිට ආණ්ඩුව පත්වනු ඇතැයිද පවසයි.

ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ තීරණයට වෘත්තීය සමිති මහා සම්මේලනය එකඟ වන අතර කම්කරු නියෝජිතයින් පිරිස තෝරා ගැනීමේදී දැනට පවතින අභිමාතාර්ථ ගැටුම ජාතන්තර කම්කරු සංවිධානයේ මැදිහත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස නිවැරදි කෙරන බවද විධායකයේ බලතල සීමාකරන සමහර වරන සහ තුලන සාධකයන් රටතුල සනාථ වීමට ද අධාරකරනු ඇත. ජා.ක.ස. තීරණයට ආණ්ඩුව ගරු කරනු ඇතැයි ද යහපත් චේතනාවෙන් අදාල වෙනස්කම් රටතුල සිදුකරනු ඇතැයිද වාත්තීය සමිති මහා සම්මේලනය අපේක්ෂා කරයි.

ස්තූතියි
මෙයට විශ්වාසි
සමන් රත්නප‍්‍රිය
මහ ලේකම්
(වෘත්තීය සමිති මහා සම්මේලනය)

No comments:

Post a Comment