Tuesday, December 14, 2010

නව හෙද පත්වීම් වංචා සහගතව දීමේ සුදානමක්

නව හෙද පත්වීම් වංචා සහගතව දීමේ සුදානමක්

තුන් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කරන ලද හෙද සිසුන් 319 දෙනෙකු මේ වන විට පත්වීම් අපේක්ෂාවෙන් සිටින අතර, ඔවුන්හට පත්වීම් ලබාදීමේදී වංචා සහගත ලෙස පත්වීම් දීමේ සුදානමක් පවතින බව සංගමයට වාර්තා වී ඇත. හෙද සේවාවේ පළමු පත්වීම් ලබා දීම අවසාන විභාගයේදී ලැබු ලකුණු මත සකස් කළ කුසලතා ලේඛනයක් අනුව සිදු කරයි.

මෙම 319 දෙනොගේ කුසලතා ලේඛන තිබුනද එම කුසලතා ලේඛනය ඉවතට දමා බාහිර පුද්ගලයන්ගේ බලපෑම් මත පත්වීම් ලේඛන සකස් කිරීමට අමාත්‍යාංශ බළධාරීන් කටයුතු කරමින් සිටී.

මෙය බරපතල වැරද්දක් වන අතර, ඒ නිසා හෙද සිසුන් විසින් දක්ෂතාවය මත මහන්සිවී ලබා ගත් කුසලතාවය අවලංගු වන අතර, පත්වීම් ලබා දීමේ රාජ්‍ය ප‍්‍රතිපත්තියද අමු අමුවේ උල්ලංඝණය වනු ඇත.

රාජ්‍ය සේවාවේ හා සෞඛ්‍ය සේවාවේ පවතින හා පිළිගත් නිති රීති අනුගමනය නොකර මෙවැනි ආකාරයේ බරපතල වැරුද්දක් සිදුවීම වහාම වලක්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු.

එසේ නොවන්නේ නම් මෙම නිතීය වල්වැදීමේ ක‍්‍රියාවට එරෙහිව වෘත්තීමය විරෝධතා ඇරඹීමට සිදුවන බවද අවධාරණය කරන්නෙමු.
 
ස්තූතියි.
සමන් රත්නප‍්‍රිය

No comments:

Post a Comment