Monday, December 13, 2010

2010 ජනාධිපතිවරණය ජනතා අපේක්ෂාවන් දිනවමු

2010 ජනවාරි මස 26 වන දින තවත් ජනාධිපතිවරයකු තෝරා ගැනීම සදහා මැතිවරණයක් පැවැත්වෙනු ඇත. මෙවර ජනාධිපතිවරණයේදී ජනතාවට පත්කර ගැනීමට සිදුවී ඇත්තේ වඩාත් සාර්ථකව යුධ කළ හැකි ජනාධිපතිවරයෙකි. එය එසේ වී ඇත්තේ වඩාත් කථාබහට ලක් වී ඇති මහින්ද රාජපක්‍ෂ සහ සරත් ෆොන්සේකා යන ජනාධිපති අපේක්‍ෂකයින් දෙදෙනාම තම යුධ හැකියාවන් සුදුසුකමක් ලෙස හුවා දැක්වීමයි.

මෙය අප රටේ අහම්බෙන් සිදුවූවක් ලෙස හෝ මෙම අපේක්‍ෂකයන් දෙදෙනාගේ පෞද්ගලික ගැටුමක් ලෙස අපි නොසලකන්නෙමු. ජනවාර්ගික ගැටඵවට දේශපාලන විසදුමක් ලබා දීම වෙනුවට යුධමය ක‍්‍රියාදාමයන් අනුගමනය කරමින් යුද්ධය තම පැවැත්ම ස`දහා උපයෝගී කර ගැනීම මෙතෙක් බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම ගෙන ගිය වැඩ පිළිවෙළේ අනිෂ්ඨ විපාකයක් ලෙස අපි සලකන්නෙමු. වසර 30 ක් පුරා ගෙන ගිය යුද්ධය හේතුවෙන් සමස්ත ශ‍්‍රී ලාංකික සමාජය තුළ යුධ මානසිකත්වයක් ගොඩ නගා ඇති අතර යුද්ධය නිම කිරීමෙන් පසුව වුවද දේශපාලන විසදුම් පසෙක තබා යුධ ජයග‍්‍රහණය මත පදනම්ව තම බලය තහවුරු කර ගැනීමට වත්මන් ජනාධිපති ගත් පියවරයන් නිසා මෙම තත්වය තවත් උග‍්‍ර වී ඇත.

සෑම මට්ටමකම සිවිල් පරිපාලන කටයුතු මෙහෙයවීම සදහා හමුදා නිළධාරීන් ද පත් කරමින් මේ වන විටත් සිවිල් පරිපාලනය තම පැවැත්ම ස`දහා හමුදාකරණය කර ඇත.

දැනටමත් ව්‍යවස්ථාදායක ආඥාදායකත්වයත් ගොඩනැගීමට උපයෝගී වී ඇති විධායක ජනාධිපති ක‍්‍රමයද තම බල අධිකාරිය ගොඩ නගා ගැනීමට මෙතෙක් බලයට පත්වූ ජනාධිපතිවරුන්  මෙවලමක් කර ගත් අතර විරුද්ධ පක්‍ෂවල මන්ත‍්‍රීන්වරුන් බිලී බා ගනිමින් විරුද්ධ පක්‍ෂය දුර්වල කරමින් තම බලය තහවුරු කර ගනිමින් අධිකාරීවාදී දේශපාලනය ශක්තිමත් කර ගත්හ.

යුද්ධය තම පැවැත්ම සදහා උපයෝගී කර ගැනීමේදී තමන්ට හීලෑ වූ හමුදා නායකයන් තෝරා ගැනීමට වත්මන් ජනාධිපති ගත් උත්සාහය සරත් ෆොන්සේකා මහතා අභියෝගයට ලක් කර ඇත. මෙම තත්වය තුළ අද ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා කථා කරනුයේ අප රටේ ජනතාවට බලපාන ගැටඵ ගැන හෝ යුධ මානසිකත්වයෙන් පෙලෙන සමාජය යළි සිවිල් සමාජයක් ලෙස ගොඩනැගීම සදහා වූ පියවර ගැන හෝ නොව දැඩි විනයකට සමස්ත සමාජයම ලක් කිරීම ගැනය.

යුද්ධය අවසන්වූ පසු වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ රටේ සංවර්ධන සංග‍්‍රාමය ජයග‍්‍රහණය කිරීම ස`දහා රාජ්‍ය සේවකයින් ඇතුඵ සියඵ පුරවැසියන් හමුදා විනයකින් යුතු කැප කිරීම් කිරීමට සූදානම් විය යුතු බවය. එහි සැබෑ අර්ථය නම් කම්කරුවන් අයිතිවාසිකම් ඉල්ලා සිටීම අත් හැර දමා, මානව හිමිකම් පසෙක තබා සංවර්ධනයට කැපවිය යුතු බවය. සංවර්ධනය යනු මානව සංවර්ධනයක් ලෙස නොසිතන පාලකයින්ට එය හුදු ඉලක්කම් වලින් ගණනය කරන සංවර්ධනයක් වේ. එහෙත් අප සමාජයට අද අවශ්‍ය වී ඇත්තේ නැතිවී ගිය සමාජ සාරධර්ම සහිත ජනතාවගේ උවමනාව සාක්‍ෂාත් කර ගන්නා  වූ සංවර්ධන ක‍්‍රියාවලියකි. එ සදහා යහ පාලනය ස්ථාපිත කිරීමට මූලික සාධකයක් ලෙස සම්මත කර ඇති 17 වන ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කිරීම, හදිසි නීති රෙගුලාසි අහෝසි කිරීම, ව්‍යවස්ථාදායක ආඥාදායකත්වයකට තුඩු දී ඇති විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම තමන් මැතිවරණයකදී තේරී පත්වන දේශපාලන පක්‍ෂ වලින් ඉවත් වී තම ලාභ ප‍්‍රයෝජන සදහා වෙනත් පක්‍ෂ වලට මාරු වී තම මන්ත‍්‍රී ධූරය තව දුරටත් තබා ගෙන යාමට ඇති නිර්ලැජ්ජිත අවස්ථාව අහෝසි කිරීම වැනි මූලික පූර්ව කොන්දේසි ක‍්‍රියාත්මක කිරීම සහ රට තුළ පරිපාලනය සිවිල් නිළධාරීන්ට සීමා කරමින් මේ වන විටත් එවැනි පරිපාලනයක් සදහා පත් කර ඇති හමුදා නිළධාරීන් ඉවත් කිරීම සදහා ජනාධිපති අපේක්‍ෂකයින්ගේ කැපවීම මෙහිදී  සහතික කර ගත යුතුව ඇත.

රට තුල ක‍්‍රියාත්මක වන විවෘත ආර්ථික ක‍්‍රමය හදුන්වා දීමෙන් පසු බලයට පත් සෑම ආණ්ඩුවක්ම විවිධ මුහුණුවරින් එය ක‍්‍රියාත්මක කර ඇති අතර, එහි මූලික සිද්ධාන්තයක් ලෙස සැවොම හුවා දක්වන්නාවු පෞගලික අංශය ආර්තිකයේ ගාමක බලවේගය නොහොත් එන්ජිම යන මූලික පිලිවෙත වැරදි සහගත සහ අසාර්තක ක‍්‍රමයක් බව දැනටමත් ප‍්‍රයෝගිකව සනාත වි ඇත. එබැවින් ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සපුරාලිය හැකි විකල්ප ආර්තික ක‍්‍රමයන් ගැනද ජනාධිපතිවරණය තුල සංවාදවයට ලක් කිරීම යෝග්‍ය වේ.

සරත් ෆොන්සේකා මහතා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බව කිවද එය කරන ආකාරය හා එහිදි සංශෝදයට ලක් කරන බලතල මොණවාද යන්න පැහැදිලිව රටට හෙලිදරව් කළ යුතුය.

එසේම සමස්ථ ලෝක මානව වර්ගයාගේ යහ පැවැත්ම සදහා අන්තර් ජාතික වශයෙන් පිළිගෙන ඇති විශ්ව මානව හිමිකම් ප‍්‍රඥප්තීන් සහ අන්තර් ජාතික සම්මුතීන් වලින් සහතික කර ඇති අයිතිවාසිකම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ ප‍්‍රතිපාදන මගින් තහවුරු කිරිම සදහා අවශ්‍ය පියවර ගන්නා බවට ජනාධිපතිවරණ අපේක්ෂකයන් එකඟකරවා ගත යුතුය.

එසේම, මහජන සෞඛ්‍ය සේවාවන් හුදු ලාභ උපයන ව්‍යාපාර බවට පත් කර ඇති වත්මන් ප‍්‍රතිපත්තීන් වෙනුවට සැබෑ මහජන සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කර ගැනීමත් රැුකියා සඳහා පුහුණු කරන අධ්‍යාපන ක‍්‍රමයක් මෙන්ම රටට වැඩදායී පුරවැසියන් සහ බුද්ධිමතුන් බිහි කරන අධ්‍යාපන ක‍්‍රමයක් සකස් කර ගැනීමද සමාජ සංවර්ධනයේ අත්‍යවශ්‍ය සාධක ලෙස අපේක්‍ෂ්කයන්ට පිළි ගැන්විය යුතුව ඇත.

තවද, අප සමාජයට අවශ්‍යවී ඇත්තේ පාලකයින්ගේ අවශ්‍යතාවයන් සපුරාලීමට ඇති කරන්නාවූ විනයක් නොව සමාජ සංවර්ධනයෙන් සහ තම මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමෙන් ලබන තෘප්තිය මත ජනතාව තුළ ස්වයං විනයක් සකස් වන පරිසරයක් ගොඩ නැගීමයි.

එසේම සමස්ත සමාජය පුරා ඉහළ සිට පහලට ඔඩු දුවා ඇති දූෂණය සහ වංචාව පිටු දකිමින් එ්වා තුරන් කිරීමේ අවශ්‍යතාවය ගැන මෙවර ජනාධිපතිවරණයේදී මතු වීම වැදගත් ලෙස සලකන අතර එසේ තුරන් කරන්නාවූ දුෂණය සහ වංචාව තුළින් රටට අහිමි වූ ප‍්‍රතිලාභ ජනතා අවශ්‍යතාවයන් සපුරා ගැනීම සදහා යොදවා ගන්නා ක‍්‍රමයන් පිළිබඳ අපේක්ෂකයන් ජනතාවට හෙලි දරව් කර කළ යුතුය.

එවැනි පූර්ව කොන්දේසි සහිත ක‍්‍රියා මාර්ගයකට ජනාධිපති අපේක්‍ෂකයින් ප‍්‍රසිද්ධියේ එකග කරවා ගැනීමක් මගින් සහ එ්වා ක‍්‍රියාත්මක කරවා ගැනීමට බලකෙරෙන ජනතා පෙළ ගැස්වීමකින් තොරව හුදු පොරොන්දු වලින් ගහන මෙවර මැතිවරණයෙන් කවුරු දිනුවත් ජනතාව පරදින බව නිසැකය.

එනිසා එවැනි පූර්ව කොන්දේසි සදහා ජනාධිපති අපේක්‍ෂකයින්ට බල කරන සහ එම පොරොන්දු ඉටු කර ගැනීම සදහා අඛණ්ඩව පෙළ ගැසී ජනාධිපතිවරණයෙන් පසුවද ඉන් අනතුරුව එළඹීමට නියමිත මහාමැතිවරණයෙන් හා ඉන් පසු ඉදිරියේදී ද  අඛණ්ඩව පෙල ගැසෙන්නාවූ ජනතා ව්‍යාපාරයක් තුළින් ජනතා අපේක්‍ෂාවන් සහතික කර ගැනීමට පෙළ ගැසෙමු. එ සදහා ”ජනාධිපති වරණයේදී ජනතා අපේක්ෂාවන් දිනවමු” යන තේමාව යටතේ බිහිවූ කම්කරු අයිතිවාසිකම් සහ මහජන ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රවාදය සදහා වූ සංවිධාන එකතුව සමග අත් වැල් බැදගන්නා ලෙස සියඵ ජන කොටස් වලට ආරාධනා කරන්නෙමු.

No comments:

Post a Comment