Monday, December 13, 2010

රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය ජාත්‍යන්තර හෙද දිනය උත්සවාකාරයෙන් සමරයි.

රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය ජාත්‍යන්තර හෙද දිනය උත්සවාකාරයෙන් සමරයි.

මැයි 12 දිනට යෙදෙන ජාත්‍යන්තර හෙද දිනය (ෆ්ලෝරන්ස් නයිටිංගේල් මැතිනියගේ ජන්ම දිනය) රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය විසින් 2010-05-12 දින කොළඹදී උත්සවාකාරයෙන් සමරන ලදී.

කොළඹ ජයවර්ධන කේන්ද්‍ර ශ‍්‍රවණාගාරයේදී පැවැත්වූ සැමරුම් උත්සවය සදහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහභාගී විය. එසේම ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිළධාරීන්, වෘත්තීය සමිති නායකයන්, හෙද සේවාවේ ඉහල වෘත්තීකයන්, සේම ජාත්‍යන්තර කම්කරු සංවිධායේ නියෝජිතයෙක්ද සහභාගී වූ අතර දිවයිනේ සියලූ පළාත් නියෝජනය කරමින් සිංහල, දමිළ, මුස්ලිම් ආදී ලෙස විශාල හෙද නිළධාරීන් සංඛ්‍යාවක් සහභාගී වීම කැපී පෙනුනි.

මෙහිදි විශේෂාංග ලෙස
* ෆ්ලෝරන්ස් නයිටිංගේල් පිළිරුවට උපහාර දැක්වීම.
* නයිටිංගේල් ප‍්‍රතිඥාව ඉදිරිපත් කිරීම.
* සාධුජනරාව ගී ප‍්‍රසංගය
* නයිටිංගේල් උපහාරතිලින රෝහල් වලට ප‍්‍රදානය කිරීම.
* සංගමය නිර්මාණය කළ රත්න ශ‍්‍රී විජේසිංහයන් රචනා කළ නයිටිංගේල් උපහාර ගීතය ගැයුම.
* ”සත්කාර” අධ්‍යාපන සගරාවේ මංගල කලාපය එළිදැක්වීම.
* හෙද දිනය වෙනුවෙන් පැවැත් වූ රචනා හා පොස්ටර් තරගයේ ජයග‍්‍රාහකයන් හට පදක්කම් හා සහතික පිරිනැමීම යන විශේෂාංග ඉදිරිපත් කරන ලදී.



මෙහිදි සභාව ඇමතු සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා – හෙද සේවාව උතුමි වෘත්තීයක් බවත්,  ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේදී හෙද නිළධාරීන්ගේ ඉතා උසස් දායක්තවයක් ලැබෙන බවත්, හෙද සේවාවට අසාධාරණයක් නොවන අයුරින් ඉදිරියේදී කටයුතු කරන බවත්, ප‍්‍රකාශ කරන ලදී. තව දුරටත් අහස් දක්වමින්, වර්තමානයේ පවතින ඖෂධ හි`ගයට කඩිනමින් විසදුම් ලබාදෙන බවත් ඩෙංගු වැනි වසංගත රෝග මැඩපැවැත්වීම සදහා සාමූහික වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන බවත් ප‍්‍රකාශ කරන ලදී.



මෙහිදි සභාව ඇමතු රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා – වෘත්තීය සමිති ලෙස අයිතිවාසිකම් වෙනුවෙන් ක‍්‍රියාකිරීම වගේම වගකිව යුතු වෘත්තීයක් වන හෙද සේවාවේ සමාජ වගකීම හදුනාගෙන සංගමය කටයුතු කරන බවත් එහි එක් අවස්ථාවක් ලෙස හෙද සේවාවේ නිර්මාතෘවරියට කරන කෘතගුණ සැලකීමක් ලෙස මෙම සැමරුම සංවිධානය කළබවත් පැවසීය. එසේම තව දුරටත් අදහස් දක්වමින් – හෙද සේවාවට විසදා ගතයුතු ගැටඵ රාශියක් ඇති අතර, හෙද උපාධිය වසර හතරේ සිට තුන දක්වා කප්පාදු කිරීම, 1984න් පසු හෙද ව්‍යවස්ථාව සංශෝධනය නොවීම, 1988 පාර්ලීමේන්තුවේ සම්මත වූ හෙද සභා පනත ක‍්‍රියාත්මක නොවීම, වැටුප් විෂමතා, හෙද පුහුණු කාලය වසර 3 1/2 දක්වා දීර්ඝ නොකිරීම වැනි ගැටඵ සදහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කඩිනම් අවධානය යොමු කරන බවත් වෘත්තීය සමිති හා සෞඛ්‍ය පාලකයන් අතර හොද සහයෝගීතාවයක් වර්ධනය කර ගැනීම ඵලදායක සෞඛ්‍ය සේවාවක් ඇතිකිරීම සදහා අත්‍යවශ්‍ය සාධකයක් බවත් පවසන ලදී.

විපක්ෂය නියෝජනය කරමින් පාර්ලීමේන්තු මන්ත‍්‍රීනී රෝසි සේනානායක මහත්මියද අදහස් ප‍්‍රකාශ කරන ලදී. පාර්ලිමේන්තු මන්ත‍්‍රි වාසුදේව නානායක්කාර මහතාද මෙම උත්සවයට සහභාගි විය.

මෙහදි හිටපු හෙද අධක්ෂිකා කරුණා සරංගු හේවා සහ කුසුම් විතාන යන මහත්මීන්ද සෞඛ්‍ය අමාත්‍යංශයේ නියොජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙරන්ස් ගාමිණි සිල්වා මහතාද අදහස් ප‍්‍රකාශ කරන ලදී.


සමන් රත්නප‍්‍රිය,
සභාපති
(රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය)

No comments:

Post a Comment