Tuesday, December 14, 2010

ඇමතිවරයෙකු විසින් සමෘද්ධි නිළධාරියෙකු ගස් බැදීම රටේ කැලෑ නීතීය රජ කර වීමක්

ඇමතිවරයෙකු විසින් සමෘද්ධි නිළධාරියෙකු ගස් බැදීම රටේ කැලෑ නීතීය රජ කර වීමක්

 

ඩෙංගු මර්ධන වැඩසටහනකට සහභාගී නොවූවේයැයි කියමින් 2010 අගෝස්තු 03 දින නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් සමෘද්ධී නිළධාරීයෙකු ගසකට තබා බැද දමා ඇත.

කැලණිය ප‍්‍රදේශයේ පැවති ඩෙංගු මර්දන සමාලෝචන රැස්වීමක දී සිදු කර ඇති මෙම ක‍්‍රියාවට මුහුණ දී ඇත්තේ සමෘද්ධී නිළධාරී මොහොමඞ් ඊෂාඞ් මහතා වන අතර මෙය ඉතා පහත් නින්දිත ක‍්‍රියාවක් ලෙස අපි සලකන්නෙමු.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ක‍්‍රියාව සිදු කරද්දී පොලිස් නිළධාරීන් එම ස්ථානයේ බලාගෙන සිටි අතර (විද්‍යුත් මාධ්‍ය මගින් ප‍්‍රදර්ශණය විය) ඔවුන් නීතිය ඉටු නොකිරීම ද පුදුම සහගතය.

රජයේ නිළධාරීයෙකු තම රාජකාරිය ඉටු නොකලේ නම් ඒ පිළිබද ක‍්‍රියා කිරීමට රාජ්‍ය සේවාවේ පොදු නීතිය සදහන් ආයතන සංග‍්‍රහයට අනුව හා විනය නීති රීති සංග‍්‍රහයට අනුව සිදු කළ යුතු අතර එයට බාහිර ආකාරයෙන් අමාත්‍යවරයෙකු කි‍්‍රයා කිරීම බරපතල වැරැද්දකි. රටේ වගකිය යුතු නියොජ්‍ය අමාත්‍යවරයෙකු මෙසේ නීතීය අතට ගෙන ක‍්‍රියා කිරීම තුළ රටේ සාධාරණ යුක්තිය හා නීතිය කි‍්‍රයාත්මක නොවන බවත් පවතින්නේ කැලෑ නීතිය බවත් රටට ඔප්පු කර පෙන්වා ඇත.

එසේම මෙවැනි පහත් තත්ත්වයකට රජයේ සේවකයන් හා නිළධාරීන් ඇද දැමු විට ඔවුන් තම රාජකාරී හා සේවාවන් ගෞරවාන්විතව කෙසේ ඉටු කරන්නේද යන්න පිළිබදව බරපතල ප‍්‍රශ්ණයක් පැන නගී.

 

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් පවතින රටක මෙවැනි සීදුවීම් හා පැවතුම් සිදු නොවීය යුතු අතර මෙම සිදුවීම හා මෙයට වගකිව යුතු නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිබදව ගන්නා තීරණය කුමක්දැයි අපි රජයෙන් හා ජනාධිපතිවරයාගෙන් ප‍්‍රශ්ණ කරන්නෙමු.

එසේම මෙම අසාධාරණයට හා රජයේ සේවකයන්ගේ ගෞරවය කෙලෙසීම පිළිබදව අදාල නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විනය පියවර ගන්නා මෙන් ඉතා  ඕනෑ කමින් රජයෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු.

සමන් රත්නප‍්‍රිය

No comments:

Post a Comment