Tuesday, December 14, 2010

කැබිනට් එක අනුමත කල හෙද ව්‍යවස්ථාව වහා සංශෝධනය කල යුතුයි

කැබිනට් එක අනුමත කල හෙද ව්‍යවස්ථාව වහා සංශෝධනය කල යුතුයි

අප සංගමය මගින් ඔක්තෝබර් 25 දින හා නොවැම්බර් 10 දින ගනු ලැබු වැඩ වර්ජන ක‍්‍රියාමාර්ග හමුවේ කැබිනට් මණ්ඩලය විසින් එතෙක් පැත්තකට දමා තිබු හෙද ව්‍යවස්ථාව නොවැම්බර් 10 දින කැබිනට් මණ්ඩලයේදී සම්මත කල බව ප‍්‍රකාශ විය.

නමුත් සම්මත කල මෙම ව්‍යවස්ථාව තුළ හෙද සේවාවට අදාළව පවතින මූලික ගැටඵවලට විසදුමක් ලබා දී නැත. එබැවින් පහත සඳහන් යෝජනා ඇතුලත් කර හෙද ව්‍යවස්ථාවට, නැවක කැබිනට් සංශෝධනයක් ඇතුලත් කල යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයාට අවධාරණය කල යුතුව ඇත.


1. දැනට විශ්ව විද්‍යාල වලින් පිටවී ඇති හෙද උපාධිධාරීන් රාජ්‍ය සෞඛ්‍ය සේවාවට බඳවා ගැනීම සඳහා නීතිමය පදනමක් මෙම ව්‍යවස්ථාවේ සඳහන්ව නොමැති අතර, එය ඇතුලත් කල යුතුය.


2. ප‍්‍රජා සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය විදේශ රටවල පවා ක‍්‍රියාත්මක කෙරෙන ප‍්‍රජා සෞඛ්‍ය හෙද නිළධාරී තනතුර ඇතිකිරීමට අවශ්‍ය ලිඛිත ප‍්‍රතිපාදන ඇතුලත් කල යුතුය.


3. පිරිමි හෙද නිළධාරින් දැනට බඳවා ගැනීමේ ප‍්‍රතිශතය 5‍% ක් වන අතර, එය 20‍%දක්වා වැඩි කිරීමට අදාල නීති ඇතුලත් කල යුතුය.


4. රාජ්‍ය සේවාවේ ආකාරයටම කුසලතාවය මත පත්වීම් හා උසස් වීම් දෙන ක‍්‍රමයක් ස්ථාපිත කරන යෝජනා ඇතුලත් කල යුතුය.


හෙද සේවාව සංවර්ධනය කිරීම සඳහාත් දැනට සේවාව තුළ පවත්න නීතිමය අඩුපාඩුකම් සම්පූර්ණ කිරීම සඳහාත් මෙම යෝජනා ඇතුලත් අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් සකසා අමාත්‍ය මණ්ඩලයට යොමුකර එය සම්මත කල යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයාට අවධාරණය කරන්නෙමු.


එසේ නොකර ”හෙද ව්‍යවස්ථාව අප සම්මත කර දුන්නා – දැන් ඉතින් ප‍්‍රශ්ණ අවසානයි” යන සංකල්පයේ සෞඛ්‍ය බළධාරීන් සිටින්නේ නම් එය මුලාවකි. සම්මත කරන ලද හෙද ව්‍යවස්ථාවට අප සංගම් වලින් ඉදිරිපත් කරන ලද සංවර්ධන යෝජනා විශාල ප‍්‍රමාණයක් සංගම්වලට නොදන්වාම කප්පාදු කර ඇති බවද පාලකයන්හට සිහිපත් කල යුතුව ඇත. 



No comments:

Post a Comment