Tuesday, December 14, 2010

හෙද ව්‍යවස්ථාව පිළිබඳ වෛද්‍ය සංගමයේ නිවේදනයට විරෝධය පළකිරීම

හෙද ව්‍යවස්ථාව පිළිබඳ වෛද්‍ය සංගමයේ නිවේදනයට විරෝධය පළකිරීම

06/006 වැටුප් චක‍්‍රලේඛයට අදාළව එක් එක් සේවාවන්හි ව්‍යවස්ථා සංශෝධන කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවති. ඒ අනුව හෙද සේවාවේ ව්‍යවස්ථාවද සංශෝධනයට ලක් වෙමින් ඇත.



සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේ වන විට සකසා ඇති කෙටුම්පතෙහි ඇතැම් කරුණු හෙද සේවාවට ඉතාමත් හානිකර අන්දමින් බලපාන බැවින් අහිත කර කරුණු ඉවත් කර අප සංගමයේ යෝජනා ද ලබා ගෙන ඒවා සැලකිල්ලට ගනිමින් සේවාවට හානි දායක නොවන අයුරින් හෙද ව්‍යවස්ථා සංශෝධනය කරන ලෙස අප සංගමය ඉල්ලා ඇති අතර, බළධාරීන් එයට එක`ගතාවය පළකර ඇත.

නමුත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සිය නිවේදනය මගින් කියා සිටින්නේ අදාළ ව්‍යවස්ථා සංශෝධන මගින් පවුල් සෞඛ්‍ය හා අතුරු වෛද්‍ය සේවාවන්ටත්, වෛද්‍ය සේවාවටත් බලපෑම් ඇතිවන බැවින් හෙද ව්‍යවස්ථාවේ සංශෝධන එම සංගමයට ද ලබා දෙන ලෙසයි. එම ඉල්ලීම සම්බන්ධයෙන් රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ දැඩි විරෝධය හා පිළිකුල පල කර සිටින අතර, අප සංගමය කියා සිටින්නේ හෙද සේවාව පිළිබඳ බලපෑම් කිරීමට එම සංගමයට කිසිදු නිත්‍යානූකූල හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.

විශ්ව විද්‍යාල හෙද අධ්‍යාපනය කප්පාදු කිරීම සඳහා මේ වන විටත් නිර්ලජ්ජිත ලෙස කටයුතු කරන වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඉන් නොනැවති, හෙද සේවාවේ සිය`ඵ අයිතීන් හා වරප‍්‍රසාද කප්පාදු කිරීමට දිගින් දිගටම උත්සාහ දරන්නේ සෞඛ්‍ය සේවයේ පොල්මඃක්කරුවන් තමන් යැයි බරපතල වැරදි වැටහීමක පිහිටාගෙනය.  එමෙන්ම මේ වන විට හෙද සේවාව පාගා දැමීමේ ඔවුන්ගේ කුමන්ත‍්‍රණකාරී පිළිවෙත හෙළිදරව් වී ඇති බැවින්, පවුල් සෞඛ්‍ය හා වෙනත් සේවාවන් පිළිබඳ කිඹුල් කදුඵ හෙළමින් ඔවුන්ගේ දීන අරමුණු සාක්ෂාත් කර ගැනීමට සූක්ෂම ලෙස කටයුතු කරමින් සිටි. 06/2006 වැටුප් චක‍්‍රලේඛය මගින් පවුල් සෞඛ්‍ය හා අතුරු වෛද්‍ය සේවාවන්ටද බරපතල වැටුප් අසාධාරණයක් සිදුවූ අවස්ථාවේ එම සේවාවන් වෙනුවෙන් පෙනී නොසිට දැන් එම සේවාවන් වල සංගම්වලටද වඩා ඔවුන්ගේ අයිතීන් අහිමි වන බවට මරහ`ඩ තලන්නේ ඇයිද යන්න සිහිබුද්ධියෙන් යුතුව විමසා බැලිය යුතුය.

එබැවින් අප සෞඛ්‍ය බළධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වෛද්‍ය සංගමයේ බලපෑම් වලට යට නොවී හෙද සේවාවේ ගරුත්වය ආරක්ෂා වන ලෙස හා අභිවෘද්ධියට හේතු වන ලෙස හෙද ව්‍යවස්ථා සංශෝධන සිදු කරන ලෙසයි.

ජයන්ත විමලසිරි

No comments:

Post a Comment