Monday, December 13, 2010

කම්කරු අයිතීන් හා මහජන ප‍්‍රජාත‍්‍රන්‍ත්‍රවාදය සඳහා වූ සංවිධාන එකතුව විසින් 2010 ජනවාරි 26 වන දින ජනාධිපති තනතුරට තරග කරන අපේක්ෂකයින්ට සහ ජනතාවට ඉදිරිපත් කරන සංදේශයයි.

කම්කරු අයිතීන් හා මහජන ප‍්‍රජාත‍්‍රන්‍ත්‍රවාදය සඳහා වූ සංවිධාන එකතුව විසින් 2010 ජනවාරි 26 වන දින ජනාධිපති තනතුරට තරග කරන අපේක්ෂකයින්ට සහ ජනතාවට ඉදිරිපත් කරන සංදේශයයි.

ඒ ඒ රටවල ජනාධිපති තනතුරට හිමි බලතල අනුව සහ එම රටවල දේශපාලන හැඩගැස්ම අනුව ජනාධිපති තනතුර දේශපාලන ධූරාවලියේ ස්ථානගත වේ. අප රටේ දැනට පවතින ජනාධිපති තනතුර අසීමිත විධායක බලතල සහිත තනතුරක් බවට පත්ව ඇත. එය දේශපාලන ධූරාවලියේ උපරිම ස්ථානයේ පිහිටුවා ඇත. මහජන මන්ත‍්‍රී සභාවේ බලතල හීනවී ඇත. 


2010 ජනවාරි 26 වැනි දින පැවැත්වෙන ජනාධිපති මැතිවරණය ගැන අවධානය දැක්විය යුත්තේ මෙම කරුණු ගැනද සිහියේ තබාගෙනය. 

එම මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් වෙත පහත සදහන් නියෝජනයන් ඉදිරිපත් කිරීමට අප අදහස් කරන්නෙමු.

01    මානව අයිතිවාසිකම් තහවුරු කොට යහ පාලනය ඇති කිරීම.
  • ජනාධිපති තනතුරට ලබාදී ඇති විධායක බලතල ඉවත් කිරීම සහ අගමැති ඇතුථ කැබිනට් මණ්ඩලයට විධායක බලතල පැවරීම
  • යම් මන්ත‍්‍රි වරයෙක් (පාර්ලිමේන්තු පලාත් සභා / පලාත් පාලන)තම දේශපාලන පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂයකට යන්නේ නම් ඔහුගේ හො ඇයගේ මන්ත‍්‍රිදූරය අවලංගු කෙරෙන නීතිමය ප‍්‍රතිපාදන ව්‍යවස්තාවට ඇතුලත් කිරීම.
  • ව්‍යවස්ථා සභාව ස්ථාපිත කොට ස්වාධීන කොමිෂන් සභා ක‍්‍රියාත්මක කිරීම
  • ජනවාර්ගික ගැටලූවට බලය බෙදීම මත පදනම් වු දේශපාලන විසදුමක් ලබාදීම
  • ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත හා දැනට ක‍්‍රියාත්මක වන හදීසි නීති රෙගුලාසි හා  හදිසි නීතිය ඉවත් කිරීම
  • මාධ්‍ය නිදහස සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය නීති මගින් සහ ක‍්‍රියාකාරී ලෙස තහවුරු කිරීම
  • රට තුල අයිතිවාසිකම් උල්ලංඝණය වන පුරවැසියන් හට ජාත්‍යන්තර ආයතන වලට පැමිණිලි කිරීමේ අයිතිය නීතියානුකූලව තහවුරු කිරීම
  • රාජ්‍ය ආයතන වල අරමුදල් පාලනය විධිමත් කිරීම සහ එවැනි අරමුදල් අක‍්‍රමවත් අයුරින් පරිහරණය කිරීම සාපරාධී ක‍්‍රියා ලෙස සලකා කටයුතු කිරීමට ස්වාධීන ආයතනයක් පිහිටුවීම
02 රාජ්‍ය හා පෞද්ගලික අංශය විධිමත් කිරීම හා කම්කරු අයිතීන් තහවුරු කිරීම.
  • දේශපාලකයින්ගේ හෝ වෙනත් බළධාරීන්ගේ හිතු මනාපයට ආණ්ඩුවේ ආයතන වල රැකියා ලබාදීම නතර කොට, සෑම පුරවැසියෙකුටම සුදුසුකම් අනුව  ඕනෑම රැකියාවක් ලබා ගැනීමට ඉඩකඩ විවෘත කරන වැඩ පිලිවෙලක් සකස් කිරීම.
  • පළාත් බද ආණ්ඩුවේ තනතුරු සඳහා ඒ ඒ පළාත් ජනවාර්ගික පදනම අනුව තෝරා ගැනීම.
  • ආණ්ඩුවේ සහ පලාත්බද තනතුරු සඳහා 30% ට නොඅඩු ප‍්‍රමාණයක් ස්ත‍්‍රීන්ට ලැබෙන පරිදි බඳවා ගැනීම් කිරීම.
  • ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වෘත්තීය සමිති පිහිටුවීම හා සාමූහික කේවල් කිරීම ඇතුලූ අංක 87 සහ 98 දරණ ප‍්‍රඥප්ති බාධාවකින් තොරව ක‍්‍රියාත්මක කෙරෙන ප‍්‍රතිපාදන නෛතික ලෙස සහ ක‍්‍රියාවෙන් ද තහවුරු කිරීම
  • වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂම ව්‍යවස්ථාදායක සභාව හරහා පත්කිරීම
  • රාජ්‍ය සේවය හා අධ්‍යාපන වැටුප් ව්‍යුහයක් ස්ථාපිත වූ 06/2006 රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛය අවලංගු කර සාධාරණ නව වැටුප් ව්‍යුහයක් රාජ්‍ය සේවාවට ව්‍යවස්ථාපිත මණ්ඩල වලට ස්ථාපිත කිරීම
  • රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිකුත් කල 1589/30 අංක දරන චක‍්‍රලේඛය අවලංගු කිරීම.
  • රජයේ සේවකයින්ට, පැරණි ක‍්‍රම වේදය මත ගණනය කෙරෙන ජීවන වියදම් දර්ශකයේ ඒකකයන් සඳහා රු. 2.50 බැගින් මාසිකව වැඩි කිරීම සහ එම ජීවන වියදම් දර්ශකය මත ගෙවිය යුතු හිග මුදල වන රු. 3158/- මුදල ගෙවීමට කටයුතු කිරීම.
  • රජයේ සේවකයින්ගේ වැටුප් වලට අදාලව නිකුත් කරන ලද සියලූම චක‍්‍රලේඛ වෘත්තීය සමිති සමග සාකච්ඡා කොට විශමතා ඉවත් කිරීම සහ අලූත් වැටුප් පරිමාණ වලට ගැලපීමේදී පියවරෙන් පියවරට ගැලපීමට පියවර ගැනීම
  • පුද්ගලික අංශයේ සේවකයින්ට ජීවත් වීමට සරිලන වැටුපක් ගෙවීම සහතික කිරීම සහ එහි ආරම්භක පියවර වශයෙන් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප රු. 5000 කින් වැඩි කිරීම
  • පෞද්ගලික අංශයේ කාර්මික ආරවුල් විසදීම සඳහා බලය පැවරී ඇති කම්කරු දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවය සහ දූෂණයන් තුරන් කිරීම සඳහා විධිමත් වැඩ පිලිවෙලක් සකස් කිරීම
  • කර්මාන්තශාලා වැසීම නිසා අහිමිවන පෞද්ගලික අංශයේ කම්කරුවන්හට විරැකියා ප‍්‍රතිලාභ රක්ෂණ ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීමට භඛ්ඣ ගත් තීරණයන් ක‍්‍රියාත්මක කිරීම.
  • ධීවරයන්ට බලපාන ආරක්ෂිත අවසර පත‍්‍ර ක‍්‍රමය අහෝසි කිරීම හා ධීවර රැකියාවට ඇති තහංචි නීතියානුකූලව ඉවත් කිරීම.
  • වතු කම්කරුවන්ගේ සුභසාධන පහසුකම් වැඩිකර ජීවත්වීමට සරිලන අවම වැටුපක් ලබාදීම.03  ජනතාවට ආර්ථික සහන ලබාදීම මහජන සේවා විධිමත් කිරීම හා ජාතික සංවර්ධනයට අදාලව
  • අත්‍යාවශ්‍ය පරිභෝජන භාණ්ඩ වල මිල අධික ලෙස ඉහළ යාමට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ එම භාණ්ඩ  සඳහා ආණ්ඩුව පනවන බදු මුදල් බැවින් එවැනි භාණ්ඩ සඳහා පනවා ඇති බදු ඉවත් කිරීම.
  • පෙට‍්‍රල් ඞීසල් හා භූමීතෙල් වලට පනවා ඇති අධික බදු ඉවත් කිරීම.
  • ජාතික සෞඛ්‍ය ප‍්‍රතිපක්තියක් හා ජාතික ‍ඖෂධ ප‍්‍රතිපක්තියක් නීතිගත කර ක‍්‍රියාත්මක කිරීම.
  • ජාතික සංවර්ධනය සදහා කෘෂීකර්මය අත්‍යවශ්‍ය සාධකයක් බව පිලිගෙන එය දියුනු කිරීම සඳහා ජාතික ප‍්‍රතිපක්තියක් සකසා ක‍්‍රියාත්මක කිරීම.
  • රැුකියා සඳහා පුහුණු කිරීම මෙන්ම උගතුන් හා බුද්ධි මතුන් බිහිකරන අද්‍යාපන ප‍්‍රතිපක්තියක් සකස් කර  ක‍්‍රියාත්මක කිරීම.
  • කලානිර්මාන කරුවන්ගේ හා නිර්මාන කප්පාදු කිරීම් වලට ලක්නොවේන නිදහසි පරිසරයක් අති කිරීම.

No comments:

Post a Comment