Monday, December 13, 2010

රජයේ සේවකයන් හා ජනතාව අපේක්ෂාභංගත්වයට පත්කල අයවැයක්

රජයේ සේවකයන් හා ජනතාව අපේක්ෂාභංගත්වයට පත්කල අයවැයක්

 

ජූනී 29 වන දින වර්තමාන ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අයවැය යෝජනාවලිය රජයේ සේවකයන් හා සාමාන්‍ය ජනතාව සම්පූර්ණයෙන්ම අපේක්ෂාභංගත්වයට පත්කල අයවැයකි.

අයවැය යෝජනා හරහා රජයේ සේවකයන්හට කිසිදු සහනයක් ලබාදී නොමැති අතර, සාමාන්‍ය ජනයාටද කිසිදු සහන ලබාදීමක් සිදුකර නොමැත.

වර්තමාන ආණ්ඩුව හා ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට පෙර රජයේ සේවකයන්හට රු.2500/=  කින් වැටුප් වැඩි කරන බවට වූ පොරොන්දුව සම්පූර්ණයෙන්ම කඩකරමින් මැතිවරණ වලදී සහයෝගය ලබාදුන් රජයේ සේවකයන්ගේ අපේක්ෂාවන් නොසලකා හැර ඇත.

2006 අයවැය හරහා ආණ්ඩුව ගෙවීමට තීරණය කල ජීවන වියදම් දීමනාවේ මේ වන විට රු.3237/= ක හිග  මුදලක් රජයේ සේවකයන් හට ගෙවා නොමැති අතර, එම දීමනාව වත් ගෙවීමට අයවැයෙන් යෝජනා කොට නොමැත.

එසේම සාමාන්‍ය ජනයා අද පෙලෙන ජීවන වියදම් වැඩිවීමේ ගැටඵවට කිසිදු සහන ලබාදීමක් සිදුකර නොමැති අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ගෑස්, ඉන්ධන මත පනවා ඇති බදු බර අඩුකිරීමට වත් කටයුතු කර නොමැත.

අයවැයට පෙර ආණ්ඩුව ගෑස්, පිටි හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට බදු පටවමින් ඒවායේ මිල වැඩිකල අතර, ඒ හරහා රජයේ සේවකයන් සාමාන්‍ය ජනයා කබලෙන් ලිපට ඇද දමන ලදී.

අයවැයෙන් කල සහන ලබානොදීම හා අයවැයට පෙර කල බදු වැඩිකිරීම් හා වැටුප් පොරොන්දුව ඉටුනොකිරීම  හරහා රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කොන්දේසි සම්පූර්ණයෙන්ම පිලිගනිමින් එහි දෙවන හා තුන්වන  වාරිකය ලබාගැනීම සඳහා ජනතාව අමාරුවේ දමා ඇත.

ඒ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ‍්‍රි ලංකා නියෝජිතයා ඊයේ (ජූනි 29) අයවැය ඉදිරිපත් කිරීමට පෙර පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවෙන් රජයේ ඉදිරි ආර්ථික ක‍්‍රියාමාර්ග පවසමින්  කල කථාවෙන් පැහැදිලි ලෙස ඔප්පු විය.

මෙම තත්ත්වය තුළ ආණ්ඩුවට බොරු පොරොන්දු  දී රජයේ සේවකයන් අමාරුවේ දැමීමට හා ජනතාවගේ සහන කප්පාදු කිරීමට එරෙහිව ඉදිරියේදී වෘත්තීය ක‍්‍රියාමාර්ග සඳහා වැඩකරන ජනයා පෙලගස්වන බව අවධාරණයෙන් ප‍්‍රකාශ කරන්නෙමු.

සමන් රත්නප‍්‍රිය

No comments:

Post a Comment