Monday, December 13, 2010

හෙද සේවාව දිනවන සටන

හෙද සේවාව දිනවන සටන


දිගින් දිගටම ලබන වෘත්තීමය කෙනෙහිලිකම් හා පරාජයන් නිසා වර්තමාන හෙද සේවාව බරපතල පසුගාමීත්වයකට පත්වී ඇත. හෙද උපාධි පාඨමාලාව අනතුරට ලක්වීම වෘත්තීමය වැටුපක් නොලැබීම මාණ්ඩලික සේවාව අහෝසි වීම බඳවා ගැනීමේ පටිපාටි සංශෝධනය නොවීම හෙද සභාව ක‍්‍රියාත්මක නොවීම පරිපාලන තනතුරු සඳහා සුදුසුකම් ලත් නිළධාරීන් පත් නොකිරීම වැනි කරුණු හරහා මෙම පසුගාමීත්වය තව දුරටත් වර්ධනය වෙමින් පවතී. එසේම අනුමත සේවක සංඛ්‍යා යාවත්කාලීන නොවීම විදේශ ශිෂ්‍යත්ව කප්පාදු කිරීම සේවාස්ථ පුහුණු සැළසුමකට අනුව ක‍්‍රියාත්මක නොවීම විධිමත් ස්ථාන මාරු ප‍්‍රතිපත්තියක් නොතිබීම උසස්වීම් ක‍්‍රමවේදය අක‍්‍රමවත් වීම වැනි තත්වයන් හරහා හෙද නිළධාරීන් දැඩි ලෙස අසාධාරණයට ලක්වී ඇත.
මෑත කාලීනව සේවාවක් වශයෙන් තම ඉල්ලීම් දිනා ගැනීමට හෙද සේවාව ඒකරාශී නොවීම තුල මෙම අසාධාරණයන් තවදුරටත් තිවුර විය. මෙම තත්වය වෙනස් කර අයිතිවාසිකම් තහවුරු කර ගැනීමට රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය බැරැරුම් කර්තව්‍යක් පසුගිය කාලය තුල සිදු කල අතර බළධාරීන් සමග සාකච්ඡාවන් වෘත්තීමය සටන් සිදු කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස අහෝසි කිරීමට සූදානම් වූ පිරිම හෙද නිළධාරීන් බඳවා ගැනීම නැවත සිදු කරවා ගැනීමටත් හෙද සේවාව සඳහා නව කණ්ඩායම් බඳවා ගැනීමටත් කප්පාදු කිරීමට සූදානම් සිසු හෙද දෘමනාව ආරක්ෂා කර ගැනීමත් වැනි වඩාත් සංවේදී කාරණා දිනාගැනීමට හැකි විය. එසේම සෙසු වෘත්තීය සමිති හා සම්මේලන සමග කල පොදු සටන් හා 2003 දී සේවාවට ඇති වූ වැටුප් විෂමතා නිවැරදි කර ගැනීමටත් 2006 දී වැටුප් වර්ධක දෙකකින් වැටුප් වැඩි කර ගැනීමත් වැනි කරණු වැනි අයිතීන් නැවති දිනා ගන්නට හැකි විය. කෙසේ නමුත් හෙද සේවාවට විශේෂ වු අයිතීන් හා ගැටථ විසදා ගන්නට මේ වන විට 100% ක් නොහැකි වී ඇත. මේ තත්වය තේරුම් ගනිමින් සේවාවේ අයිතීන් දිනන්නට සමස්ථ සේවාව ඒකරාශී කර ගන්නා දැවැන්ත පෙළ ගැස්මක් රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය මේ වන විට ආරම්භ කර ඇත.

හෙද නිළධාරීන්ගේ රාජකාරී වලදී මුහුණ දෙන අනතුරුදායක තත්වය සැලකිල්ලට ගනිමින් රු. 3000 ක අනතුරු දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලීම් මූලික වන අතර මේ වන විට වෛද්‍ය සේවාවට රු. 10000 ක  අනතුරු දීමනාවක් හිමි වන නිසාත් හෙද සේවාවේ කොටසකට පමණක් රු. 400 ක ඉතා සුථ අනතුරු දීමනාවක් හිමිවීමත් තුල මේ ඉල්ලීමේ සාධාරණ බව පැහැදිලි වේ.

දැනට ක‍්‍රියාත්මක 06/2006 ^I& yd (IV) චක‍්‍රලේඛ වලින් සේවාව දැඩි ලෙස අසාධාරණයකට ලක් වී ඇත. සේවාවේ පරිපාලන තනතුරු පහළ දමා ඇති අතර වෛද්‍ය හා හෙද සේවා අතර විශාල වැටුප් පරතරයක් ඇති කර ඇත. සේවාව වෘත්තීයක් ලෙස රටේ පිලිනොගන්නා බව රජය ප‍්‍රකාශ කිරීමත් සේවාවට වැටුප් විෂමතාවක් නොමැති බව ජනාධිපති පත්කල කමිටුව නිර්දේශ කිරීමත් බරපතල අසාධාරණයන්ය. එබැවින් සේවාවට වෘත්තීමය වැටුපක් දිනා ගැනීම මීළග ඉල්ලීම වේ.

හෙද උපාධිය විශ්ව විද්‍යාල වල ආරම්භ වී ඇතත් වෛද්‍ය සංගමයේ විරෝධතාවය නිසා බොහෝ කප්පාදු කිරීම් වලට ලක්ව ඇත. පුහුණු කාලය වසර 04 සිට 03 දක්වා අඩු කිරීමට වෛද්‍ය සංගමය කුමණ්ත‍්‍රණය කර ඇත. ඊට එරෙහිව හෙද උපාධිය අනතුරෙන් මුදවා ගැනීම මෙන්ම 1984 න් පසු සංශෝධනය නොකල සේවා ව්‍යවස්ථාව කඩිනමින් සංශෝධනය කරවා ගැනීම සුවිශේෂි සේවාවක් උවත් ඊට අදාල වරප‍්‍රසාද කිසිවක් නොලැබෙන නිසා රාජ්‍ය සේවාවට ඇති වරප‍්‍රසාදයන් වන දින 05 සතිය දිනා ගැනීම මෙන්ම 2008 වසරේ පරිපූරක සේවාවේ අධි සේවක පදනම් මත පළමු ශ්‍රේණියට පත්වීම වසර 12 කින් සිදු කිරීමට අදාල චක‍්‍රලේඛය පරිදි හෙද සේවාවටත් වසර 11 කින් එලෙසම පළමු ශ්‍රේණියට පත්වීම යන ඉල්ලීම මුල් කර ගිනිමන් මෙම සටන් ක‍්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.

මේ වෙනුවෙන් 2008 දෙසැම්බර් 16 වන දින පැවති නියෝජිත සමුථවේදී ගත් තීරණ අනුව දෙසැම්බර් 30 දින කොළඹ ජාතික රෝහල, රාගම, කරාපිටිය, මාතර, ත‍්‍රිකුණාමලය, වැනි දිවයිනේ ප‍්‍රධාන රෝහල් 15 ක කෑම පැයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සාර්ථකව ක‍්‍රියාත්මක කල අතර නැවතත් ජනවාරි 06 දින එම උද්ඝෝෂණය අති සාර්ථක ලෙස සිදු කරනු ලැබීය. එහි දෙවන පියවැ ජනවාරි 13 දින කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් ආරම්භ කර සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සිදු කල මහා උද්ඝෝෂණයකින් අවසන් කරනු ලැබීය. මේ සඳහා දිවයිනේ රෝහල් නියෝජනය කරමින් ඉතා විශාල හෙද නිළධාරීන් ප‍්‍රමාණයක් සහභාගී වූ අතර මෙම ඉල්ලීම් දිනා ගැනීමේ මීළ`ග ක‍්‍රියාමාර්ග මේ දින වල සංවිධානය කරමින් පවතී.

No comments:

Post a Comment