Tuesday, December 14, 2010

නිදහසට කරුණු විමසීම – වෘත්තීය සමිති මර්දනීය පියවරක්

නිදහසට කරුණු විමසීම – වෘත්තීය සමිති මර්දනීය පියවරක්

වෘත්තීය සමිති වලට එරෙහි නීත්‍යානූකූල නොවන ක‍්‍රියාමාර්ග වලක්වන ලෙස ඉල්ලීම රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය ඔක්තෝබර් 25 දින ක‍්‍රියාත්මක කල සේවාවෙන් ඉවත්වීමේ ක‍්‍රියාමාර්ගය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මර්දනීය තත්ත්වයන් පෙරට ගනිමින් ඇත. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සනින් රෝහල් වලට 2010/10/26 දින ලිපියක් යවමින් ක‍්‍රියාමාර්ගයට සහභාගී වු හෙද නිළධාරීන්ගේ නාම ලේඛනයක් ලබා දෙන ලෙසත්, ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසා අදාල පිළිතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයට එවන ලෙසත් රෝහල් බළධාරීන්ට ලිඛිතව දන්වා ඇත.

මෙම ක‍්‍රියාමාර්ගය වෘත්තීය සමිති බිය ගැන්වීමට, මර්දනය කිරීමට ගන්නා ලද නීත්‍යානූකූල නොවන ක‍්‍රියාවක් බව ප‍්‍රකාශ කරන්නෙමු.

ලංකාවේ ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියට අනුව වෘත්තීය සමිති නිදහස තහවුරු කර ඇති අතර, 1935 පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති වෘත්තීය සමිති ආඥ පනතෙන් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග තවදුරටත් තහවුරු කර ඇත. එසේම මෙයට අදාළව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක 87 හා 98 ප‍්‍රඥප්ති වලින් වෘත්තීය සමිති නිදහස හා වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමේ නිදහසද තහවුරු කර ඇති අතර, එම ප‍්‍රෙඥප්ති වලට ලංකා ආණ්ඩුව අත්සන් කර ඇති බවද, මතක් කරමු. 

මෙවැනි තත්ත්වයක් තුළ නීත්‍යානූකූලව ගත් වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් මර්දනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැරසෙන්නේ නම් එයට කිසිසේත් ඉඩදිය නොහැකි බව පෙන්වා දෙන්නෙමු. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ උවමනාවට සෞඛ්‍ය බළධාරීන් මෙසේ හැසිරෙන්නේ නම් එය වැළැක්වීම ඔබතුමාගේ වගකීම බවද පෙන්වා දෙන්නෙමු. 

මෙයට පෙරද 2008 සෞඛ්‍ය වර්ජනයේදී වර්ජකයන්ගෙන් නිදහසට කරුණු විමසීමට එවකට හිටි සෞඛ්‍ය ලේකම් ලිපියක් නිකුත් කර අවසානයේදී එය ඔහු විසින්ම අවලංගු කල බවද පෙන්වා දෙන්නෙමු. 

එබැවින් මෙම මර්දනය නතර කර අධ්‍යක්ෂ ජනරාල් නිකුත් කරන ලද එම ලිපිය අවලංගු කරන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලන අතර, එසේ නෙවාන්නේ නම් අකමැත්තෙන් වුවද මෙම අසාධාරණයට විරුද්ධව කටයුතු කිරීමට සිදුවන බව පෙන්වා දෙන්නෙමු.

ස්තූතියි.
සමන් රත්නප‍්‍රිය

No comments:

Post a Comment